Art for You

Let your loved ones shape with a lovely painting.������

13/05/2022

My painting ❤️🎨
Mediam-Acrylic

08/05/2022

මගේ පින්සලෙන් මැවූ මව් සෙනෙහස..❤🎨
Mediam-Acrylic 🎨

ලොව වෙසෙන සියලු මවුවරුන්ට උපහාරයක් වේවා..🙏🙏❤️😊

සෙනෙහස වැඩි දා..
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතේ..
මායාවක්වී එහි තනිවූ දා..
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ...

🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

Photos from Art for You's post 05/04/2022

𝑺𝒖𝒏𝒇𝒍𝒐𝒘𝒆𝒓𝒔 𝒊𝒏 𝑽𝒂𝒏 𝑮𝒐𝒈𝒉 𝑴𝒖𝒔𝒆𝒖𝒎. 🌻

22/03/2022

කැලණිය ඓතිහාසික රාජමහා විහාරය රනින් ඔප කල මහා සිත්‍තරා වූ ... .... " වලිමුණි සෝලියස් මෙන්ඩිස් " .... ....

විසිවැනි සියවසේ මුල්භාගය යුරෝපා ආභාෂය තදින්ම ශ්‍රී ලංකාවට බලපෑ සමයක් විය. දේශීයත්වය වෙනුවට විදේශීය විවිධත්වය අගැයීම එම යුගයෙහි ප්‍රචලිතව පැවතිණි. හෙළ සිතුවම් සම්ප්‍රදායද ඒ මඟ ඇදීයමින් ස්වභාවික දේ එලෙසම ඇඳීමේ යුරෝපා ශෛලියටම යොමුවී පැවතියේ ය. එහෙත් පෙරදිග සම්භාව්‍ය සම්ප්‍රදාය වූයේ ද ලාංකේය අනන්‍යතාව වූයේ ද ස්වභාවිකත්වය ඇසුරින් නිර්මාණාත්මක සිතුවම් කලාවක් බිහිකිරීමයි. එවන් සමයක විප්ලවවාදී සද්කාර්යයකට පුරෝගාමී වූ සිතුවම් ශිල්පියකු වූයේ කලාගුරු වලිමුණි සොයිලියස් (සෝලියස්) මැන්දිස් මහතා ය.

1896 ජූලි මස දොළොස්වැනි දින හලාවත මාදම්පේ මහ බද්දේගම ග්‍රාමයේ උපන් (සොයිලියස්) සෝලියස් මැන්දිස්ගේ පියා වූයේ ආයුර්වේද වෙද මහතෙකුවූ වලිමුණි සිරිනේලිස් මැනිදිස් මහතා ය. සිරෝ මැන්දිස් මහත්මිය සෝලියස් මැන්දිස් ගේ මෑණියන් විය. ඔහුට සහෝදර සහෝදරියන් අටදෙනෙක් විය. පිරිමි සොහොයුරන් වූයේ කොමලිස්, ලයලිස්, යුවලිස්, සරාලිස් සහ දාර්ලිස් ය. සොහොයුරියන් තිදෙනා වූයේ නේලිස්, ත්‍යාගරුචි සහ සේරා ය. දෙමාපියන්ගේ අදහස වූයේ ළදරු සොයිලියස් (සෝලියස්) වෛද්‍යවරයකු කිරීම ය. එබැවින් පියාණන් විසින් දරුවාට වෙදකම ද ක්‍රම ක්‍රමයෙන් දායාද කරන්නට විය.

සොයිලියස් (සෝලියස්) සිසුවාගේ මුල්ම පාසල වූයේ මාදම්පේ ක්‍රිස්තියානි පාසලයි. සත්වැනි පන්තිය දක්වා එහි ඉගෙනුම ලැබූ ඔහු අනතුරුවනාත්තන්ඩිය වීරසේන විද්‍යාරතන පිරිවෙනට ඇතුළු විය. එහිදී ඔහුගේ එක් ගුරුවරයකු වූයේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ ය. විද්‍යාරතන පරිවෙනෙන් සොයිලියස් (සෝලියස්) මැන්දිස් පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය. සොයිලියස් මැන්දිස් සිතුවම් කළ කැලණි විහාරයේ බිතු සිතුවමක්ඒ අතරතුර මාවිල පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ වෙද හාමුදුරුවන්ගෙන් වෙදකමද ඉගෙනීම කළහ. සිතුවමට ඔහුගේ සිත නැඹුරු වූයේ ඥාතියකු වූ මෙමෝනිස් ද සිල්වා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙකු විසින් එම කාලයෙහි මාවිල විහාර බිතුසිතුවම් නිර්මාණය දුටු බැවිනි. කුඩා කළ පටන් තිබූ ආශාවක් මුදුන් පමුණුවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ මෙමෝනිස් සිල්වා විසින් එම කලා කටයුතු සඳහා සොයිලියස් (සෝලියස්) ද සහභාගි කරවා ගත් හෙයිනි.

