Ubuntu/Remix+Phoenix & ios sofware

Ubuntu/Remix+Phoenix & ios sofware

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ubuntu/Remix+Phoenix & ios sofware, Computer repair service, .

25/01/2024

ඔයාගෙ phone එකත් සැරින් සැරේ චාර්ජ් කරන එක වදයක් නේද, අවුරුදු පනහකට විතර චාර්ජ් කරන්න ඕන නැති බැටරියක් තියන phone එකක් හම්බුනොත් කොහොමද..?

චීනයෙහි Betavolt technology නම් සමාගමක් විසින් මේ සදහා මුලික පියවර තබමින් ජංගම දුරකථන සදහා න්‍යෂ්ටික බැටරියක් සංවර්ධනය කර තිබෙනවා. මෙහි විශේෂත්වයනම් මේයින් ජංගම දුරකථනයක් වසර 50ක් දක්වා අඛණ්ඩව නැවත චාර්ජ් නොකර භාවිතා කල හැකි වීමයි.

මීට පෙර නිපදවූ න්‍යෂ්ටික බැටරි සාර්ථක නොවුයේ ඒවා ඉතා විශාල විම හා ප්‍රමාණවත් තරම් බලයක් ඒවායින් සැපයිය නොහැකි වු නිසායි. එලෙසම plutonium වැනි redioactive material එකක් යොදාගැනීමත් ඉතා භයානක වුනා.

ඉතින් මේ නිසාම නව පියවරකට යොමු වෙමින් Betavolt සමාගම විසින් අර්ධ සන්නායක ලේයර් එකක් ලෙස ක්‍රියාකරන කෘතිම දියමන්ති ලෙයර් එකක් එහි radionuclide බැටරිය සදහා යොදාගෙන තිබෙනවා.

මෙය ලිතියම් බැටරි වලට වඩා 10 ගුණයක් බලවත් අතර බැටරි ග්‍රෑම් එකක් තුල පැයකින් මෙගාවොට් 3,300ක් ගබඩා කල හැකියි.

මෙහි battery cycle නොමැති බැවින් හායනයකට ලක්නොවන අතරම අහිතකර පරිසර තත්වයන්ගෙන් බලපැමක්ද ඇතිවන්නේ නැහැ.

සමාගම දැනටමත් 15 × 15 ×5 m.m ප්‍රමාණයෙන් යුතු BB 100 නමින් මෙහි වැඩකරන ආකෘතියක් නිර්මාණය කරඇති අතර එයින් මයික්‍රොවොට් 100ක විදුලියක් ජනනය කරනු ලබනවා. එලෙසම ඔවුන් ඉදිරි වසර දෙක තුලදී මෙම තාක්ෂණය පුළුල් කරමින් වොට් 1 දක්වා බලයක් නිර්මාණය කිරීමට අදහස් කර තිබෙනවා.

මෙහි හොද දෙයනම් මෙයින් කිසිදු විකිරණ කාන්දුවක් හෝ විෂ රසායන ද්‍රව්‍යයක් නිපද නොවීමයි.

04/07/2023

Telegram විසින් stories විශේෂාංගය හදුන්වා දීමට නියමිතය.
------------------------

පරිශීලකයන් වසර ගණනාවක් තිස්සේ මෙම විශේෂාංගය ඉල්ලා ඇති නමුත් telegram සමාගම එයට විරුද්ධ වී ඇත්තේ stories විශේෂාංගය සෑම තැනම ඇති බැවිනි. නමුත් පරිශීලකයන්ගේ ඉල්ලීම් ගැන සලකා බලා ඔවුන් stories විශේෂාංගය telegram තුලට හදුන්වා දීමට නියමිතයි.

ඉතින් telegram හි stories තුලින් අනෙකුත් වේදිකාවන් වලට වඩා customize කල හැකි ලෙස එය හදුන්වා දීමට නියමිත බවයි සදහන් වන්නේ.

මෙය messenger හි මෙන් chat list එක උඩින් expandable bubble එකක් ලෙස දිස්වේ.ඔබ පළ කරනු ලබන story ය public, contact සදහා පමණක් , තෝරාගත් මිතුරන් පිරිසකට හෝ සමීප මිතුරන් list එකක් ලෙස තෝරා පළ කල හැක.ඔබට ඔබේ story ය සදහා සිරස්තල(captions), links සහ මිතුරන් tag කිරීමටද අවස්තාව ලබා දෙනු ලැබේ.පරිශීලකයන්ට ඉදිරිපස හා පසුපස camera වලින් ගන්නා ලද photos සහ videos ද පළ කිරීමට හැකියාව ලබා දී ඇත.

පරිශීලකයන්ට සමහර contact වල පළ කරන ලද post දැකීමට අනවශ්‍ය නම් ඔවුන්ව contact section තුල පවතින "Hidden" list තුලට ගෙන යා හැක.
Telegram වෙතින් ගෙන ඇති හොදම දෙය නම් පරිශීලකයන්ට ඔවුන් පළ කරන ලද story ය expire වීමට අවශ්‍ය කාලයක් තෝරා දිය හැක. එම කාල පරාස ලෙස අනෙකුත් සේවාවන් වල මෙන් පැය 24 කාලය සහ telegram වෙතින් හදුන්වා දෙන ලද පැය 6, 12, හා පැය 48 කාල පරාසයන් ඔබට ලබා දිය හැක.ඔබට ඔබ පළ කරනු ලබන story ය ඔබගේ profile page ය තුල ස්ථිරව පෙනෙන ලෙස සැකසිය හැකි අතර ඔබ එසේ කලහොත් අනෙක් අයට පෙනෙන ලෙස සෑදීමට බල නොකරන අතර එක් එක් post තුල privacy settings තෝරගත හැකිය.

