ස්වස්ථායු අරණ - Swasthayu Arana

ස්වස්ථායු අරණ - Swasthayu Arana

Comments

කප්පරවල්ලියපැලැටියෙ හා ඉරිවෙරිය පැලැටිය පහසුවෙන් හදුනාගන්න පුලුවන්වෙනස් කම් තියනවද
Akmawa ati gadi walata bahathk tiyanwad
හදවත සම්බන්ධ බෙහෙත් කරන වෙදමහත්තයෙක් ඉන්නව නම් දුරකථන අංකය දෙන්න පුළුවන් ද

රෝග නම් වූ රුදුරු කතරට ආයුර්වේදයෙන් ප

Photos from ස්වස්ථායු අරණ - Swasthayu Arana's post 12/12/2022
11/07/2022

සෙමට නැතිවම බැරි #ආඩතෝඩා

🌱Adathoda vasica nees යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් සමන්විත මෙය Acanthacea කුලයට අයිති වේ. සිංහලෙන් ආඩතෝඩා , පාවට්ටා , වනේපල , අගලාදාර යන නම් භාවිතා කරන අතර සංස්කෘත භාෂාවෙන් වාසා කියන නම භාවිතා කරයි . malbar nut යන ඉංග්‍රීසි නාමය භාවිතා කරයි .

🌱මෙම ශාකය බහුවාර්ෂික පඳුරු ආකාර මීටර් එකක් දෙකක් පමණ උස සම්මුඛව විහිදුණු ඉහලට යන හරහාට විහිදුණු අතු දැකිය හැකිය. කඳ සිලින්ඩරාකාර වේ. ළපටි කාලෙ මුදු රෝම සහිත ශාකයකි .

🌱විශාල පත්‍ර පවතී. ඒවා සරල පත්‍ර වින්‍යාසයක් සහිත වේ . පත්‍ර සම්මුඛව පිහිටයි . එම පත්‍ර යුගලක් සම්මුඛව ද ඊළඟ යුගල වෙන පැත්තකට ද සම්මුඛ පිහිටයි. පත්‍ර ලංසාකාර වේ . සෙන්ටි මීටර දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වන අතර සෙන්ටිමීටර් 2.5 ත් 8.5 පළලක් ගනී. අග්‍රස්ථය හා මූලයේ දෙසට සිහින් වේ. පත්‍ර දාරය සම්පූර්ණ දාරයකි. පත්‍ර අග්‍රය තීක්ෂණ වේ. පත්‍ර උඩ පුෂ්පය තද කොළ වේ .යටි පෘෂ්ඨය ඊට අඩු ළා කොළ පැහැයක් ගනී .නාරටි සමාන්තරය යුගල 12ක් පවතියි. ජාලාකාර නාරටි ඒ අතර පවතී . පත්‍ර වෘන්තය සෙන්ටිමීටර 13 ත් අතර ප්‍රමාණයකින් යුක්තයි.

🌱පුෂ්ප මංජරිය බහුලව ශාකඅග්‍රස්තයේ හටගණී . කක්ෂියවද හටගනී ‍. .බොහෝවිට සංයුක්තව තදට බැඳුණු මනි පත්‍ර සහිත ශුකීයක් ආකාරවේ මංජරියේ විවිධ පියවර සහිත පුෂ්ප හට ගනී.

🌱මල් ගත් විට ද්වීලිංගික වේ . විශාල සුදු පාට මල් පවතී. පෙති වල රතු දම් සහිත රේඛා පවතී. දල පත්‍ර පහක් ඇත. එකට එක්වී ද්වී ඕස්ටීය මුකුටයක් සාදයි.මුකුට නාලය සෙන්ටි මීටර් 1.2 ක් පමණ දිගයි .පහළ කොටස සිලින්ඩරාකාර වේ ඉහළ කොටස කොටස් දෙකකි .යටි හා උඩු තොල ඇත උඩු තොලේ ඛණ්ඩිකා දෙකක්ද යටි තොලෙ ඛණ්ඩිකා තුනක්ද ඇත . යටි තොලේ මධ්‍යම ඛණ්ඩිකාව විශාලත්වයෙන් වැඩිය . යටිතිලේ මද්‍යම කන්ඩිකාව වඩා විශාලය .රේණු දෙකක් පවතී ඔක්තෝබර් දෙසැම්බර් කාලයේ දී මල් පිපේ.

🌱මෙහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් පවතී සුදු මල් පිපෙන ප්‍රභේදය රතු මල් පිපෙන ප්‍රභේදය කළු මල් පිපෙන ප්‍රභේදය .

🌱ඖෂධ පිණිස ශාකය ශාකයේ සියලුම කොටස් ගනු ලැබේ.

🌱ඖෂධීය මාත්‍රාවන් සැලකූ විට මුලෙන් ලබාගන්නා කසාය ml හැටත් 120 එකසිය විස්සත් අතර , පත්‍ර යුෂ මිලිලීටර් 10 ක් විස්සත් අතර ද, මලේ යුෂය මිලිලීටර් 10ක් විස්සත් අතර ද, මුල් වල චූරණයයේ හෙවත් කුඩු ග්‍රෑම් එකත් හතරත් අතර ප්‍රමාණයක් ඖෂධ පිණිස ගනී .

🌱ආයුර්වේදයේ මේ පාවට්ටා සඳහා විවිධ නම් භාවිතා කරයි .වාසක , වාසිකා භිශක් මාතා, සිංහිකා, සිංහාස්‍ය, වාජීදන්ත, ආටරූෂ, ආටරූෂක , අටරූෂ, වෘශ, තාම්‍ර, සිංහ පර්ණ.

🌱පංච පදාර්ථය සැලකූ විට තික්ත , කසාය රසින් යුක්ත වන අතර ලඝු ,රුක්ෂ ගුණ පවතී ශීත වීර්‍ය වන අතර කටු විපාක වේ. කප හෙවත් සෙම හා පිත සාමක වේ .

🌱මේ සතුව වාත වර්ධක ගුණ පවතී .
කප හෙවත් සෙම, පිත ,රත්ත රෝග නැතිකරයි .
උගුරට හිතයි .
තිත්ත කෂාය රස පවතී .
හෘදයට හිතකරයි .
පිපාසය හා වේදනා සමනය කරයි .
ශ්වාසය හෙවත් ඇදුම කාස හෙවත් කැස්ස ඒ වගේම සෙම නිසා ඇතිවන රෝග
වමන , ප්‍රමේහ රෝග , කුෂ්ඨ රෝග ක්ෂය රෝග, වලදීද මෙය ඖෂධයක් පිණිස භාවිතා කරනු ලබයි .

🌱මෙහි පත්‍ර ප්‍රලේපය, එනම් පත්‍ර වලින් සාදා ගන්නා පල්පය වේදනාවන් සමනය කිරීමට , ඉදිමුම් නැති කිරීමට, පණු රෝග වලට , කුෂ්ඨ රෝග වලට භාවිතා කිරීමට පුළුවන.