සිතුවමට මෙන්ම ඇඹීම් කටයුතු කෙරෙහිද ඔහුගේ සිත යොමු වූයේ මාවිල විහාරයෙහි මූර්ති කලාවන් දැකීමෙනි. එතැන් පටන් ඔහු විහාර කර්මාන්තයෙහි නියැලුණු සිත්තරෙකු විය.තරුණ සොයිලියස් (සෝලියස්) මැන්දිස් කලාකරුවා විසින් මූර්තිමත් කරනු ලැබූ මතු බුදුවන මෛත්‍රී බෝධිසත්ව රුව තේජාන්විත ලීලාවෙන් මාවිල විහාරස්ථානයේ අදද සුරැකිව ඇත. මෙම සුවිශේෂී බෝධිසත්ව රුවෙහි සළුපිළි, මිරිවැඩි සඟල, ආභරණ හා කිරීටය ආදී සියලු දෙයක්ම ඉතා සියුම් කැටයමින් සරසා ඇත.ආධුනික සිත්තරකු ලෙස ඔහු තුළ තිබූ චිත්ත ඒකාග්‍රතාව මාවිල බෝසත් රුව විමර්ශනය කරන විට පෙනී යයි.

මාවිල විහාරස්ථානයේ කලා කර්මාන්තයන්ගෙන් අනතුරුව සොයිලියස් (සෝලියස්) සිත්තරා පොළොන්නරුව ශ්‍රී ජය විහාරය, උඩුබද්දාව විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය හා ගිරිඋල්ලේ මැද්දෙපොල යන විහාරස්ථානවල චිත්‍ර හා මූර්ති කර්මාන්තයන්හි යෙදී ඇත. ගිරිඋල්ල මැද්දේපොල විහාරස්ථානයේ බිතුසිතුවම් නිමකළ සොයිලියස් (සෝලියස්) සිත්තරා එම සිතුවම් වලට යටින් ඔහුගේ අත්සන හා 1922 වර්ෂය යොදා ඇත.

මැද්දේපොල විශේෂත්වය වන්නේ එහි මූර්ති කලානිර්මාණයන් ය. එම මූර්ති තුළින් මතුවන්නේ සොයිලියස් (සෝලියස්) මැන්දිස්ගේ නිදහස් බෞද්ධ කලා ආරේ අනන්‍යතාවයි.

කැළණි පන්සලේ සිතුවම් ..... 💥

එම සිත්තරාගේ සම්භාව්‍ය නව කලා ආරේ ස්වර්ණමය සමය වන්නේ කැලණියේ නව විහාරයේ බිතු සිතුවම් ඇඳි කාලයයි. කැලණි නව බිතු සිතුවම් ඇඳීමේ කාර්යය ඔහු වෙත පැවරීම මුළු මහත් ජාතියේම වාසනාවට සිදුවූවක්ම විය. මහින්දාගමනයෙන් පසු විසි එක්වන සියවස තෙක් ඇඳුනු සිංහල බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ටතම නිර්මාණ ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ කැලණි නව විහාරයේ බිතු සිතුවම් සමූහයයි.කැලණි නව විහාරය කරවූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් එය සිතුවම් හා මූර්තියෙන් විසිතුරු කිරීමට සුදුසුම කලා ශිල්පියා ලෙස සොයිලියස් (සෝලියස්) මැන්දිස් තෝරා ගෙන ඇත. සිත්තරාගේ සංස්කෘත, පාලි හා සිංහල භාෂා දැනුමත් ඉතිහාසය හා බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයත් විජයවර්ධන පවුලේ ප්‍රසාදයට හේතු වී ඇත. තැන්පත් නුවණින් හා මනා ශිල්පීය නිපුණතාවයෙන් යුතු සෝලියස් මෙන්දිස් කැලණි විහාර නව කලා කර්මාන්තය භාරගෙන ඇත්තේ දොහොත් මුදුන්දීමෙනි.කැලණි නව බිතුසිතුවම් ඇඳීමට පෙර ශිල්පියා විජේවර්ධන පවුලේ අනුග්‍රහය මත භාරතීය චිත්‍රකලා නිර්මාණ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත. පෙරදිග සම්භාව්‍ය කලාවේ විශිෂ්ටතම නිදසුන් සමූහයක් සහිත අජන්තා, එල්ලෝරා හා භාග් යන ස්ථාන නැරඹීමට ඔහුට අවස්ථාව ලැබුණේ එබැවිනි. අතිශය සියුම් වූ නිරීක්‍ෂණයෙන් යුතු වූ ඔහු එම නිර්මාණයන්හි භාව පූර්ණ ගුණය පරිකල්පනයෙන් හා දේශීය අනන්‍යතාවයෙන් යුතුව හෙල බොදු කලා මගෙහි සලකුණු කළේ කැලණි පුදබිමෙහි ය.භාරතීය චාරිකාවෙන් පසු ඔහු තුළ සිදු වූ අධ්‍යාත්මික විපර්යාසයට නිදසුන් වන්නේ හුදු සරල සිතුවම් කරණයෙන් මිදුණු ගැඹුරු සෞන්දර්ය රසාස්වාදයකට තුඩුදෙන නව කැලණි විහාර බිතු සිතුවම් සමුදායයි. ලක්දිව