මෙම විශේෂාංගය පරීක්ෂා කරමින් සිටින අතර අවසන් පරීක්ෂණ මට්ටමේ පවතී. Telegram පවසන්නේ ජූලි මස මුල සිට stories ඔබගේ app එක තුල බලා ගත හැකි බවයි.

30/08/2021

question(ප්‍රශ්නය):-
===========
මම මේ දවස වල පොඩි Personal Web site Project එකකට සුදුසු Web site ගැන
Plan කරමින් තමයි ඉන්නේ.

මට ඕන වෙලා තියනවා මේ site එක එක්කෝ PHP හෝ ASP.NET වලින් කරන්න.

මට තියන ප්‍රශ්නය තමයි. අපි මේ දෙකෙන් එකක් තෝරාගන්න කොට අපිට ගොඩක්
හිතන්න වෙනවනේ Web Hosting ගැන මේ දෙකෙන් වඩාත්ම වැඩි ප්‍රමාණයක් Servers
Support කරන්නෙත් Hosting අඩු/හොද මිලකට ගන්න පුළුවන් වෙන්නෙත් මොකෙන්ද?

answer(පිලිතුර):-

මම නම් කියන්නෙ PHP තෝර ගන්න කියල. මොකද ඒක Open source නිසා හා Linux web servers වල run කරන නිසා යන වියදමත් අඩුයි. අනෙක ඉගන ගන්නත් ලෙසී.

ASP කියන්නෙ Microsoft ල දෙන Language එකක්. windows server එකක් web site එක දුවවන්න එකක් හොයන්නත් ටිකක් අමාරුයි. අනෙක ටිකක් වැඩිපුර මුදලක් සාමාන‍ය servers වලට වඩා ගෙවන්නත් වෙනව. VPS, Dedicated servers වගේ වල run කරන්න ගියොත් අපිට සල්ලි දීල windows license වෙනම ගන්නත් වනව. තවත් වෙනම MSSQL license ගන්නත් වෙනව databases වලට.

ASP.Net අවෂය නම් mono භාවිතා කරල host කරන්න පුළුවන්. නමුත් mono වල සහට දක්වන විදිහට පොඩි පොඩි වෙනස් කිරීම් කරන්න වෙයි.

http://www.ubiquityhosting.com/

http://www.grokthis.net/ වැනි වෙබ් අඩවි Mono hosting ලබාදේ.
======
ගොඩාක් අය පොඩි වෙබ් අඩවි වලට දැන් කරන්නෙ ASP .Net සමග XML, MySQL වගේ ඩේටාබේස් එකක් භාවිතා කරනව. මේ වැඩේ පහසුවෙන් customized වෙබ් අඩවියක් සකසා ගන්න පුළුවන්. නැතිනම් joomla, Drupal වගේ script එකක් භාවිතා කරල තමන්ටම කියල theme එකක් හදාගෙන කරගන්නත් පුළුවන්.

Timeline photos 24/10/2020

iTools 4.3 (allpcworld)
^^^^^^^^^^^^^^^^^^^^^^



iTools 4.3 දළ විශ්ලේෂණය
IDevices කළමනාකරණය කිරීම සඳහා නාද රටා හැසිරවීම, දත්ත උපස්ථ කිරීම සහ ස්ථිරාංග බාගත කිරීම වැනි සියලු දත්ත කළමනාකරණ කාර්යයන් හැසිරවිය හැකි විශේෂිත යෙදුමක අවශ්‍යතාවය පවතී. iTools 4 සියලු දත්ත කළමනාකරණ කාර්යයන් හැසිරවිය හැකි විශ්වාසදායක යෙදුමක් සපයයි. උපාංගයට සම්බන්ධ වීමට යෙදුමට අයිටියුන්ස් අවශ්‍ය වේ. පරිශීලකයින්ගේ පහසුව සඳහා සරල හා ස්වයං පැහැදිලි කිරීමේ පරිශීලක අතුරු මුහුණතක් තිබේ. එය පරිගණකයේ ක්‍රියාකාරිත්වයට කිසිදු බලපෑමක් නොකර සියලු කාර්යයන් කාර්යක්ෂමව ඉටු කරන සැහැල්ලු වැඩසටහනකි.
------------------------------------------------------
Thinksky iTools 4.3 නොමිලේ බාගත කිරීම

එපමණක් නොව, යෙදුමට දේශීය පරිගණක පුස්තකාලය මෙන්ම උපාංගයේ අන්තර්ගතය පිරික්සීමට හැකිය. ඊට අමතරව, පින්තූර, මාධ්‍ය ලිපිගොනු, අයිබුක්ස් සහ වෙනත් ලේඛන පිරික්සීමට යෙදුමට හැකිය. IDevices සඳහා ආකර්ෂණීය නාද රටා නිර්මාණය කළ හැකි රින්ග්ටෝන් නිෂ්පාදකයෙක් සිටී. උපාංගයේ මාධ්‍ය ගොනු බැලීමට උපකාරී වන බිල්ට් මීඩියා ප්ලේයරයක් ඇත. සියල්ලට ම, එය iPhone, iPod හෝ iPad අන්තර්ගතය හැසිරවීම සඳහා Thinksky විසින් සම්පුර්ණ පරිසරයක් වේ.
------------------------------------------------------