🌱එමෙන්ම ආමවාත, තුවාල ,ඉදිමීම් ,නාඩි වල වේදනා ,සමේ රෝග වලට බාහිරව ආලේපනය කර හැක .

🌱එමෙන්ම තුවාල සේදීමට විෂබීජ නාශකයක් ලෙසට මෙම පාවට්ටා පත්‍ර යුෂ යොදා ගන්නා ලබන අතර වාත රෝග වලදී මෙම ආඩතෝඩා මිශ්‍රිත තෛල මගින් වේදනාව සමනය කරයි .

🌱මේ සතුව ශීත වීර්යය, කෂාය රස, ලඝු ගුණ පවතින නිසා ස්ථම්භන ගුණ පවතී. එම නිසා අතීසාර , රක්ත අතීසාරය ප්‍රවාහිකා යන රෝගවල දී යොදා ගැනේ.

🌱මෙය හෘදයට ඉතා හිතකර වේ . රුධිර ශෝධනය කරයි . රක්තය ස්ථම්භනය කරයි .ඒ නිසා රුධිර ගලන රෝගවල දී යොදා ගත හැක. රක්ත ප්‍රදර, රක්ත රෝග වලදී යොදා ගනියි . ශරීරයේ තියෙන කුඩා රුධිර නාල සංකෝචක හැකියාවක් ඇත.

🌱පාවට්ටා ප්‍රධානවම ක්‍රියාකරන ව්‍යුහය වන්නේ ස්වසන ව්‍යුහයයි. කැස්ස නැති කරයි . සෙම සහ ඇදුම ද නැති කරයි . මේ සතුව සෙම දියකර ශරීරයෙන් පිට කිරීමේ හැකියාව සහිතයි .එමෙන්ම ශ්වාසනාලිකා පලල් කරන නිසා ස්වාස රෝගීන් හෙවත් ඇදුම රෝගීන්ට ලබා දෙයි .අපහසුවෙන් ස්වසනය කරන පුද්ගලයන්ට ද ලබා දෙයි .උගුරේ ආසාදනය සඳහා හිතයි . දීර්ඝකාලීන හෝ වියළි කැස්සට ඉතා ගුණ වෙ.. මෙය වඩාත් සුදුසු වන්නේ කැස්සේ තීව්‍ර අවස්ථාවේදි වන අතර මුල් අවස්ථාවේදී ගැනීමට වඩා තීව්‍ර අවස්ථාවේ දී ගැනීම වඩාත් සුදුසුයි . ආඩතෝඩා වියළි පත් හා අත්තන කොළ දුම් ලෙස ආග්‍රහණය කිරීමෙන් ශ්වසනය ඉතා පහසු වේ .

🌱මේද්‍ය ගුණය ඇති කිරීම සඳහා ආඩතෝඩා මුල් ඒ කෂාය මඟින් සාදන ලද තෛලය භාවිතා කරයි .

🌱එමෙන්ම රක්ත පිත්ත අවස්ථාවලදී ආඩ තෝඩා මල් පවනේ වියළා කුඩු කර මීපැණියෙන් ගනු ලබයි.

🌱අධික ස්ථුල ඇති විට ආඩතෝඩා පත්‍ර යුශ බෙලි පත්‍ර යුෂ සමග ගනු ලබයි.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - ආයුර්වේද ග්‍රන්ත

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

25/06/2022

~එරබදු/පාරිභද්‍ර~

• අවුරුදු එන බවට පරිසරය වර්ණවත් කරමින් අපට ඉඟි කරන මේ එරබදු යනු ඖෂධීය වටිනාකමකින් ඉතා ඉහල ශාකයක් බව මීට පෙර අසා තිබුනාද ? අද ලිපියෙන් විමසන්නේ ඒ පිළිබඳවයි.....

>උද්භිත විද්‍යාත්මක නම - Gava
>කුලය -
>සිංහල නාමය - එරබදු
>සංස්කෘත නාමය - පාරිභද්‍ර
>ඉංග්‍රීසි නාමය -

🌺මෙම ශාකය මධ්‍යම ප්‍රමාණයේ මීටර හයත් - නවයත් අතර උසට වැඩෙන කටු සහිත ශාකයකි . මෙම ශාකය පත්‍ර නටු බූවකින් වැසී පවතී. ඒකාන්තර පත්‍ර පවතී .ත්‍රිපත්‍ර වේ. දිලිසෙන කොල වර්ණයක් පත්‍රවල පවතී. පත්‍ර නටුව දිගු වන අතර සෙන්ටිමීටර් හයත් පහළොවත් අතර දිගකින් යුක්ත වේ. ප්‍රාක්ෂය සෙන්ටිමීටර් 5 ත් 30 ත් අතර ප්‍රමාණයක් වේ. මෙහි පිපෙන පුෂ්පය ඉතා දිගු මලකි .දිලිසෙන රෝස රතු වර්ණයකින් යුක්ත වන අතර මංජරියක් ආකාරයෙන් මල් පිපේ. තද රතුපාට සෘජු ප්‍රාක්ශය 15-20cm අතර ප්‍රමාණයකින් දිගු වන අතර රේණු යන්තම් මලෙන් නෙරා පවතී . මෙහි පළ සිලින්ඩරාකාර ටොරුලාකාර කරලකි. කොළ හෝ කළු වර්ණයකින් යුතු වන අතර මෝරන විට රැළි වැටෙන ඵලයක් පවතී ආයතකාර ප්‍රතිලංසාකාර ආකාර බීජ පවතින අතර 6 mm පමණවේ. මල් පිපෙන්නේ මාර්තු අප්‍රේල් කාලයේ ය.

🌺මේ සඳහා සංස්කෘත භාෂාවේ පර්යාය බොහොමයක් පවතී . පාරිභද්‍ර , නිම්භතරු , මන්දාර , පාරිජාත රක්තපුශ්ප, ක්‍රිමිඝ්න, කණ්ඨකී , රක්තකුසුම, බහු පුෂ්පී......

🌺කටු , තිත්ත රසයෙන් යුක්ත වන අතර ලඝු ගුණ සහිතයි . උෂ්ණ වීර්ය වන අතර කටු විපාක වේ. කර්ම වශයෙන් කඵ හා වාත සමනය කරයි . ප්‍රධාන වශයෙන් පොතු ,පත්‍ර ,බීජ ,මුලේ පොතු ඖෂධ පිණිස යොදා ගනු ලබයි.

ගුණ කර්ම~~~

🌺එරබදු සතුව තුවාල ශෝධන කිරීමේ ගුණයක් පවතී .එමෙන්ම ඉදිමුම් අවස්ථාවලදී යොදා ගනියි.

🌺වාත ශාමක ගුණ පවතී . නින්ද නාශක ගුණ පවතී . එනිසා නින්ද යන්නැති අවස්ථාවලදීද ඖෂධ පිණිස යොදා ගනී.