ඓතිහාසික චිත්‍ර කලාවක් ආසියානු සම්භව්‍ය කලාවත් සංකලනය කළ ඔහු තමන්ටම ආවේණික වූ ආත්ම ප්‍රකාශනයක් කැලණි චිත්‍ර හා මූර්ති කලාවෙන් නිරූපණය කළේ ය. තුරුණු වියෙහි සිට එනම් තිස්වැනි වියෙහි සිට දහඅට වසරක් පුරා තම දිවියේ සොඳුරුතම අවධියක් විහාර සිතුවම් කලාව වෙනුවෙන් කැපකරන්නට මෙම අසහාය සිත්තරා සමත් විය. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ පින්බිම බැබලවීමට තරම් වූ ප්‍රභාවයක් කැලණි විහාර නව බිතුසිතුවම් තුළ මුසුවන්නේ එබැවිනි. වසර දහඅටක් පුරා පලංචි මත උඩුබැල්ලෙන් දිගාවී සියුම් තෙළිතුඩින් මාහැඟි සිතුවම් සමූහයක් කළ සෝලියස් සිත්තරු කැලණි නව විහාරය බෞද්ධ සිතුවම් කලාගාරයක් බවට පත්කොට ඇත.

එකල ලක්දිව ආණ්ඩුකාර පදවිය ඉසිලු කැල්ඩිකොට් නම් ප්‍රභූවරයාද සෝලියස් මැන්දිස්ගේ සිතුවම් ඇඳීමේ කාර්යය නැරඹීමෙන් මහත් ප්‍රසාදයට පත්ව ඇතැයි පැවසේ. බොහෝ පන්සල් වල මෙන් ඒකාකාරී ලෙසින් ජාතක කථා ඇඳීමක් කැලණි සිතුවම් වල නොමැත. ඒ වෙනුවට සම්බුදු සසුනෙහි ඓතිහාසික සිදුවීම් මාලාවක් බොදු සිත් පහන්වන හැඟුමින් යුතුව සිතුවම් වී ඇත. කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, විහාර මහා දේවියගේ කථාපුවත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම ආදී ඓතිහාසික පුවත් ගුරු, දුඹුරු හා අඳුරු කහ යන වර්ණ ප්‍රභේද සංයෝජනයෙන් අපූර්වත්වයෙන් යුතුව චිත්‍රණය කොට ඇත.

බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය ආදී පුවත් දැක්වීමේ දී අභිමානවත් බවද සංයමයද මැනවින් මුසුව ඇත. කැලණි සිතුවම් වර්ණ ගැන්වීම සඳහා ශිල්පියා යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍යයන් වූ මකුළු මැටි ස්වභාවික කොළ, මල් හා කැඩුනු බිත්තරවල සුදු මදයයි. සිතුවම් කරණයේ දී ශිල්පියා ගේ අපේක්‍ෂාව වී ඇත්තේ බෞද්ධයන් තුළ බුදුගුණ පිළිබඳ ආනන්දනීය හැඟුමක් ඇති කොට ඔවුන් ප්‍රඥාව කරා යොමු කරවීමයි. පෙර අපර දෙදිග කලාශිල්පීන්ගේ අපේක්‍ෂාවන් අතර කිසියම් ප්‍රතිවිරෝධයක් ඇතිවන්නේ ද මෙම අපේක්‍ෂාවන් තුළිණි. ආනන්දයෙන් ප්‍රඥාව වෙත රසිකයා යොමුකිරීම පෙරදිග සම්ප්‍රදාය වූ නමුත් අපරදිග සම්ප්‍රදාය ආනන්දය වෙතම ජනතාව යොමුකිරීමයි. බොදුජනතා ශ්‍රද්ධා භක්තිය වර්ධනයද සංස්කෘතික පුනර්ජීවනයක් ඇතිවීම ද කැලණි සිතුවමින් සිදුවන බව අවිවාදයෙන් පිළිගත යුතු ය. අතීත අභිමානවත් ජයග්‍රහණයෙන් ගේ සිහිවටන ජනතාවගේ හදවත් තුළ සදා නොමියෙන ලෙස තැන්පත් වන්නේ කැලණි විහාර මනරැඳි සිතුවම් නැරඹීමෙනි.ලෝපසිඳු අද්විතීය සිතුවම් හා මැනවින් සැසදෙන්නා වූ කැලණි සිතුවම් නෙතරැඳි සියලු සිතුවම් අභිබවා යයි. මනරැඳි සොඳුරු සිතුවම් හා මුසුවූ බුදුගුණ කැලණි පුදබිම සිසාරා නිබඳව විහිද යයි. ඒ සෞම්‍ය වූ සිතුවම් තුළින් අප තුළ ඇතිවන්නේ හෙළ බොදු හැදියාවන් හා අනන්‍යතාවන්ගේ ජීවන රිද්මයයි. ඓතිහාසික වූත් විශිෂ්ට වූත් බෞද්ධ ශිෂ්ටාචාරයක් අපගේ මවුබිම සතු බව මතු පරපුරට පහාද දීමට මෙවැනි බිතු සිතුවම් ද මහෝපකාරී වේ. අපරදිග සංස්කෘතියක හැඟුම් බෙහෙවින් පැතිර ගිය සමයක මෙවැනි විප්ලවීය සිතුවම් සමූහයක් වසර ගණනාවක් පුරා මනා සංයමයකින් යුතුව ඇඳිය හැකි වන්නේ අභීත යුගපුරුෂයකුට පමණි. එය ඔහුගේ අධ්‍යාත්මික උත්කෘෂ්ටභාවයේ සංකේතයකි.වරෙක භාරතීය මහා චිත්‍ර කලා විචාරකයකු හා විශාරදයකු වූ නන්දලාල් බොස් කැලණි බිතු සිතුවම් ඇඳීම සඳහා කැඳවනු ලැබ ඇත. එහෙත් සෝලියස් මැන්දිස්ගේ සිතුවම් දුටු නන්දලාල් බෝස් ප්‍රකාශ කළේ එම කාර්යයට සුදුසුම පුද්ගලයා මැන්දිස් සිත්තරා බවයි. සිංහල බෞද්ධ ජනතාවගේ හද හැගෙන රිද්මය හඳුනාගත හැකිවනුයේ දේශීය අනන්‍යතාවය ලද ශිල්පියෙකුට පමණක්ය යන්න එයින් සනාථ වෙයි. ගැමි ජනජීවන සුවඳින් ඔපවත් වූ ශිල්පියකු වූ සොයිලියස් (සෝලියස්) සිත්තරා සරමක් හැඳ කොණ්ඩය බැඳි, බුලත්විට සපන සාමාන්‍ය සිත්තර බාස් උන්නැහේ කෙනෙකු ලෙස නිර්ව්‍යාජව තම මුළු දිවියම නිහඬව ගත කළේ ය.තෙල් සායම් හා දියසායම් චිත්‍ර පිළිබඳ ප්‍රවීණ ශිල්පියෙකු වූ මුදලිඳු ඒ.සී.ජී.එස් අමරසේකර මහතා කැලණි සිතුවම් පිළිබඳව මෙසේ පවසා ඇත.