අයිටූල්ස් හි විශේෂාංග 4.3
අයිටූල්ස් 4.3 හි සමහර විශේෂාංග:
------------------------------------------------------
IDevices අන්තර්ගතය හැසිරවීමට ප්‍රබල යෙදුම
ක්ලික් කිරීම් කිහිපයක් සමඟ නාද රටා නිර්මාණය කිරීම සඳහා බිල්ට් රින්ග්ටෝන් නිෂ්පාදකයා
මාධ්‍ය සහ අයිබුක්ස් හැසිරවීමට සියලුම ඇපල් උපාංග සඳහා සහය දක්වයි
උපාංගයේ මාධ්‍ය ලිපිගොනු බැලීම සඳහා සාදන ලද මාධ්‍ය වාදකය
සෘජු පරිශීලක අතුරුමුහුණතක් සහිත සැහැල්ලු යෙදුම
ඇපල් උපාංග මෘදුකාංග හෝ ස්ථිරාංග බාගන්න
පණිවිඩ වෙත ඉක්මන් ප්‍රවේශය ලබා ගන්න සහ පණිවිඩ උපස්ථ කිරීමට සහාය වන්න
බිතුපත් අංශය මඟින් පින්තූර පෙරදසුන් කර උපාංගයට ආනයනය කරයි
යෙදුම්, ෆෝල්ඩර, කෙටි පණිවුඩ, සම්බන්ධතා, සැකසුම් සහ ඉතිහාසය උපස්ථ කර ප්‍රතිස්ථාපනය කරන්න
PXL පැකේජ IPA ආකෘතියට පරිවර්තනය කර පසුව ඒවා ස්ථාපනය කරන්න
දත්ත කළමනාකරණය සහ තවත් බොහෝ ප්‍රබල අංග
------------------------------------------------------
ITools සඳහා පද්ධති අවශ්‍යතා 4.3
_______________________________________
ඔබ අයිටූල්ස් බාගත කිරීමට පෙර, ඔබේ පද්ධතිය ලබා දී ඇති අවශ්‍යතා සපුරාලන බවට වග බලා ගන්න.
_______________________________________
මෙහෙයුම් පද්ධතිය: වින්ඩෝස් 10/8/7 / විස්ටා / එක්ස්පී
නිදහස් දෘඩ තැටි අවකාශය: අවම නිදහස් HDD 200 MB
ස්ථාපිත මතකය: අවම RAM 1 GB
සකසනය: ඉන්ටෙල් පෙන්ටියම් 4 හෝ ඊට පසු
iTools 4.3 නොමිලේ බාගත කිරීම
වින්ඩෝස් x86 සහ x64 අයිටූල්ස් 4.3 බාගත කිරීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
****************************
https://allpcworld.com/processing-download-request/

07/06/2020

Face ID වැඩ කරන්නෙ මෙහෙමයි.....
=====================
ස්මාර්ට් ෆෝන් වල ආරක්ෂාව වැඩිකරන්න ලගදි ආපු ගොඩක් ෆෝන්වල තියෙන අංගයක් තමයි Fingerprint ID කියන්නේ. ඉතිං Fingerprint ID වල සමුගැන්ම සනිටුහන් කරන්න ඒක ලෝකයට හදුන්වලා
දුන්න Apple ආයතනය විසින්ම හදුන්වලා දෙන අලුත්ම උපක්‍රමය තමයි Face ID කියන්නේ. අද ලිපිය ඒ ගැන.

මොකද්ද Face ID කියන්නෙ?
=====================
ඇපල් සමාගමේ අලුත්ම හඳුන්වාදීම වෙන iphone X දුරකතනයත් එක්ක ලෝකෙට හදුන්වාදීපු අලුත්ම ආරක්ෂක උපායමාර්ගය තමයි Face ID කියන්නේ. මෙහිදි ඔබට ඔබේ මුහුණ උපයෝගී කරගෙන ජංගම
දුරකතනය අන්ලොක් කරගැනීමට හැකියාව ලබාදෙනවා.

ඇපල් සමාගමේ ම නිර්මාණයක් වන Fingerprint ID සමග දුරකතන ලෝකයට ආපු ජෛව විද්‍යාත්මකව දුරකතන හිමිකරුව හදුනාගැනීමේ විෂය ක්⁣ෂේත්‍රයේ තවත් ඉදිරි පිම්මක් විදිහට 2017 සැප්තැම්බර් මස 12
වැනිදා එලි දැක්වූ මෙම තාක්ෂණය හඳුන්වන්න පුළුවන්.

මෙහි ඇති විශේෂම ලක්‍ෂණය තමයි ඔබේ මුහුණේ විවිධ වෙනස්කම් වලට අනුගතවීමට මෙම මෙවලමට ඇති හැකියාව. උදාහරණයක් විදිහට ඔබ කණ්නාඩි, තොප්පි, ස්කාෆ් පැළඳගෙන සිටින අවස්ථාවල
විතරක් නෙවෙයි, ඔබගේ විවිධ රැවුල විලාසිතා මෙන්ම මේක්අප් භාවිතා කිරීමේදී ද කිසිදු ප්‍රශ්නයකින් තොරව දුරකතනය අන්ලොක් කර ගැනීමේ හැකියාව මෙහිදී ඔබට මේ මගින් ලබාදෙනවා.

එමෙන්ම ආරක්ෂාව වැඩි කිරීමේ උපක්‍රමයක් විදිහට ඔබගේ ඇස් පියවී ඇති අවස්ථාවල දී මෙම පහසුකම භාවිතා කර දුරකතනය අන්ලොක් කීරිමේ හැකියාව අවහිර කර තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ
ඔබට නින්ද ගොස් ඇති අවස්ථාවක මෙම පහසුකම භාවිතා කර ඔබගේ දුරකතනයට අනවශ්‍ය ඇතුළුවීම් වලක්වාලීමට යි.