🌺එමෙන්ම රෝචන හෙවත් රුචි කාරක ගුණ , දීපන ගුණ , අනුලෝම ගුණ වේදනා නාශනය කිරීමේ ගුණ , ක්‍රිමි රෝග වලදීද යොදා ගනු ලබයි .

🌺එමෙන්ම රුදිරය ප්‍රසාදණ ගුණය සහිතයි. එමෙන්ම පරංගි රෝග, උපදංශ රෝග අවස්තා වලදී ද ඖෂධ පිණිස යොදා ගෙන ඇත.

🌺කඵ නිස්සාරක ගුණ සහිත නිසා කැස්ස අවස්ථාවලදී යොදා ගනී. එමෙන්ම මුත්‍ර කුච්ච හෙවත් මුත්‍රා අඩුවෙන් පිටවන පිටවන අවස්ථා වලදීද මෙහි මුත්‍ර ජනන හැකියාව තිබෙන නිසා ඖෂධ පිණිස යොදා ගනී .

🌺එමෙන්ම ආර්තව ජනන හැකියාවද පවතී . කුෂ්ඨ නාසනය කිරීමේ ගුණයක් ද පවතී.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - ආයුර්වේද ග්‍රන්ථ ඇසුරින්

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

මුත්‍රා රෝග නසන ඉකිරිය හෙවත් නීරමුල්ලිය
https://www.facebook.com/103543444687579/posts/323926602649261/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

25/06/2022

ඉකිරිය/ නීරමුල්ලිය

🌱 Hygrophila schulli (Hamilt.)යන විද්‍යාත්මක උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම ශාකය කුලයට අයත් වේ. Marsh barbel යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය සිංහල භාෂාවෙන් ඉකිරිය, කටු ඉකිරිය, නීරමුල්ලි යන නම්වලින් හැඳින්වෙන අතර සංස්කෘත භාෂාවෙන් කෝකිලාක්ෂ ලෙසට හැඳින්වේ.

🌱මෙම ශාකය කුඹුරු වැව් ආදී ජලාශ්‍රිත ප්‍රදේශ වල හැදෙන අතර වර්ෂා සෘතුවේදී, වියලි කලාපයේ දී වැවී ග්‍රීස්ම කලාපයේ දී විනාශ වීම සිදුවේ .

🌱මෙහිදී ඖෂධ පිණිස ප්‍රධාන වශයෙන් මුළු ශාකයම ලබා ගන්නා අතර සංස්කෘත භාෂාවේ දී මේ සඳහා විවිධ පර්යාය නාම භාවිතා කරයි. කෝකිලාක්ශ , කාකේක්ශුර, ක්ශුරක, ක්ශුර, භික්ශු , කාණ්ඩේක්ශු, ඉන්ෂුගන්ධ, ඉක්ෂුවාලිකා....

🌱ගසේ කටු හොඳින් වර්ධනය වූ පසු සහමුලින් ශාකය උදුරාගෙන වියළා වායු නිවාරක බඳුන් වල ගබඩා කිරීමෙන් පසුව මේවා ඖෂධ පිණිස යොදා ගනු ලබයි .

🌱මධුර, අම්ල, පිත්ත යන රස තුනෙන් යුතු මේ ඉකිරිය ස්නිග්ධ හා පිච්චිල ගුණ සහිතයි .ශීත වීර්ය වන අතර මධුර විපාකයෙන් යුක්තයි .කර්ම ලෙස කඵ හෙවත් සෙම හා පිත සමනය කිරීමේ ගුණ ඇති අතර මෙහි බීජ වල ත්‍රිදෝෂ හෙවත් වාත ,පිත ,කඵ සමන ගුණ පවති.

🌱වාත රෝග වලට ඉතා හොඳ ඖෂධයක් වන මෙය ආමවාත වල දී ද යොදා ගනී. එමෙන්ම නාඩි බලකාරක නිසා නාඩි දුර්වලතා අවස්ථා වලදී මෙය ඖෂධයක් පිණිස යොදා ගත හැකි අතර ඒ වගේම යකෘත් උත්තේජනය කිරීමේ ගුණයක් ද ඇත. කාමලා හෙවත් කහ උණ, ආනාහ හෙවත් බඩ පිපීම වැනි රෝගවල දී යොදා ගත හැකිය . ඒ වගේම වාතරක්ත , රක්ත පිත්ත යන රෝගවල දී යොදා ගනී.

🌱ඒ වාගේම මුත්‍ර වැඩීමේ ගුණයක් සහිත නිසා මුත්‍ර අඩුවෙන් යන අවස්ථාවලදී ඖෂධයක් පිණිසයොදාගත හැකි . ඒ වගේම බඩේ ඇතිවන ගල් වලට ද ඉතා හොඳ ඖෂධයකි . ඒමෙන්ම ශුක්‍ර දුර්වලතා වලදී, මව්කිරි අඩු අවස්ථාවලදීද යොදාගත හැකියි .

🌱වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුණු අවස්ථාවලදී මෙම නීරමුල්ලිය කොළ තම්බා එම ජලය කකුල් බහා ගෙන සිටීම මෙන්ම එම කොළ වලින් තැවීම යනාදී ක්‍රියා සිදුකිරීම මගින් ඉදිමීම අඩු කරගත හැකිය .

🌱 මුත්‍රා ගල් තියෙන අයට ලුණුවරණ පොතු නීරමුල්ලිය මුල් කළං හයක් බැගින් කශාය කර බීම මෙන්ම නීරමුල්ලිය , පොල් පලා තැම්බූ ජලය සතියකට වරක් පානය කිරීමෙන් මෙම තත්ත්වයෙන් සහනයක් සලසා ගත හැක .

⚪⚪ මෙය අධි රුධිර පීඩනය සහිත අයට අහිත කරයි ⚪⚪

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - ආයුර්වේද ග්‍රන්ථ ඇසුරින්

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

☑️ සුදුකබර නසන බාකුචි

https://www.facebook.com/103543444687579/posts/322088202833101/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

20/04/2022

✴️✴️✴️කොළ කැඳ පුරාණය✴️✴️✴️
( 13) කොටස

#රතු_ලූනු_කැඳ

🌱🌱රතු ලූනු කැඳ වල ගුණ🌱🌱

🌼බඩවැලේ තුවාල වලට ගුණයි.

🌼බඩදැවිල්ලට ගුණයි .

🌼පීනස සොටු දියර ගැලීම නවතයි.

🌼නාසයෙන් ඇතිවන ගඳ නැති කරයි.

🌼හිසේ තුවාල සුව කරයි .

🌼හිස්සොරි නැති කරයි .

🌼අත්පා දැවිල්ල නැති කරයි .