“අපේ සමකාලීන චිත්‍ර ශිල්පීන් අතුරෙන් ඉතාම විශිෂ්ට සේවය කර ඇත්තේ මැන්දිස් මහතා ය. කැලණියේ චිත්‍ර ඇඳීම ලේසිපාසු කාරියක් නොවේ. එයින් පලවන දේශීය කලා ආරට මගේ ගෞරවය පුදකරමි. වසර ගණනාවක් මුළුල්ලේ මුළු මහත් නිර්මාණ ශක්තියම සිතුවම හා මූර්තිය වෙනුවෙන් කැපකළ ඔහු අවසන් සමයේ ලෝපසිඳු මයිකල් ඇන්ජිලෝ මෙන්ම කටුක දුක්බර වේදනාවෙන් යුතු ගත කර ඇත.

ඔහු තම අල්පේච්ඡ දිවිය තුළ ආබාධිත දරුවන් වෙනුවෙන් මහත් මෙහෙයක් ද ඉටු කළේ ය. එනම් 1950 වර්ෂයේ රුපියල් හත්ලක්‍ෂයක වියදමින් ආබාධිත දරුවන් වෙනුවෙන් නිවහනක් තනා පරිත්‍යාග කොට එහි නඩත්තුව සඳහා තම ඉඩම් අක්කර ගණනාවක්ද පවරා දීමයි. එය නම් වී ඇත්තේ සිවිරාජ ඇඳ බිහිරි පාසල නමිනි. හලාවත මහවැව දී එය විවෘත කරන ලද්දේ 1958 දී බණ්ඩාරනායක මැතිණිය විසිනි. තම එකම වාහනය වූ අංක 4 ශ්‍රී 7021 දරන මෝටර් රථයද ආබාධිත දරුවන්ගේ පරිහරණයට ත්‍යාග කිරීමට ඔහු තීර්ණය කළේ ය.පසුව ආබාධිත ළමා නිවාසයට යාබදව කුඩා නිවෙසක් සාදාගෙන තම ගෝලයකු හා උදව්කරුවකු වූ සෝමපාල සමග එහි වාසය කළේ ය. මස්මාංශ හා දුම් වැටියෙන්ද වැලකී සිටි තැන්පත් පුද්ගලයකු වූ ඔහු දඩාවතේ ගිය බල්ලන් ගෙදරට ගෙනවිත් ආහාරපානාදියෙන් පෝෂණය කළේ කරුණාභරිතවය.

සීගිරි සිතුවම් පිළිසකර කිරීමට පැමිණි ඉතාලි ජාතික ලුෂියානෝ මරන්සි නම් මහා චිත්‍ර ශිල්පියාද වරෙක සෝලියස් මැන්දිස් සොයා මහවැව නිවසට ගියේ ය. ඒ වන විට ඔහු තම ගෙවත්තේ වගාවකට සාත්තු කරමින් සාමාන්‍ය ගැමියකු ලෙස ජීවත් වී ඇතැයි පැවසේ.තම මුළු නිර්මාණ ශක්තියම යොදමින් ජාතියට, ආගමට, රටට මහඟු මෙහෙයක් කළ වලිමුණි සෝලියස් මැන්දිස් නම් වූ මහා සිත්තරාණෝ 1975 සැප්තැම්බර් මස පළමුවැනි දින මෙලොවින් සදහටම සමුගත්හ..
( Copied )

23/02/2022

මගේ සිතුවමක්..💚🐿️❤️😍
මාධ්‍යය- Acrylic 😌🎨🐿️🐿️

23/02/2022

My Painting..💚🐿️❤️😍
Mediam- Acrylic 😌🎨🐿️🐿️

Photos from Art for You's post 30/12/2021

මෙවර නත්තලට මා කරපු නිර්මාණය 🤗🌟🌲😍😍 කැරකෙන නත්තල් ගහ 🤗❤️🌲🌟

02/12/2021

ලෝක ප්‍රසිද්ධ සිතුවමක්..😌🎨
යුරෝ මිලියන 30 ක ට අලෙවි වී ඇත.
(𝑃𝑎𝑖𝑛𝑡𝑖𝑛𝑔 𝑌𝑒𝑎𝑟-1607 )