තවමත් iphone X දුරකතනයට පමණක් සීමාවූ පහසුකමක් ලෙස මෙම Face ID පහසුකම හඳුන්වන්න පුළුවන්.

මොකක්ද භාවිතා කරන තාක්ෂණය?
=====================
Face ID පහසුකම මූලික වශයෙන් සමන්විත වෙන්නේ ඔබගේ මුහුණට සංවේදී සංවේදකයකින්. මෙම සංවේදකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා.

මෙම කොටස් දෙක හඳුන්වන්නේ “රෝමියෝ” සහ “ජුලියට්” ලෙසයි. රෝමියෝ මගින් ඔබේ මුහුණ මතට අධෝරක්ත තිත් 30,000කට අධික ප්‍රමාණයක් ප්‍රක්ෂේපනය කර ඒවා භාවිතා කර ඔබේ මුහුණේ
ත්‍රිමාණ සිතියමක් සකස් කරනවා. එය ඔබේ ජංගම දුරකතනයේ මධ්‍යම සැකසුම් ඒකකයේ ආරක්ෂිත ස්ථානයක ගබඩා කරනු ලබනවා. මෙයට වෙනම පිවිසීම දුරකතනය නිෂ්පාදනයේදීම අවහිර කර ඇත්තේ
තවත් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

ජුලියට් මගින් සිදුකරන්නේ ඔබේ මුහුණේ තිත් රටාව හදුනාගැනිම සහ දුරකතනයට පිවිසීමට අවසර ලබාදෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමයි.

මෙම පද්ධතිය සතුව මුහුණේ යම් යම් වෙනස් කම් වලට අනුගත වීමට ඇති හැකියාව ඇති නිසා පෙර සදහන් කළ ආකාරයට ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ අවම කර තිබෙනවා.

එමෙන්ම විශාල ආලෝක පරාසයක දී Face ID භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබීම ද විශේෂයි.

මෙම අ⁣ධෝරක්ත තිත් මගින් මුහුණ සිතියම් ගත කිරිම Live Depth Mapping ලෙසින් හදුන්වන අතර ඇපල් සමාගමේම තවත් නිර්මාණයක් වන Animoji, එහෙමත් නැත්නම් අපි චැට් කිරීමේ දි භාවිතා කරන Imoji
වල ඉදිරි පියවර සදහාද භාවිතාවෙනවා. Animoji භාවිතා කර අපිට අපේ මෙන්ම අදහස් ද සජීවී ලෙස imoji එකක් භාවිතයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

මේකෙ අවුල් ඇත්තෙම නැද්ද?
=====================
හැම දේකදිම වගේ ඉතින් මේකෙත් පොඩි පොඩි දුර්වලතා අහන්න ලැබෙනවා. නමුත් ඇපල් සමාගමේ නිවේදන අනුව නම් Face ID මගින් වැරදීම් සිදුවීමේ සම්භාවිතාව අවස්ථා 1,000,000කට 1ක්. නමුත්
Fingerprint ID එහෙමත් නැත්නම් Touch ID භාවිතාවේදි වැරදීම් සිදුවීමේ සම්භාවිතාව අවස්ථා 50,000කට 1ක් තරම් ඉහළ අගයක් ගන්නවා.

විශේෂයෙන්ම සම නිවුන්නු යොදාගෙන කළ පරීක්ෂන වලදී අවස්ථා කිහිපයකදි මෙම ආරක්ෂක පද්ධතිය බිඳවැටී තිබෙනවා. එමෙන්ම සමහර අවස්ථාවල ළඟම නෑදෑයන් අතර සිදුකළ පරීක්ෂන වලදී ද මෙය
බිඳවැටී තිබෙනවා. ඇපල් සමාගම නම් පවසන්නේ මෙවැනි වැරදීම් සිදුවීමේ සම්භාවිතාව ඉතා අවම බවයි. ⁣එමෙන්ම අවුරුදු 13ට වඩා අඩු ළමුන් සඳහා ද මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල අත්කර නොදෙන්නේ
ඔවුන්ගේ මුහුණේ සමහර අංග තවමත් නොවැඩී ඇති බැවින් බවයි පැවසෙන්නේ.

හදිසියේ අනතුරකින් මුහුණ විකෘති වුණොත්?
=====================
කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Face ID එකට අමතරව දුරකතනයට Passcode එකක් යෙදීම අත්‍යවශ්‍ය නිසා එය භාවිතා කර දුරකතනය අන්ලොක් කරගන්න පුළුවන්.

දුරකතනය ඕෆ් කර නැවත ඔන් කිරීමේදී, පැය 48කට වඩා වැඩි කාලයක් Face ID භාවිත කර ජංගම දුරකතනය අන්ලොක් නොකල අවස්ථාවකදි මෙන්ම අවස්ථා පහකට වඩා වාර ගණනක් වැරදි ලෙස Face
ID භාවිතයේදී නැවත දුරකතනය අන්ලොක් කිරීමට මෙම Passcode එක භාවිතා කළ යුතු වෙනවා. එමෙන්ම ජංගම දුරකතනයේ පැති බොත්තම් භාවිතා කර Face ID පහසුකම ඉවත්කර Passcode එක
භාවිතයෙන් දුරකතනය අන්ලොක් කිරීමටත් හැකියි.