🌼ලේවල සෙමට ඉතා ගුණයි

🌱🌱සාදන ආකාරය🌱🌱

⭕නිවුඩු රතු කැකුළු හාල් දෙමිටක් වතුර අඩු කෝප්ප දෙකක් දමා හොඳට සෝදා බැරි වෙන්නට උයා පොඩි කරගන්න. එයට,
✔️රතුළූණු ග්‍රෑම් 50 ක්
✔️රම්පෙ කෑල්ලක්
✔️මුරුංගා පොතු ටිකක්
✔️පොල් දෙමිටක්
✔️අමු ඉඟුරු කළං එකක්
✔️සූදුරු
✔️මාදුරු
✔️අබ
✔️ගම්මිරිස්
✔️උළුහාල්
✔️කුරුඳු කුඩු ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණ 3 බැගින් ගෙන මේ සියල්ලම හොඳට තුන් පාරක් අඹරා වතුර බෝතල් භාගය බැගින් දමා තුන් තුන්වරක් අඹරා කිරි කොටුවෙන් පෙර ඉහත පිළියෙල කරගත් කැඳ වතුර දමා හොඳින් පැසවා බීමට දෙන්න.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - බල වඩන හෙළ යවාගු

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

තල ඇට කැඳ

https://www.facebook.com/103543444687579/posts/295231642185424/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

04/04/2022

☘️___කොළ කැඳ පුරාණය (11)___☘️

#නෙලුම්_ඇට_කැද

___නෙළුම් ඇට කැඳවල ගුණ___

🌼සියලුම ධාතු දුර්වලතා වලට.

🌼ස්නායු පෝෂණයට.

🌼ශාරීරික මස් දියවීමේ රෝගවලට.

🌼විශේෂයෙන්ම තමාගේම ලක්ෂණ රුව ඇති දරුවන් බිහිවීමට.

🌼දරුවන් නැති අයට.

🌼ගර්භාෂ පෝෂණයට.

🌼ගර්භාශයේ ඇති දුර්වලතාවයට.

🌼ආමාශයේ තුවාල වලට.

🌼දැවිල්ලට.

🌼කරකැවිල්ලට.

🌼පිත් රෝග වලට.

🌼පිත් වමනයට දහඩිය උෂ්ණය හා සියලුම සෙම් පිත් රෝග දුරලන්නේ ය.

___සාදන ආකාරය___

හොඳට සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් මිටක් ,වතුර අඬු කෝප්ප දෙකක් දමා හොඳට බෙරි වන්නට තම්බා තබා හොඳට පොඩි කර ගන්න.

එයට නෙළුම් ඇට මද මිටක් (ග්‍රෑම් දහයක් පමණ), කරපිංචා කිනිති හතරක්, පොල් මිටක් , රම්පා කෑල්ලක්, දමා කොටා මිරිකා ගත් ඉස්ම බෝතල් එකක් ඉහත පිළියෙල කළ බත් කැඳට දමා එයට අමු ඉඟුරු ස්වල්පයක්, සුදු ලූණු බික් දෙකක් ,සූදුරු ඇට දහයක්, මාදුරු ඇට දහයක් ,කරද මුංගු කරලක් යන මේ සියල්ල අඹරා වතුර අඩු කෝප්ප 1ක් කට දියකර පෙරා ඉහත පිළියෙල කර කැඳට දමා හොඳට බුබුළු දමන තෙක් පැසවා නිවුනාට පසු බීමට දෙන්න. ලුණු ලුණූ රස බලා දමන්න .

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - බල වඩන හෙල යවාගු

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

🅾️මයිසූර් පරිප්පු කැද

https://www.facebook.com/103543444687579/posts/279425783766010/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

16/03/2022

☘️______ගැට තුඹ ______☘️

✅ගැටතුඹ කියන්නේ සෙන්ටි මීටර 50 ක් විතර උසට වැඩෙන බහුවාර්ෂික පැලෑටියකි .පඳුරු ආකාරයෙන් වැඩෙන මේ ගැට තුඹ ශාකය කුඹුරු අයින් වල ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් .පත්‍ර වල මෙන්ම කඳේ ද සියුම් බූවක් දකින්න පුළුවන් වන අතර සෙන්ටි මීටර් නවයක් දක්වා පමණ සිහින් දිගටි පත්‍රයක් මෙයට තියෙනවා. ඒ වගේම සුදු පාටට ද්වීලිංගික පුෂ්ප පිපෙනවා.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

🔴කටු , ලවන , මධුර රසයෙන් යුක්ත වන අතර රූක්ෂ සහ තීක්ෂ්ණ ගුණ සහිතයි එමෙන්ම උෂ්ණ වීර්ය සහිත වන අතර මධුර විපාකයෙන් ද යුක්තයි . දෝෂ අනුරූප කර්ම ලෙස ගත් විට කඵ වාත ශාමක වන අතර පිත්ත ශෝධන වේ.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

🌱ආහාර අරුචිය, කුසගිනි මදිකම, උදරාබාධ , හිස රදය, චර්ම රෝග, තුවාල, කරකැවිල්ල, උඳුගොව්වා කෑම, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි

🌱ගැට තුඹ ව්‍යංජනය පණු රෝග රෝගවලට ගුණදායකය.

🌱බඩ බුරුලෙන් යන විට ගැටතුඹ ආහාරයට ගැනීමෙන් සුවය ලැබිය හැකිය.

🌱තරබාරු බව අඩු කිරීමේ හැකියාවක් ද මෙම ශාකය සතුව පවතී . එලකිරි උණු කරද්දී ගැටතුඹ මුල් දෙක තුනක් එක්කර ගැනීම මඟින් කිරි දිරවීමේ පහසුව ඇති කරවයි.

🌱ගැටතුඹ වාත පහ කරන ගුණ සහිතය. සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ට ගැට තුඹ මල් දෙමිටක් පමණ ගෙන වතුර අඬු කෝප්ප දෙකහමාරක් පමණ දමා තම්බා පානය කිරීම ගුණයි .

🌱අජීරනයට සහ බඩ බුරුලෙන් යෑම ට ගැට තුඹ ගස් දෙක තුනක් හොඳින් සෝදා පිරිසිදු කර වනේ කොටා කෙසෙල් කොළයක දවටා උණු අළු පල්ලේ දමා තම්බා නිවුණු පසු මිරිකා මී පැණි දමා බීම ගුණයි.

🌱ගැටතුඹ කුඩා පැළ ගෙන අඹරා තැම්බුම් හොද්දක් සකසා පානය කිරීම සමේ රෝග වලට ගුණයි.

🌱ගැට තුඹ කොළ මිටක් ගෙන අමු කහ කැබැල්ලක් දමා කොටා මිරිකා ගත් යුෂ මදක් රත් කර රෝගය පවතින තැන්වල ආලේප කිරීම

🌱බඩ රිදීමට සහ බඩ පිපීමට ගැටතුඹ මුල් සහ බෙලි මල් මිට බැගින් ගෙන පානය කිරීම ගුණයි .

🌱සෙංගමාලයට හීනටි සහල් වලින් කැඳ සාදා එයට ගැටතුඹ කොටා මිරිකා ගත් යුෂ එක්කර මද වේලාවක් රත්කර පානය කිරීම ගුණයි .