Photos from Art for You's post 22/10/2021

❤️😎🎨

Photos from Art for You's post 16/10/2021

I want to be alone, alone with you.💙💛

09/10/2021

😌😌❤️

02/10/2021

තමා නිර්මාණය කරගත යුත්තේ තමන් විසින්මයි...❤️🤗

31/08/2021

💛✨🌻Van Gogh museum💛✨🌻

Photos from Art for You's post 07/08/2021

✌️JOCKER.-𝑴𝒚 𝑩𝒊𝒈 𝑨𝒓𝒕-✌️
ඔස්කාර් සම්මාන පවා දිනන ඔහුගේ ඒ විශිෂ්ට රoගනය දැකීමටවත් ඔහුට නොහැකි උනා..😥
"තම චරිතය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කර තම දිවියෙන් සමුගත් අසහාය නලුවා " " "හීත් ලෙජර් "👌🧤
❤️ RIP Heath ledger ❤️

20/07/2021

මගේ සිතුවමක්..😍❤️🐟
Mediam-Acrylic On Paper 🐠🐟🐠🐟🐠🐟💙

11/07/2021

Mona & vango ❤️🎨😊

Photos from Art for You's post 06/07/2021

#සොයිලියස් මැන්දිස් සිත්තරා සහා කැලණි චිත්‍ර

උපත ලද්දේ 1897-ජුනි 17 දා මහවැවදීය.ඔහුගේ පියා සිරිනේලිස් මැන්දිස් වෙද මහාතා ය. මව සිරෝ මැන්දිස්ය.දරුවන් නම දෙනෙකු ගෙන් යුත් පවුලක දෙවැන්නා වූ සොයිලියස් කුඩා කල ඉගෙන ගත්තේ මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙනි.ඉන්පසු වීරහේන පිරිවෙනේදි පාලි , සංස්කෘති ආදිය හැදෑරීය. මෙ අතර තුර මාරවිල විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කරන අයුරු ද ඔහුට නරඹන්නට අවස්ථාව ලැබුණි . එ කෙරෙ දැඩිව සිත ඇදීගිය සොයිලියස් උදේ සවස ගොස් පැය ගණන් බිතු සිතුවම් අඳින ආකාරය දෙස බලා සිටියේය.මෙ ඇසුරෙන් ක්‍රමක්ක්‍රමයෙන් සිත සිතුවම් කරනයට යොමු විය.ඔහුගේ චිත්‍ර අධ්‍යාපනික පාසල වුයේ පන්සල් බිත්තිය ය.

#සිතුවම් කල විහාර

#මැද්දේපොල රජමහා විහාරය
#රනස්ගල්ල රජමහා විහාරය
#පොලොන්නරුවේ ශ්‍රී ජයමහා විහාරය
#මල්වාන ලෙනගම්පොල රජමහා විහාරය
#කැලණි විහාරය

මුල් කාලිනව යුරෝපා ශෛලියක් අනුගමනය කලත් මොහු පසුව ක්‍රමයෙන් ස්භාව්ක චිත්‍ර ශෛලිය වෙනුවට රිද්මයකට ඇදෙන චිත්‍ර ශෛලියක් කරා ඔහුගේ ඇදීම වෙනස් විය.ඒ බව මැද්දේපොල හා මල්වාන විහාරවලදී දැකිය හැක.

කැලණි විහාරයේ චිත්‍ර නිර්මාණය ඔහුගේ චිත්‍ර කලා ශෛලියේ කූටප්‍රාප්තිය ලෙස දැකිය හැකිය .කැලණිය ඇදීමට පෙර ඔහු ඉන්දියාවට ගොස් අජන්තා ,එල්ලොරා,භාග් ආදි චිත්‍ර අධ්‍යායනය කළේය .

#කැලණි විහාරය සදහා වස්තු ව්ෂය
එ සදහා බුද්ධ චරිතය හෝ ජාතක කතා නොවේ.කැලණි විහාරයේ ඉතිහාසය සමග බැඳුණු ලංකාවෙ සංස්කෘතියේ ඉතිහාසයයි.බුදුන් වහන්සේගේ ලංකා ගමනයේ සිට වර්තමානය දක්වා වූ වැදගත් බෞද්ධ සංස්කෘතික සිද්ධීන් ඔහු ඉතා විශිෂ්ඨ අන්දමින් සිතුවම් කර ඇත.මෙමගින් ඔහු උත්සාහ කලේ නරබන්නා තුල ශ්‍රද්ධාභක්තිය ඇති කිරීමට වඩා පිරිහීගිය සංස්කෘතියයට යලි පුනර්ජීවයක් ලබා දීමයි.

