Stafford Pre School - Nawalapitiya

Stafford Pre School - Nawalapitiya

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Stafford Pre School - Nawalapitiya, School, .

13/02/2021
Photos from දැනුම්  සයුර's post 12/02/2021
20/01/2021

තෑගි ඔප්පු සම්බන්ධ නීති තත්ත්වය

තෑගි ඔප්පුවක් මගින් දේපලක් පවරා දීම දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, කලත්‍රයා, නෑදෑයින් වැනි යම්කිසි බැදීමක් ඇති, ස්වාභාවික ආදරය සහ කරුණාව (Natural love and affection) මත පදනම් වූ අයෙකුට සිදු කළහැකි අතර එහිදී ප්‍රතිෂ්ඨාවක් හුවමාරු නොවන අතර, හුදෙක් ස්වාභාවික ආදරය සහ කරුණාව ප්‍රතිෂ්ඨාව වශයෙන් සලකනු ලබයි.

තෑගි ඔප්පුවක තෑගි ලැබුම්කරු විසින් එකී ත්‍යාගය භාරගත් බවට අත්සන් කළයුතු අතර, තෑගි ලැබුම්කරු බාලවයස්කරුවෙකු/ විදේශගත වූවෙකු / වෙනත් හේතුවක් මත අත්සන් කිරීම සදහා පැමිණිය නොහැකි පුද්ගලයෙකු නම් තෑගි ලැබුම්කරු වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුට ත්‍යාගය භාර ගැනීමට අත්සන් කිරීමේ හැකියාව පවතී.

තෑගි ඔප්පුවක් කීප ආකාරයකින් සැකසිය හැක.

1. කිසිසේත් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු

අවලංගු කළ නොහැකි ආකාරයට ලියා සහතික කරන ලද තෑගි ඔප්පු සම්බන්ධව නීතිය D. B. Wilson vs. D. Sumanawathie and others (2007) - CA 535/95(F) නඩුවෙන් ආන්දෝලනාත්මක ආකාරයෙන් වෙනස් වූ අතර මෙම නඩු තීන්දුවෙන් පසුව, අධිකරණයේ නඩුවක් පැවරීමකින් තොරව හුදෙක් ප්‍රකාශන ඔප්පුවකින් තෑගි ඔප්පු අවලංගු කළහැකි විය. අභියාචනාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව SC Spl LA 07/2008 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් තහවුරු කරනු ලැබුවෙන් එම කාල සීමාව තෑගි ඔප්පු සදහා පැවති අදුරු කාලසීමාවක් විය.
කෙසේ නමුත් Ariyawathie Meemaduma vs. Jeewani Budhika Meemaduma (2011) 1 SLR L. R. 124-134 (SC appeal number 68/2010) නඩුවෙන් එකී නීති තත්ත්වය වෙනස් කරමින් අවලංගු කළ තෑගි ඔප්පුවක් අවලංගු කළ හැක්කේ සුදුසු අධිකරණයක නඩුවක් පවරා ඉන් ගරු අධිකරණය සෑහීමකට පත් වනවානම් පමණක් බවට තීරණය විය.

එකී නඩු තීන්දුවෙන් අනතුරුව ඇතිවූ නව ප්‍රවණතාවක් වශයෙන් 2017 අංක 5 දරණ අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව පදනම් කරගෙන අවලංගු කිරීමෙ පනත හදුන්වා දෙන ලදී. (Revocation of Irrevocable Deeds of Gifts on the Ground of Gross Ingratitude Act no. 05 of 2017)

එකී පනත ප්‍රකාරව,

* 2 වන වගන්තිය අනුව අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කළ හැක්කේ නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් මගින් නිකුත් කරන ආඥාවකින් පමණි.

*3 වන වගන්තිය අනුව තෑගි ඔප්පුව අවලංගු කිරීම සදහා නඩුවක් පැවරිය හැක්කේ තෑගි ඔප්පුව ලියා සහතික කොට වසර 10ක් ඇතුළත සහ එකී බලවත් අකෘතඥතාව සිදුවී වසර 2 ක් ඇතුළත පමණි.

*4 වන වගන්තිය අනුව එවන් නඩුවක් පැවරීමේදී අනිවර්‍යෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයේ ලිස්පෙන්ඩනයක් ලියපදිංචි කළයුතු වේ.
ඉහත කී නීති තත්ත්වය හේතුවෙන් තෑගි ඔප්පු සදහා යම් ආවරණයක් ලැබුණද තෑගි ඔප්පුවක් ඇසුරින් ඉඩමක් පැවරීම සදහා සකසන ඔප්පු වලදී, එකී තෑගි ඔප්පුව වසර 10 ක් ඉක්මවා ගොස් නොමැතිනම් තෑගි දීමනාකරුගේ අත්සනද ලබාගෙන නව ඔප්පුව සැකසීම අනිවාර්‍ය වේ.

2. කිසිදු හේතුවක් තෑගි ලැබුම්කරුට නොදන්වා අවලංගු කිරීමේ බලය රදවා ගත් තෑගි ඔප්පු

මෙවන් තෑගි ඔප්පුවක් ඇසුරින් ඉඩමක් පැවරීමේදී අනිවාර්‍යෙන් තෑගි දීමනාකරුගේ අත්සන ලබාගත යුතුය.

3. ජීවිත භුක්තිය සහිත තෑගි ඔප්පු

ජීවිත භුක්තිය සදහන් කිරීමෙදී අවශ්‍ය නම් දීමනාකරුගේ හෝ දීමනාකරුට අවශ්‍ය ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ජීවිත භුක්ති බලය හෝ යම් විශේෂිත කොන්දේසි වලට යටත් වූ ජීවිත භුක්ති බලය සදහන් කොට ඔප්පුව සැකසිය හැක.

ජීවිත භුක්තියක් සහිත තෑගි ඔප්පුවක් ඇසුරින් ඉඩමක් පැවරීමේදී ජීවිත භුක්තිකරු ජීවත්ව සිටී නම් ඔහුගේ/ඇයගේ අත්සන් ලබාගත් යුතු වේ.

***ආයතනයකට තෑගි ඔප්පු සැකසීමේ හැකියාවක් ඇති අතර, ආයතනයේ සාංගමික ව්‍යවස්ථාවලියේ වගන්ති වල පැහැදිලිව දක්වා ඇත්නම් එකී කොන්දේසි මත ත්‍යාගය ලබා දීමට හේතුව සහිතව යෝජනා සම්මතයකින් අනුමත කරගැනීමෙන් අනතුරුව (passing a resolution) තෑගි ඔප්පුවක් සැකසීමේ හැකියාව පවතී.

13/01/2021
12/11/2020

Its my pre school..

12/11/2020

Its me..

Website