🌱කල් ගිය තුවාල වලට ගැට තුඹ කොළ අමු කහ සමව ගෙන තම්බාගත් ජලයෙන් සෝදා යි.

🌱ප්‍රතිශ්‍යාව සහ හිසේ වේදනා යන දෙකේ දී මෙම ගැටතුඹ වල ස්වරය මගින් නස්‍ය කිරීම සිදු කරයි.

🌱එමෙන්ම ගැට තුඹ කසාය වතුර තුවාල සේදීම සඳහා යොදා ගන්නා අතර පත්‍ර කල්කය කටීග්‍රහ ,සර්ප විෂ ආදියේදී ආලේප කිරීමට යොදා ගනී.

🌱ඒ වගේම කාමලා රෝගයේ දී පත්‍ර යුෂය අඳුන් දීම සඳහා යොදා ගනී

🌱ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අධ්මානය , ශූලය , කාමලා කෘමි රෝග යන මේවායේ දී යොදා ගනු ලබයි.

🌱ග්‍රහනි , පුරාතන අතීසාර අවස්ථාවන්හිදී පත්‍ර දළු සියුම්ව ගලේ අඹරා ගෙන ව්‍යාංජනයක් වශයෙන් සාදා දීමෙන් මහඟු ගුණ ලබාගත හැකිය.

🌱අක්ෂි පටල රෝගයට ගැට තුඹ කොළ හාල්පානු දියෙන් අඹරා පෙරා නස්න කිරීම ගුණදායකයි.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - ඖෂධ සංග්‍රහය හා අපේ
ඔසු පැළ .

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

⭕ #ඉරිවේරිය

https://www.facebook.com/103543444687579/posts/255950732780182/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

07/02/2022

☘️____ #කප්පරවල්ලිය____☘️

❇️කප්පර වල්ලිය යනු ඖෂධ ගුණයෙන් අනූන ශාකයකි. මේ ශාකය ගොඩක් වෙලාවට හැදෙන්නේ ගල් සහිත තැන්වල. මේක ප්‍රධාන වශයෙන් ශරීරය හැදෙන අශ්මරී හෙවත් ගල් බිඳ දමන නිසා පාශාන භේද කියන නමින් හඳුන්වනවා. ඒ වගේම මේ කප්පරවල්ලිය කොළ වල අසමෝදගම් වලට සමාන ගන්ධයක් තියෙනවා.

❇️කප්පරවල්ලිය ලඝු , රුක්ෂ තීක්ෂණ ගුණයෙන් යුතු වන අතර කටු , තික්ත රස සහිතයි. උෂ්ණ වීර්ය මෙන්ම කටුක විපාකයන් ද යුක්තයි .දෝෂ අනුරූපව ගත්කල ඌෂ්ණ තීක්ෂණ හෙයින් ශරීරයේ කඵ වාත සමනය කරනවා .

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

❇️බාහිර වශයෙන් ශරීරයේ වේදනාව නැති කිරීම සහ විෂ නැති කරයි . අභ්‍යන්තර වශයෙන් ගත් කල ආහාර මාර්ග පද්ධතියේ දී රුචිකාරක ගුණ , අග්නි දීපන ගුණ , පාචන ගුණ ,වාත අනුලෝම ගුණ ඒ වගේම යකෘත් උත්තේජක ගුණ සංග්‍රාහී ගුණ සහිතයි.ස්වසන ව්‍යූහයේ කඵඝ්න වන අතර කඵ දුර්ගන්ධ නාශනය කරයි. ඒ වගේම ඇදුම නැති කරයි.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

❇️හිසේ වේදනා , වාත වේදනාවලදී මෙය ආලේප කරයි . ඒ වගේම ඇස් රුදා ඇති විට මෙම පත්‍රවල යුෂ ඇස් වටේ ආලේප කිරීමෙන් වේදනාව නිවාරණය වේ.

❇️අරුචි, අග්නිමාන්දය, අජිරණ, මල විෂ්ටම්භ රෝග, උදර රෝග ,අතීසාර, ග්‍රහණි ,විසූචිකා, අර්ශස්, අම්ල පිත්ත සහ කෘමි රෝග අවස්ථාවලදී මේවා භාවිතා කරයි . ප්‍රදානයෙන් ම වැඩිහිටියන්ගේ සහ විශේෂයෙන්ම බාලයන්ගේ උදරයෙ අන්තර්ගත වේදනා(ශූල) අවස්ථාවලදී කප්පරවල්ලිය කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මේස හැඳි එකක් පමණ සීනි සමඟ පානය කළ යුතුය.

❇️කප්පරවල්ලිය කොළ අඹරා කැඳ උයා වැළඳීමෙන් ග්‍රහණි රෝගය සුව කෙරේ.එමෙන්ම පුරාතන හෙවත් පැරණි අජීරණ හා උදරඅධ්මාන වලදීද ගුණ වේ.

❇️පැරණි කැස්ස ඇදුම,හික්කා ආදී රෝගවලදී ද ප්‍රයෝජනවත් වේ.කුක්කුර කාසය හෙවත් කක්කල් කැස්සේදී විශිෂ්ට වේ.කප්පරවල්ලිය පත්‍ර කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ සීනි මී පැණි තිප්පිලි කුඩු ප්‍රක්ශේප කොට ගැනීම මෙම රෝග වල දී පූර්ව අවස්ථාවන්හී ප්‍රයෝජනවත් ය.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️️සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
(ගම්පහ වික්‍රමාරච්චි
ආයුර්වේද විද්‍යායතනය UG)
➡️මූලාශ්‍ර 📖️ - ඖෂධ සංග්‍රහය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡පෙරලිපි සඳහා පිවිසීමට

⭕ එළ පිටවක්කා
https://www.facebook.com/103543444687579/posts/253444069697515/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

15/01/2022

https://youtube.com/shorts/DtYx4d6jwfY?feature=share

මුල්තානිමිට්ටි වලින් සුන්දර පැහැපත් මුහුණක්

15/01/2022
04/01/2022

බහුලව භාවිතා වල තැවිලි ____ 01

01/01/2022

#සුභම_සුභ_නව_වසරක්_වේවා !!!

06/11/2021

කටුවැල් බටු කොළ කැද

හොඳට සෝදා ගල් වැලි ඉවත් කර නිවුඩු කැකුළු හාල් මිටක් වතුර අඬු කෝප්ප එකහමාරක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩිකර ගන්න .

එයට ,
කටුවැල්බටු කොළ මිටක්
කරපිංචා කිනිති හතරක්
පොල් මිටක්
රම්ප කෑල්ලක් දමා කොටා මිරිකා ගත් ඉස්ම බෝතල් එකක් ඉහත පිළියෙල කරගත් කැඳට දමන්න.