Face ID වලින් කරන්න පුළුවන් මොනවද?

itunes සහ App Store භාවිතයෙන් විවිධ බාගත කිරීම් සිදුකිරීමේදි Face ID භාවිතා වෙනවා. එමෙන්ම Apple Pay සදහාද මෙය භාවිතා වෙනවා. සමහර Touch ID එක භාවිතා කිරිම අවශ්‍ය වුණු විවිධ යෙදුම්
සඳහා ද Face ID භාවිතා කිරීම කළ හැකි වෙනවා.
උපුටා ගන්නා ලද්දකි

21/04/2020

කොරෝනා පරදන්න ඇපල් සහ ගූගල් එකතුවෙයි

ලොව පුරා ඇතිවී තිබෙන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැරැදවීම සඳහා ලොව ප්‍රකට ඇපල් සහ ගූගල් සමාගම් එකතුව කටයුතු කිරීමක් ව්‍යාපාරික ලෝකයෙන් වාර්තාවනවා.

ලොව අතිශයින් ජනප්‍රිය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති දෙක වන ඇපල් අයි.ඕ.එස් සහ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් සෞඛ්‍ය අංශ සහය ලබාගනිමින් ආසාදිතයෙක් සමඟ සම්බන්ධතා පැවැත්වූ පිරිස හඳුනා ගැනීමට බලාපොරොත්තුවනවා.

Timeline photos 02/03/2020

සුපිරිම සුපිරි වෙබ් බ්‍රව්සර් දෙකක් මෙන්න....
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
මම අද ආවෙ කට්ටියට සුපිරිම වෙබ් බ්‍රව්සර් දෙකකුත් අරගෙනයි.මේ වෙබ් බ්‍රව්සර් දෙකම සුපිරිම තමයි.එහෙනම් පහල තියන ලින්ක් වලින් බාගෙන බලන්නකෝ...

1. Maxthon Cloud Browser
මේ වෙබ් බ්‍රව්සර් එකේ තියන විශේෂම දේ තමයි මොබයිල් සයිට් වලට ලේසියෙන්ම යන්න පුළුවන්. කාටහරි Facebook ගිහින් මොබයිල් එකෙන් Chat කරන විදියට Chat කරන්න ඕනෙනම් මේක තමයි සුපිරිම භාණ්ඩෙ.තව Youtube වීඩියෝ බාන්නත් පුළුවන් කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව.ඔන්න ඔය පහලින් තියන ලින්ක් එකෙන් බාගන්නකෝ....
💯 Download Link 💯
👇👇👇👇👇
Maxthonbrowser.com
____________________________________________________
2. Torch Web Browser
මේකත් ඉතින් සුපිරිම තමයි.මේකෙන් වීඩියෝ බාන්න වගේම Torrent File බාගන්නත් පුළුවන් වෙන සොෆ්ට්වෙයා ඕන නෑ.එහෙනම් පහලින් බාගෙන බලන්නකෝ...
💯 Download Link 💯
👇👇👇👇👇
https://torchbrowser.com/
____________________________________________________
එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.ඔන්න මං ගියා.

හිතෙන දෙයක් පහලින් කමෙන්ට් කරලම යන්න.

Timeline photos 19/01/2020
Timeline photos 18/01/2020

උඹලගේ භාණ්ඩෙත් කොටන් යමු...🔥🔥🔥💪💪💪

Timeline photos 27/12/2019

(OS) මෙහෙයුම් පද්ධති
=================================================

(OS) මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණකයක ඇති සියලුම දෘඩාංග සහ අනෙකුත් මෘදුකාංග කළමනාකරණය කරන මූලික මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතිය, “OS” ලෙසද හැඳින්වේ, පරිගණකයේ දෘඩාංග සමඟ අතුරුමුහුණත් කරන අතර යෙදුම්වලට භාවිතා කළ හැකි සේවාවන් සපයයි.