අනුරාධපුර ,පොලොන්නරු යුග වල සිට පැවත ආ සම්භාව්‍ය චිත්‍ර කලා ශෛලිය මුලුමනින්ම යටපත් වී තිබුනී.මෙතෙක් පන්සල් වල තිබු චිත්‍ර තුලින් ජනතාවගේ ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන ලද දාර්ශනික සම්ප්‍රදාය පන්සල් බිත්ති වලින් ගිලිහී තිබුනී.20වනි සියවසේ පන්සල්වල ඇදුණේ අතීත උරුමයන් ලද චිත්‍ර කලා ශෛලියකින් නොව හුදෙක් ඇස පිනවන ස්භාව්ක වාදි යුරෝපා ශෛලියකිනී.

ඔහුගේ රේඛාව අතිශයින් සුන්දර ය.මන බදිනා සුලුය.ජිවයෙන් පිරී ඇත. ස්භාව්කවාදී ජායාරූපමය පර්යාවලොකනය වෙනුවට කල්පිත කලාත්මක පර්යාවලොකනක් මෙහි දැකිය හැකිය .ඔහුගේ වර්න මාලාවද ඇස පිනවන සරල තත්ත්වයේ නැත.එය ආමන්ත්‍රණය කරන්නෙ නිවුනු සන්සුන් සමාධ් ගත කරන සරූපයෙනි.

#වර්ණ සොයා ගැනීම

#හංවැල්ල හා දුනුවාය ප්‍රාදේශ වලින් හිරියල් සොයාගෙන ඇත.මකුළු මැටි,කටුනෙරෙංච්,මදටිය කොල,පාට බොරලු,දියමිත්ත කොල,නිල් අවරිය,සාදිලිංගම් ආදියද නොයෙක් ගස් වර්ග වල මුල්ද වර්න සදහා යොදාගෙන ඇත.
මෙම වර්න සකස් කර ගැනීමේ දී මුලින්ම කලේ තැඹිලි වතුරෙන් දියකර රෙදි කැබැල්ලකින් පෙරා අව්වෙ තැබීමයි.ජලය වාෂ්ප වී ගිය පසු බිත්තර සුදු මද ,දිවුල් මැලියම් ,කුරුදු යුෂ,කජු මැලියම් සමග මිශ්‍ර කරනු ලබයි.ඉන් පසුව පල්මානික්කම් ස්වල්පයක් ඊට මිශ්‍ර කරනු ලබයි.මෙ අයුරින් ඔහුම සාදාගත් වර්න වලින් කැලණි චිත්‍ර මුලින්ම ඇද තිබේ.

වසර 18 තිස්සේ ඔහු කැලණි චිත්‍ර කර්මාන්තය තුල ජිවත් විය.පෞද්ගලික ජිවිතයේ අවශ්‍යතාවයන් පවා චිත්‍ර කලාව වෙනුවෙන් කැප කල මේ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. මහාවැව සිවිරජ අද බිහිරි පාසල ඉදි කරවා එහි නඩත්තුවට තම පොල් අක්කර 85 ක්ම පරිත්‍යාග කලේය .

#මිය යන තෙක් අප්‍රකටකව ජ්වත් විය.කීර්තය හෝ මුදල් සොයා නොගිය මෙ සත් පුරුෂයා 1975 සැප්තැම්බර් 01 මිය ගියේය ...🙏🙏
(Copied-)

04/07/2021

19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව, දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

~බොරුව සහ සත්‍යය~

19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව, දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"අද හරිම පුදුමාකාර දවසක් !"

සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළන්නී ය. මන්ද, ඒ දවස ඇත්තෙන් ම සුන්දර එකක් වීම නිසා ය. බොහෝ වේලාවක් එකට ගත කරන ඔවුහු අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"මේ වතුර ටික හරිම පිරිසිදුයි, අපි දෙන්න ම ළිඳට බැහැල නාමු ?"

නැවත වරක් සැක උපදවා ගත් සත්‍යය, ජලය පරීක්ෂා කර එය ඇත්තෙන් ම ඉතා හොඳ බව දැන ගන්නී ය. ඔවුහු ඇඳුම් ගලවා තබා ළිඳට බැස ස්නානය කිරීමට පටන් ගනිති.

හදිසියේ ම, ළිදෙන් එළියට පැමි⁣ණෙන බොරුව, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නී ය.

මෙයින් කෝපාවිෂ්ඨ වන සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තමාගේ ඇඳුම් ආපසු ලබා ගැනීමට බොරුව සොයාගෙන සෑම තැනක ම දුවන්නී ය. නිරුවතින් දිවයන සත්‍යය දකින ලෝකයා අවඥාවෙන් හා කෝපයෙන් ඉවත බලා ගනිති.