එයට,
අමු ඉඟුරු ස්වල්පයක්
උළුහල් ඇට දහයක්
සුදුළූණු බික් හයක්
කරද මුංගු කරලක්
සූදුරු අබ ඇට ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණ දෙකක්
තිප්පිලි කරලක්
මේ සියල්ල අඹරා වතුර අඬු කෝප්ප භාගයකට දියකර පෙරා ඉහත පිළියෙල කර ගත් කැඳට දමා ලිප තබා විනාඩි 5ක් පමණ පැසවා නිවුනාට පසු බීමට දෙන්න . රස බලා ලුණු දමන්න

මෙහි ගුණ
සියලුම සෙම් රෝග සඳහා යහපත් .
ළය පීනස
හතිය
කැස්ස
උණ
ආමාශ ගත දාහය
තුවාල
මුඛයේ තුවාල
දැවිල්ල
මුත්‍රා දැවිල්ල
මලබද්ධය
ඇඟේ කැසීම් බිබිලි ඇති අයට හොඳයි
විශේෂයෙන් ළමයින් පිළිසිඳ ගැනීම ප්‍රමාද අයටත් හොදයි එවැනි අය විශේෂයෙන් මෙම කැඳට කටුවැල්බටු ඇට අඹරා දමා කැඳ පිළියෙල කරගන්න...

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
ආයුර්වේද විශ්ව විද්‍යාලය [UG] )

මූලාශ්‍ර : බල වඩන හෙළ යවාගු
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡ පෙරලිපි සඳහා පිවිසීමට

කරපිංචා කොළ කැඳ

https://www.facebook.com/103543444687579/posts/411144877260766/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

04/11/2021

කරපිංචා කැද

හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුණු කැකුළු හාල් දෙමිටක් වතුර අඬු කෝප්ප දෙකක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩිකර ගන්න.

එයට,
කරපිංචා දෙමිටක්
රම්පා කෑල්ලක්
පොල් දෙමිටක් කොටා මිරිකාගත් ඉස්ම බෝතල් එකක් දමන්න .

එයටම
එනසාල් කරලක්
උළුහාල් ඇට පහක්
සුදුරු ඇට දහයක්
අබ ඇට දහයක්
සුදුළූණු බික් හයක්
මුරුංගා පොඩි පොතු කෑල්ලක්
අමු ඉඟුරු ස්වල්පයක්
මේ සියල්ල හොඳට අඹරා උණු වතුර අඩු කෝප්ප එකකට දියකර පෙරා කැඳට මිශ්‍ර කර ලිපතබා හොඳට පැසී බුබුළු දමන තෙක් හැඳි ගාමින් උණූ කරන්න . ලුණු ඇති පමණ දමා පසුව ළිපෙන් බා නිවුනට පසු බීමට ගන්න.

මෙහි ගුණ
ආමාශය තුවාල,
ග්‍රහණි රෝග,
නිතර නිතර බඩ යාම,
බඩවැල් වලින් ලේ යාම,
බඩේ දැවිල්ල,
ලේවල තෙල් අඩු කිරීම,
විෂ කැවුනු විට,
සර්ප විසට,
දැන් රටේ හැම කෙනෙකුම තිබෙන ගැස්ට්‍රයිටිස් ප්‍රශ්නයට ඉතා ප්‍රත්‍යක්ෂ කැඳකි .
අක්මාවේ රෝග,
වකුගඩුව ඉදිමීම්,
මැලේරියා වැනි උණ,
ඩෙංගු වලට, ඉතා හොඳ කැඳකි .
ලේවල විෂම තත්ත්වයන් ඉතා ඉක්මනින් සමනය කරයි ...

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
ආයුර්වේද විශ්ව විද්‍යාලය [UG] )

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡ පෙරලිපි සඳහා පිවිසීමට

🔴⭕ කරපිංචා වලින් අත් බෙහෙත් ⭕🔴

https://m.facebook.com/story.php?story_fbid=218705173171405&id=103543444687579

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

01/11/2021

කටුපිළ කොළ කැඳ

හොඳට සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඬු කෝප්ප දෙකක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩිකර ගන්න.

එයට, කටුපිළ කොළ මිටක්,
කරපිංචා කිනිති හයක්,
පොල් දෙමිටක්,
රම්පා කෑල්ලක් දමා තලා අඹරා වතුර දමා ඉස්ම බෝතල් 3/4 ක් කැඳට දමන්න. සූදුරු මාදුරු ගම්බිරිස් කුරුදු කුඩු අබ ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණයක් අමු ඉගුරු ස්වල්පයක් කරද මුංගු කරලක් කරාබු නැට්ටක් සාදික්කා ස්වල්පයක් අඹරා වතුර ටිකක් දමා (අඬු කෝප්ප භාගයක් ) පමණ දියකර කැද ඒකට පෙරා දමා ලිප තබා හොඳට බුබුලු දමා පැසවා ලුනු ඇති පමණ දමා නිවුනාට පසු බීමට දෙන්න.

මෙහි ගුණ

✔️ශාරීරික සියලුම පිළිකා වලට ඉතා හොඳයි
✔️ගර්භාෂ පිළිකා
✔️මොළයේ පිළිකා
✔️කොඳුනාරටිය පිළිකා වලට ඉතා හොඳයි

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
ආයුර්වේද විශ්ව විද්‍යාලය [UG] )

මූලාශ්‍ර = බල වඩන හෙළ යවාගු

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡ පෙරලිපි සඳහා පිවිසීමට

🔴⭕ පිළිකා වනසන කටුපිල ⭕🔴

https://www.facebook.com/103543444687579/posts/379137420461512/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

30/10/2021

🍀🍀🍀 #එඬරු 🍀🍀🍀

ශ්‍රී ලංකාව තුළ වැඩෙන බහුල ශාකයකි. ඉක්මනින්ම වියලි කලාපය තුල වැඩෙන ශාකයකි. ආයුර්වේද ග්‍රන්ථවල මේ ගැන සඳහන් වේ . ප්‍රධාන වශයෙන් වාත රෝග නාසනය කරන ශාකයක් බවට හඳුනාගත හැකිය.

Rcinus communis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ඒරන්ඩ Euphorbiaceae කුලයට අයත් ය .සිංහල භාෂාවෙන් එඬරු ,බෙහෙත් එඬරු කියලා නම්වලින් හඳුන්වන අතර සංස්කෘත භාෂාවෙන් ඒරන්ඩ යන නාමයෙන් හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් castor oil plant යනුවෙන් හඳුන්වන අතර දෙමළ භාෂාවෙන් අමනක්කු ලෙසත් හින්දි භාෂාවෙන් ඒරන්ඩ , රෙන්ඩි යන නම් වලින්ද හඳුන්වයි ..