Timeline photos 18/11/2019

🔵මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?🔵
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
🔵😍😍 ශෙයා කරලා තියාගන්න තවත් කට්ටියට දකින්න.. 😊
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins ( privileges ). ෆොන් වලත් එහෙම තමා. අපිට සාමාන්‍යයෙන් එන්නේ guest නැත්නම් අඩු privilege level එකක් තියන login එකක්. මේ යටතේ අපිට soltware (apps) install කරන්න එහෙම පුළුවන්. ඒත් ෆෝන් එකේ අභ්‍යන්තර දේවල් ( Core OS එකේ දේවල් ) වෙනස් කරන්න බෑ. ෆොන් එක root කරනවා කියන්නේ අන්න ඒ වගේ Admin privileges තියන user ව enable කර ගන්නවා වගේ වැඩක්. රූට් කියන්නේ ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියන (default) එක user account එකක්. Android කියන්නේ linux ගණයට වැටෙන OS එකක් නිසා root කියන user ව අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් ෆෝන් එක එනකොට ඒ user ව අපිට පාවිච්චි කරන්න බැරි විදියට lock කිරීමක් වගේ දෙයක් කරලා තමා එන්නේ. රූට් කරන එකෙන් අපි කරන්නේ මේ root user ව ආයිත් පාවිචියට ගන්න එකයි.
--------------------------------------------------------------------------
රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?
රූට් කලාම ඇත්තටම වෙන්නේ ෆොන් එකේ super privileges තියන root user ව enable වෙන එක. මේකට පොඩි exploit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි hack එකක් වගේ. root ව enable උනාට පස්සේ ඒක පාවිච්චි කරලා, අර කලින් කරන්න බැරි උන් දේවල්, කලින් access කරන්න බැරි උන තැන් access කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ root commands හරියට වැඩ කරන්න නම්, BusyBox Binaries කියලා හඳුන්වන තවත් files ටිකක් අවශ්‍ය වෙනවා. ඔය busybox binary වල තමයි රූට් commands අන්තරගත වෙන්නේ.
--------------------------------------------------------------------------
root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?
අලුතින් ලැබෙන්නේ නම් super user privilege එකයි, සමහර විට busybox binary ටිකයි විතරයි. ඒත් ඒකෙන් වැඩ ගන්න එක අපේ වැඩක්. නමුත් කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් කියන්නම්.
--------------------------------------------------------------------------
1. අපිට අවශ්‍ය නැති, ෆෝන් එක ගන්නකොට ෆෝන් එකත් එකක එන, සාමාන්‍ය විදියට අයින් කරන්න බැරි apps අයින් කරන්න පුළුවන්. ( මේ වගේ අයින් කරන්න බැරි, වැඩකට නැති apps වලට කියන්නේ bloatware කියලා ). ඔය Chinese, Korean වගේ ෆෝන් ගත්ත අයට නම් මේක හොඳට දැනෙනවා ඇති.
--------------------------------------------------------------------------
2. ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් Internal or External USB Storage එක විතරයි. ඔය ෆෝන් එකත් එක්ක එන file browser එකනේ බලන්න පුළුවන් ඒ ටික තමා. නමුත් root කලාට පස්සේ, වෙනත් File browser apps ( මේවා Android Play Store එකේ තියනවා ) පාවිච්චි කරලා මුළු system එකම බලන්න පුළුවන්. අපි මේවට කියන්නේ root explorer apps කියලා. ඇයි මේවා බලන්න ඕනේ වෙන්නේ කියලා මම පසුව විස්තර කරන්නම්.
--------------------------------------------------------------------------
3. සමහර developers ලා හදන apps තියනවා, root access අනිවාර්යයෙන් අවශ්‍ය වෙන ඒවා. ඒවා හරියට පාවිච්චි කරන්නත් root access ඕන කරනවා.
--------------------------------------------------------------------------
4. ෆෝන් එකේ සමහර දේවල් ( OS level, Hardware level ), සමහර වෙලාවට ඒ ෆෝන් එක හදන නිශ්පාදකයා විසින් disabled කරලා එවනවා. සමහර features පවා disable කරලා තියෙන අවස්ථා තියෙනවා. සමහර Android developers/ hackers ලා මේවා හොයාගෙන ඒ දේවල් enable කරන්න අවශ්‍ය software patches ( අපි මේවාට MODs කියලා කියනවා ) දෙනවා. ඒ දේවල් install කරන්නත් root access තිබීම අත්‍යාවශ්‍ය ම යි.
--------------------------------------------------------------------------
හැමදාම එකම ෆෝන් එකේ, එකම features දැකලා එපා වෙලා නම්, ඒකටත් තියනවා විසඳුමක්. ඒ තමා Custom ROMs. හැමදාම Stock ROM (Custom ROM, Stock ROM ගැන දන්නේ නැති අයට පහල ඒ ගැන විස්තරයක් තියනවා. එක බලන්න ) එකම දැකලා එපා වෙලා නම්, root කරපු අයට පුළුවන් Custom ROMs දාලා බලන්න.

root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?
නැත. speed එක අඩු වෙන්නෙත් නැත. නමුත් ඕනේ නම් root access වලින් වැඩ දාලා, speed එක වැඩි කර ගන්න නම් පුළුවන්. උදාහරණයක් විදියට, කලින් කිව්වා වගේ bloat apps අයින් කලා නම් අනිවා Booting speed එකේ ඉඳන් හැම දේකම speed එක වැඩි වීමක් බලා ගන්න පුළුවන්.
--------------------------------------------------------------------------
root කලාම warranty එක නැති වෙනවාද ?
--------------------------------------------------------------------------
නීතියේ හැටියට නම් නෑ (මොකද අපි කරන්නේ ෆෝන් එකේ තියන user account එකක් enable කරන එක නේ ). ඒත් සාමාන්‍යයෙන් warranty නැති වෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ, ෆෝන් එකක් root කරනවා වගේම unroot කරන්නත් ක්‍රම තියෙනවා.
--------------------------------------------------------------------------
Stock ROMs කියන්නේ මොනවාද ?
--------------------------------------------------------------------------
මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.
ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.
--------------------------------------------------------------------------
Custom ROMs කියන්නේ මොනවද ?
--------------------------------------------------------------------------
මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.
--------------------------------------------------------------------------
1. Stock Based ROMs
--------------------------------------------------------------------------
Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.
--------------------------------------------------------------------------
2. AOSP Based ROMs
--------------------------------------------------------------------------
AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි.