ලජ්ජාවට පත්වන අහිංසක සත්‍යය නැවත ළිඳට පැමිණ එහි සැඟව සදහට ම අතුරුදන්ව සිටින්නී ය.

සැඟව සිටින නිරුවත් සත්‍යය දැකගැනීමට ලෝකයා කිසිදු කැමැත්තක් නොදක්වන හෙයින්, එතැන් පටන් සත්‍යය ලෙස සැරසුණු බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි. ෴

උපුටාගැනීමකි.

Size-91 cm × 72 cm (36 in × 28 in)
Mediam -Oil On canvas.

01/07/2021

ඇක්‍රිලික් මාද්‍යයෙන් කරපු මගේ සිතුවමක්..😊😊❤️🌻🌳🌳🌳☘️🍀🦆🦆🍀☘️🍀☘❤️🌻😍

04/05/2021

සරා.. පාට පැන්සල් කුඩු වලින් .☺️❤️❤️🎨

Photos from Art for You's post 24/03/2021

මෙවත් ආර්ට්.😌😌❤️💛🎨

03/03/2021

💙💛 𝑉𝑎𝑛𝑔𝑜 💛💙😌😌

Photos from Art for You's post 02/03/2021

𝐹𝑜𝑟 𝐴𝑟𝑡 𝑙𝑜𝑣𝑒𝑟𝑠 😌❤️🎨

17/02/2021

♦️New One.[Valentine Gift]☺️☺️💏💏🎁
♦️Mediam-100%Colour Pencil❤️
♦️Comission Work.💛
♦️Art for You ❤️Plz like & Shere ☺️👈

31/01/2021

වැලන්ටයින් දිනයට තව ටික දවසයි නේද..😍😍💞💞🧡💛💚💝දෙන තෑග්ග තාම හිතුවේ නැද්ද..?🤔🤔😌😌
ඔන්න ඔයාගේ ආදරණීය එයාව අලංකාර සිතුවමකින් පුදුම කරවන්න දැන් ඔයාටත් පුළුවන්...😘😘😘😘🙈🙈🙈❤️💞💞💞💞

සියළුම තෑගි සඳහා යොදාගත හැකි චිත්‍ර රැසක් 🙂🙂

Single Photo 👨 👩
Couple Photo 💑
Group Photo 👨‍👨‍👧‍👦
Family Photo 👨‍👩‍👧‍👦
Wedding Photo 🤵👰

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකට 📜

A4 📄
A3 📃
A5 📑

අලංකාර නිමාවෙන් යුතු හොඳම නිර්මාණ 💫💫💫

With Frame & Without Frame 🖼️🖼️

ඔබේ ආදරණීයන්ට අලංකාර තිළිනයන් ලබාගන්න විමසන්න 👩‍🎨👩‍🎨👩‍🎨❤️❤️😍😍

❤️0702024797 Art for You ❤️

10/01/2021

My Colour Pencil Art.❤️😊
Size A4 🎨

03/01/2021

🖤🖤🎉️🎉️❤️😍❤️Welcome to Happy & healthy new Year 2021❤️😍❤️❤️🎉️🎉️ 🖤🖤

23/12/2020

අද මව්බිම පත්තරේ මාගේ නිර්මාණයන් ගැන ලිපියක්..😊😊😍😍😍❤️🤗

Photos from Art for You's post 04/12/2020

ස්වභාවික පරිසරයට පෙම් බඳින ඔබට දැන්.,
නිවසේ ආලින්දය නිදන කාමරය ,කාර්යාලය මෙවැනි අලංකාර සිතුවමකින් සරසා ගන්න..☺️☺️☘️🌺🌴🌻
අවශ්‍යය අය ඉන්නවා නම් විමසන්න..👈
(🎨Wall Arts - Mediam Acrylic 🎨)🎄🎄

29/11/2020

😌😌

Want your establishment to be the top-listed Arts & Entertainment in Kuruwita?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Van Gogh museum💛✨🌻

Category

Art

Telephone

Website

Address

Collinwood, Pussella
Kuruwita

Other Art in Kuruwita (show all)
සිත්රූ සිත්රූ
Kuruwita

Air brush arts&all art works works

Groovy creations Groovy creations
Kuruwita

wall decorations.cards and gifts