සදාහරිත ශාකයක් වන මෙය ඇතුළත කුහර සහිත මුදු කඳක් සහිත ශාකයකි. කුඩා පඳුරක් ආකාර ආකාරවේ .ඒක වාර්ෂික හෝ බහුවාර්ෂික විය හැකිය. මීටර් දෙකත් හයත් පමණ උසට වර්ධනය වන ශක්තිමත් මුදුන් මුලක් සහිත ශාකයකි. අතු රිකිලි වල අළු සහිත කුඩක් ඇත. කොළ හෝ දම් හුරු වර්ණයක් සහිත අතු රිකිලිද පවතී. පත්‍ර ගත් විට සරල පත්‍ර වින්‍යාස කින් යුක්ත වන අතර ඒකාන්තරව පිහිටයි . උප පත්‍ර සහිත වේ . චත්‍ර හෙවත් කුඩ ආකාර හැඩයක් ගනී. ඇඟිලි වගේ ඛණ්ඩිකා කොටස් පහක් 5ක් දක්වා හටගෙන පවතී. ඛණ්ඩිකා ලංසාකාර හැඩයක් ගන්නා අතර දන්තුර ආකාර දාර පවතී. පත්‍ර නටුව දිගු වේ . වර්ණ ප්‍රභේද අනුව කොළ හෝ දම් පැහැති ලෙස ශාක වර්ග දෙකක් පැවතිය හැකිය .පුෂ්ප මංජරියක් ආකාරයට අග්‍රස්ථයෙ හට හටගන්නා අතර ලිහිල්ව සම්බන්ධ වූ ඒකාක්ෂව සම්බන්ධ වේ. සෙන්ටි මීටර් 15 -34 ක් පමණ දිග පුෂ්ප මංජරියක් වන අතර පුෂ්ප මංජරියේ ජයාන්ගය පුමාංගය යන දෙකම පවතී. පිරිමි මල් උඩ කොටසේ ද ස්ත්‍රී මල් පහළ කොටසේ ද පවතී. වසර පුරාම පුෂ්ප හට ගනී. ප්‍රධාන වශයෙන්ම ඵලය ගත්විට පුපුරන කටු වැනි ප්‍රසර සහිත ගෝලාකාර ඵලයකි. සෙන්ටිමීටර දෙකක් සෙන්ටිමීටර් 2.5 විෂ්කම්භයක් පවතී. පියලි දෙකක් සහිත කොකුස තුනකින් සමන්විත වන අතර එක කොකුස් ඒක එක නීතියක් පවතී .වර්ණවත් බීජයකි . ඉලිප්සාකාර ආයත කියන හැඩ දෙක අතර මේ බීජ පවතී . සෙන්ටිමීටර් එකක් දෙකක් දිගක් වන අතර පිටත බීජ ආවරණ ඝනකම්ය. තද දුඹුරු පාටය. විචිත්‍ර ආකාර හැඩ ඇත. දිලිසෙන සුළුය .

මෙය විවිධ ප්‍රභේද පවතී .
ආයුර්වේදයට අනුව, ස්වේත සහ රක්ත හෙවත් සුදු පාට කඳ සහිත සහ රතු පාට කඳ සහිත එඬරු වර්ග දෙකක් දක්නට ඇත.

වගා කරන ක්‍රමයට අනුව වාර්ෂික මෙන්ම බහු වාර්ෂික ලෙසට ද ප්‍රභේද දෙකක් නම් කළ හැකිය.

දේශීයව , වැට එඬරු සහ බෙහෙත් එඬරු ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකක් පවතී .

ආයුර්වේද ත්මක ව ප්‍රධානව ඖෂධ පිණිස මුල ගන්නා අතර ඊට අමතරව පත්‍ර බීජ තෛල ද ද ඖෂධ පිණිස ගනු ලැබේ . ආයුර්වේද මාත්‍රාව ලෙස මේ එඬරු මුලේ චූරනය හෙවත් කුඩු තුනත් හයත් g අතර ප්‍රමාණයක් අභ්‍යන්තරව / ඒකීය ගන්නා අතර මුල මගින් සාදන ක්වාථය මිලිලීටර් 50 - 100 අතර ප්‍රමාණයක් ගන්නා අතර තෛලය 5ත් 10ත් ml අතර ප්‍රමාණයක් භාවිතා කරයි.

ආයුර්වේදයේ මේ සඳහා විවිධ පර්යාය නාම භාවිතා කරයි.
දණ්ඩ ලා කොළ/ සුදු වර්ගය සඳහා.
✔️ඒරන්ඩ - ප්‍රධාන වශයෙන් වාත සමනය කරන නිසා එමෙන්ම වාතය අඩු කර පාදවල චලනය පවත්වා ගැනීමට උපකාරී වන නිසා මේ සඳහා අපි ඒරන්ඩ කෙනා මේ භාවිතා කරයි.
✔️ගාන්ධර්ව හස්ත - මිනිසෙකුගේ අතේ ස්වරූපය ඇති නිසා.
✔️පන්චඅංඟුල - ප්‍රධානම ඛණ්ඩිකා පහකට බෙදී ඇති නිසා.
✔️වර්ධමාන - ඉතා ඉක්මනින්ම වර්ධනය වන ශාකයක් නිසා.
✔️දීර්ඝ දණ්ඩ - දිගු නටුවක් සහිත නිසා
✔️චිත්‍ර - අලංකාරවත් බීජ ඇති නිසා
✔️වාතාරී - වාත රෝග නාශනය කරන නිසා .

දණ්ඩ රතු / දම් වර්ණ වර්ගය සඳහා
✔️උත්තාන පත්‍රක- පත්‍රතලය ඉහලින් පිහිටන නිසා.
✔️චන්චු -බීජ ‍යේ හොටක් වැනි තුඩක් ඇති නිසා.
✔️ව්‍යාග්‍රපුච්ච -කොටි වල්ගය ආකාර පුෂ්ප මංජරියක් නිසා.

ප්‍රධාන වශයෙන්
⭕වේදනා ,
⭕ඉදිමුම්,
⭕කටී වස්ති සිරා වල ඇතිවන රෝග,
⭕උදර රෝග,
⭕උණ රෝග,
⭕කැස්ස,
⭕ඇදුම ,
⭕කප රෝග හෙවත් සෙම් රෝග ,
⭕බඩ පිපුම,
⭕කුෂ්ඨ රෝග,
⭕වාතරෝග,
⭕හර්නියා වැනි රෝගවලට මෙය භාවිතා කරයි .

එමෙන්ම ඒරන්ඩ පත්‍රවල ඒරන්ඩ ඵලවල වෙන වෙනම ගුණ සහිතයි.

ඒරන්ඩ පත්‍ර,
✅වාතය නැති කරයි
✅කප රෝග නැති කරයි
✅ක්‍රිමි රොග නැති කරයි.
✅ මුත්‍රා අඩුවෙන් පිටවන අවස්ථා වලදී භාවිත කරයි.

ඒරණ්ඩ දළු මගින්,
✅කප වාත නැති කරයි
✅පිත හා රත්තය කෝප කරන අතර.
✅ගුල්ම වස්ති ශූල හෙවත් වේදනා නැති කරයි .