Timeline photos 08/09/2019

IOS වලින් Android වලට එන කෙනෙකුට උනත් මෑත කාලේ Android devices වල හමුවෙන පට්ට්ම Feature එකක් තමයි Google සමාගම Android Nougat එක්ක හදුන්වාදුන්න A/B partion system updates එහෙමත් නැත්තම් Seamless updates කියන්නේ. මේකෙදී බොහොම් සරලවම කිව්වොත් වෙනදේ තමයි A සහ B ලෙස System Partion දෙකක් පාවිච්චි වෙන එක.
__________________________________________________________
මේකේ ප්‍රදාන වාසි ගත්තොත් අපි දන්නවනේ දැන් Android වලට වගේම IOS වලටත් කොච්චරනම් Security වේවා Features වේවා OTA Updates එනවද කියන එක. ඉතින් මේ Update එක්ක මේ Updates install කරන්න අපිට අපේ device එක පැත්තකින් තියලා කොච්චරනම් වෙලාවක් වැයකරන්න වෙනවද device එක පාවිච්චි කරන්න බැරුව. ඉතින් මේක ඇත්තටම එක පැත්තකින් user ට කරදරයක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට වගේම තවත් ප්‍රශ්න කිහිපයකට උත්තර අරගෙන තමයි මේ Seamless updates තාක්ශනය Android වලට ආවේ.
__________________________________________________________
ඉතිං මේක නිසා අපි අපේ device එක සාමාන්‍ය විදියට පාවිච්චි කරන ගමන් අපිට බොහොම පහසුවෙන් පුළුවන් System update එකක් ආවම ඒ task එක minimize කරන්න. මෙතනදී වෙන්නේ අපි අපේ Device එකේ system එක A partion එකේ run වෙද්දී Update එක B partion එකට කිසිම ප්‍රශ්නයක් නැතුව install වෙන එක. අවසානයේ අපිට පුළුවන් device එක සාමාන්‍ය විදියට reboot කරන්න එතකොට අපි එන්නේ B partion එකේ update උන අලුත් system එකට.
__________________________________________________________
ඉතින් ඒවගේම මේ ක්‍රමයේ තවත් එක ලොකු වාසියක් තියෙනවා. නිකමට හිතන්න OEM අපිට එවපු OTA Update එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා නැත්තම් ඒ Update එක Install කරද්දී මොකඛරි ප්‍රශ්නයක් ආවා කියලා. ඉතින් එතකොට අපිට අපේ device එක Boot කරගන්නවත් බැරුව යන්න පුළුවන්. නමුත් මේ Seamless තාක්ශනය නිසා මේ වගේ කරදරයකින් උනත් ගැලවෙන්න අපිට පුළුවන් මොකද එතනදී B partion එකේ Update එකේදී යම් ප්‍රශ්නයක් ආවොත් ආපහු අපේ පරණ තිබුනු A partion එකට device එක reboot කරන්න පුළුවන් නිසා.
__________________________________________________________
දැන් මං හිතන්නේ හැමෝටම වගේ තේරෙයි මේ Seamless updates කියන්නේ කොච්චරනම් වටින පට්ට තාක්ශනයක්ද කියන එක. ඒවගේම මේ ක්‍රමේ එක පොඩි අවාසියක් නැතුවම නෙවෙයි. ඒ තමයි System partion A සහ B විදියට දෙකක් නිසා එතනදී අපේ Internal Storage එකෙන් ටිකක් වැඩිපුර space ගන්න වෙනවා සාමාන්‍ය ක්‍රමයට වඩා. ඒත් මම හිතන්නේ නැහැ දැන් නම් ඕක එච්චරම ප්‍රශ්නයක් වෙයි කියලා ඉස්සර වගේ මොකද දැන් device වල Internal storage අවම 128 නැත්තම් 256 හෝ 512GB වගේත් එන නිසා. ඒ ඇරුනම මේ Seamless update තාක්ශනය user ට ගොඩක්ම වටින දෙයක් විදියට හදුන්වන්න පුළුවන් මේකේ තියන වාසි නිසාම.
__________________________________________________________
ඉතින් අවසාන වශයෙන් මේ Seamless updates තාක්ශනය දැනට ගොඩක් Android OEM ලා තමගේ devices වලට පාවිච්චි කරත් දැනට ලෝකයේ විශාලතම Android Smartphone නිශ්පාදකයන් දෙන්නා වෙන Samsung සමාගම සහ Huawei සමාගම ඔවුන්ගේ යම් තාක්ශනික දුර්වලතා මත ඔවුන්ගේ කිසිම device එකකට මේ තාක්ශන පාවිච්චි කරන්න සමත්වෙලා නැහැ. ඉතින් ඒකනම් ඇත්තටම සෑහෙන්න Dealbreaker එකක් මොකද මේක IOS එක්ක අපි compare කරද්දී උනත් දැනට Android වල තියෙන සෑහෙන්න strong වගේම වටින දෙයක් නිසා.
__________________________________________________________
අවසාන වශයෙන් තමන්ගේ Devices වලට මේ Seamless updates තාක්ශනය supported කියලා දන්නේ නැති අයට පුළුවන් අවශ්‍යනම් Playstore එකෙන් "Treble Check" කියන app එක දාගෙන ඒකෙන් ලේසියෙන්ම බලන්න. අපි එහෙනම් බලමු නේද Samsung සහ Huawei සමාගම් දෙකටත් ඉදිරියේදී මේ Seamless updates තාක්ශනය ඔවුන්ගේ devices වලට දෙන්න පුළුවන් වෙයිද කියලා... 😬😄✌️
__________________________________________________________