ඒරණ්ඩ පලවල ,.
✅ඇට මද මල භේදක ගුණ ඇත.
✅උෂ්ණ වීර්යයෙන් යුක්ත වේ
✅වාත හරණය කරයි .
✅විරේචන ගුණ සහිතයි
✅අග්නිය දීපනය කරයි
✅යකුත් රෝග
✅ප්ලීහා රෝග
✅උදර රෝග
✅අර්ශස් රෝග නැති කරයි .

ඒරණ්ඩ තෛල
✅අදෝ බාග දෝෂ හරයි.
✅බුද්දිය ඇති කරයි.
✅ කාන්තිය ඇති කරයි.
✅මතකය බලය ඇති කරයි.
✅වයස් ස්ථාපනය කරයි.
✅ශුක්‍ර ශෝධන ගුණ සහිතයි.
✅යෝනි ශෝදක ගුණ සහිතයි.

එඬරු සතුව වාත හර ගුණ, ඉදිමුම් හර ගුණ, වේදනා නාසක ගුණ ,තියෙන නිසා sciatica එමෙන්ම කටී වේදනා වැනි වේදනා තත්ව , ස්ථන වල ඇතිවන ඉදිමුම් තත්වය කර දේ ඇතිවන වේදනා ආමවාත හෙවත් රුමැටොයිඩ ආතරයිටිස් ඒ වගේම සන්ධිවල ඇතිවන ඉදිමුම් තත්වය , උගුරේ ඇතිවන ඉදිමුම් තත්වය, චර්ම රෝගය හෙවත් සමේ රෝග, වාත රක්ත වැනි රෝගවලදී බාහිරින් තැවීම් ආලේප ලෙසට භාවිතා කළ හැකිය . මෙහිදී බොහෝ විට උණු කරගත් පත්‍ර සහ එඬරු තෛලය භාවිතා කරයි.

හෘදයේ ඇතිවන රෝග නැති කිරීමේ ගුණයක් මේ සතුව ඇත එමෙන්ම කිරි වැඩීමේ ගුණ සහිතයි. එමෙන්ම ශුක්‍ර රෝග රෝගවලදී භාවිතා කළ හැකිය.
මුත්‍ර පිරිසිදු කිරීමේ ගුණයක් ඇත එමෙන්ම මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන වේදනා නැති කරයි . අඩුවෙන් මුත්‍ර පිටවන අවස්ථා වලදීද මෙය ඖෂධයක් ලෙස භාවිතා කල හැක. එමෙන්ම සමේ ඇතිවන රෝග බොහෝමයකට මෙය ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි .

අත් බෙහෙත්.

🔴ස්නායු වල දෘඩ භාවය ඇති විට හා ඉදිමුම ඇති විට එඬරු ඇට තැවිලි පොට්ටනි ආකාරයට භාවිතා කරයි.

🔴උදරයේ පේශි වල ඇති වන දෘඩ භාවයට එඬරු ඇට මද බැටළු කිරෙන් අඹරා ආලේපයක් ලෙස ද භාවිතා කරයි .

🔴ස්ථනයේ ඇති ඇතිවන ඉදිමුම් වලට එඬරු පත්‍ර තල තලතෙලින් රත්කර අඹරා ආලේප කරයි .එසේ නැතිනම් එඬරු පත්‍ර තම්බා ආලේප කරයි .

🔴මලබද්ද අවස්ථාවලදී එඬරු තෙල් උණුසුම් අමු ඉඟුරු යුසත් එක්ක භාවිතා කරයි.

🔴ස්ථූල අවස්ථාවලදී ලපටි එඬරු මුල් මී පැණියේ බහා තබා ගැනීම සිදුකරයි .

🔴එමෙන්ම sciatica රෝගයේ දී එඬරු ඇට මද එළකිරෙන් තම්බා අඹරා ආහාරයක් ලෙස ගනී.

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
ආයුර්වේද විශ්ව විද්‍යාලය [UG] )

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡ පෙරලිපි සඳහා පිවිසීමට

🔴⭕ පිළිකා වනසන කටුපිල ⭕🔴

https://www.facebook.com/103543444687579/posts/379137420461512/

🔴⭕ සුව සදන මූණමල් ⭕🔴

https://www.facebook.com/103543444687579/posts/354704452904809/

🔴⭕ සෙමට නැතිව්ම බැරි පාවට්ටා ⭕🔴

https://www.facebook.com/103543444687579/posts/350944629947458/

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤

➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය

☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘

Photos from ස්වස්ථායු අරණ - Swasthayu Arana's post 29/10/2021

🍀🍀🍀 #ඔසු_පැළ 🍀🍀🍀

Want your business to be the top-listed Clinic in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මුල්තානිමිට්ටි සත්කාරය
කරපිංචා වලින් අත් බෙහෙත්
🌳🌳#ආයුර්වේද_ගීතය🌳🌳

Category

Website

Address

Ratnapura
Other Medical & Health in Ratnapura (show all)
Nawyajeewa Ayurveda Nawyajeewa Ayurveda
Ratnapura, 70500

Arogya Medical Centre Arogya Medical Centre
B38,alangoda
Ratnapura, B

Aarogya medical centre founded in 1999 is a full-service, comprehensive healthcare facility, dedicat

BODY Health Sport theraphy BODY Health Sport theraphy
Ratnapura
Ratnapura, 70000

designed to assist in correcting problems and inbalances in soft tissue that are caused from repecti

Sumethma Ayurvedic Medical Centre Sumethma Ayurvedic Medical Centre
Thelwatte, Mudduwa
Ratnapura

Dr. D.G. Nilusha Awanthi, Thelwatte,Mudduwa,Ratnapura.

Prabhayu Ayurvedic Products Prabhayu Ayurvedic Products
Ratnapura

Come and feel the secrets of Ayurveda! Dr. M.G.H.D.Gamage BAMS(Hons) University of Colombo Certific

Nursing care your doorstep Nursing care your doorstep
Ratnapura, 70000

Wound dressing ,catheter change ,NG tube change,IV and other medine according to medical advice

Srivitharana Pharmacy Education Srivitharana Pharmacy Education
Ratnapura

Srivitharana Pharmacy Education Institute Ratnapura

RDHS - Rathnapura RDHS - Rathnapura
New Town
Ratnapura, 70000

District Director of Health Service in Rathnapura Belongs to Sabaragamuwa Province in Sri Lanka

Medilan.lk Medilan.lk
84, Good Shed Road
Ratnapura, 70000

Medilan.lk we offer Branded and Generic Medicines. We choose only the most effective, trusted, affor

Tuch Spa For Ladies Tuch Spa For Ladies
Ratnapura
Ratnapura

Health

ADAMO gem and jewellery ADAMO gem and jewellery
Mahawelawathta/ratnapura
Ratnapura, 70600

We are made up of 2 firms: ADAMO Exporters & ADAMO Importers. We at ADAMO are root to put everything