Photos from Ubuntu/Remix+Phoenix & ios sofware's post 06/09/2019

පරිගණකයට Ubuntu Install කරගැනීම !
=================================================
අප අතර සිටින බොහෝ පිරිසකට Linux Operating System එකක් නිවැරදි ආකාරයෙන් අප පරිගණයෙහි Install කර ගැනීම සම්බන්ධ දැනුමක් නොමැති නිසාවෙන් විවිද ගැටලු කාරී තත්ව වලට ඇද වැටී අවස්ථා එමටයි. එහෙයින් ඔවුන් විසින් බොහෝ අවස්ථා වල පවසන්නේ තමන්ගේ පරිගණකයේ තිබූ Data සියල්ල මැකී ගිය බවටයි. එම නිසාවෙන් Ubuntu මෙහෙයුම් පද්ධතිය පරිගණකයට Install කරගැනීමට ඇතැමෙක් බිය වන්නටත් පුළුවන. උබුන්ටු ඔබගේ පරිගණකයේ සථාපනය කිරීමට නම්, උබුන්ටු CD එකක් හෝ උබුන්ටු bootable USB Drive එකක් සකසා ගත යුතුය. ඒ සඳහා www.ubuntu.com වෙබ් අඩවියෙන් ubuntu desktop ISO ෆයිල් එකක් Download කළ යුතු ය. ඉන්පසු එය nero වැනි මෘදුකාංගයකින් CD තැටියකට burn කළ යුතු ය. එසේ නැතිනම් Unebootin වැන මෘදුකාංගයක් භාවිතයෙන් USB Drive එකකට ස්ථාපනය කළ යුතු ය. ඉන් පසු එය මඟින් පරිගණකය Boot කළ යුතු ය.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
මෙතන ටච් කරල බලන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> මෙන්න ලින්ක් එක 👉https://softsaumya.blogspot.com/2019/09/ubuntu-install.html

Timeline photos 31/08/2019

ඇපල් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් බාවිතා කරන අයට වටිනා මෘදුකාංගයක්.
3uTools - All in one tools software for iPhone / iPad / iPod
=================================================
සාමාන්‍යයෙන් අයිෆෝන් එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.
__________________________________________________________
නමුත් අප මෙම ලිපියෙන් හදුන්වාදෙන 3uTools මෘදුකාංගයෙන් එම කාර්‍යයන් සියල්ල වඩාත් ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. iTunes යනු ඇපල් සමාගමේ official මෘදුකාංගයයි. මෙය බාවිතා කරන ඔබ දන්නවා ඇති iTunes මගින් වැඩ සිදු කිරීම තරමක් අපහසුයි. හදිසියට පරිගණකයේ ඇති සිංදුවක් copy කරගන්න, App එකක් install කරගන්න, Backup එකක් දාගන්න තරමක කට්ටක් කන්න වෙනවා.
__________________________________________________________
එම කටු කිසිවක් නැතිව මෙම 3uTools මෘදුකාංගයෙන් ඔබට අවශ්‍ය සියළුම වාගේ සේවාවන් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් වැඩ කිහිපයක්,
__________________________________________________________
1. පරිගණකයේ ඇති apps, photos, music, ringtones, videos ඇපල් උපාංගයට copy කරගන්නත් ෆෝන් එකේ ඇති දත්ත පරිගණකයට copy කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ file manager උපාංගයක් මෙන් ක්‍රියා කරනවා.
__________________________________________________________
2. ඇපල් උපාංගයේ ඇති contacts, photos, files , apps Backup කරගන්න පුළුවන්.
3. අයිෆෝන් එකේ අනවශ්‍ය files remove කරලා clean කරගන්න පුළුවන්.
4. ඔබට කැමති Ring Tone එකක් දාගන්නත් පුළුවන්.
5. පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ෆෝන් එකේ play වෙන ව්දියයට size එක අඩු කරලා convert කරගන්නත් පුළුවන්.
6. ෆෝන් එකේ screen එක real-time පරිගණකයේ දර්ශනය කරන්නත් පුළුවන්.

💯 Download Link 💯
👇👇👇👇👇
http://www.3u.com

Timeline photos 31/08/2019

Ubuntu,වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා Download Manager Flareget
=================================================
FlareGet යනු වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා අංග සම්පූර්ණ, බහු-නූල් බාගත කළමණාකරුවෙකු සහ ත්වරණකාරකයකි.
-----------------------------------------------------------------------------

Supports all major Operating Systems
-----------------------------------------------------------------------------
It supports Windows XP/Vista/7/8/10 , Mac OS X 10.7+ and almost all 32 and 64 bit Debian, RPM and Pacman based Linux Distributions. The supported Linux Distributions include Ubuntu, Fedora, Mandriva, OpenSuse, LinuxMint, Arch Linux, Chakra Linux and many more...
Current stable release

-----------------------------------------------------------------------------
Version: 4.8.108
Release Date: April 30th, 2018
-----------------------------------------------------------------------------

Amazingly Fast Downloads!

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
It uses a robust in-place dynamic file segmentation algorithm to speed up the download. The download is split into segments to increase the speed.
Enhanced Browser Integration

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
It integrates with all the browsers to replace their default download manager and start the download by itself. It supports almost all the browsers – firefox, internet explorer, google chrome, chromium, opera, safari etc.
Intelligent File Management

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
It uses an intelligent file management system to automatically categorize your files based on their extensions. All the downloads are grouped in different folders as per their categories.

Resume Support

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
It can resume unfinished downloads even on power failures or system crash. It also automatically retries when a segment or download fails. Currently there is no resume support for FTP downloads

""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

💯 Download Link 💯
👇👇👇👇👇
https://flareget.com/download.html

3 Different Ways to Install VLC on Ubuntu 18.04 LTS 31/08/2019

https://www.youtube.com/watch?v=Vg3k7Lmr-w0

3 Different Ways to Install VLC on Ubuntu 18.04 LTS 3 Different Ways to Install VLC on Ubuntu 18.04 LTS? Install Via Firefox Browser:- Step 1: Open Firefox. Step 2: Type command below: apt://vlc and Hit Enter,...

Website