Evolution

Evolution

Total Solution On Your Advertising Needs.

Photos from Evolution's post 09/12/2023

අදුරට සාප නොකර කියවලා තේරුම් ගන්න ලයිට් ගියේ ඇයි කියලා ?

ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.
අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්.

ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

දැන් මේ වෙනකොට බෝහෝ පලාත්වලට තත්වය යතා තත්වයට ඇවිල්ලාත් ඇති.

ස්තුතියි

07/03/2022

Think like a queen. A queen is not afraid to fail. Failure is another stepping stone to greatness. Happy Women’s Day!

07/02/2022

අද දින උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දුවා දරැවන්ට ශක්තියේ ධෛර්යයේ සහ විශ්වාසයේ පහන් දැල්වේවා..!

දුවේ පුතේ..!

මේ කඩ ඉමෙන් පසුව ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේ මීට වඩා දරැණු කටුක නපුරැ ලෝකයකටයි.

ඒ නිසා මේ මොහොත විශ්වාසයෙන්ම ගෙවන්න. ලෝකයේ වඩාත් වටිනාම දේ හදවතේ ඇති පිරිසිදු බවත්..

හිසේ ඇති දැණුම බවත් හොඳින් මතක තබා ගන්න. තව නොබෝ දිනයකින් සුදු ගවුමට සුදු කමිසයට සමුදෙන දවසක් එනවා. එදාට ඔයාට හරියට දුක හිතේවී. එම නිසා මේ දිනවල අපේ 'ඉස්කෝලේ සුවඳත්' විදගෙන ආදරයෙන් ලියන්න.

බුදු සරණයි. ජේසු පිහිටයි. සියලු දෙවි රැකවරණයි. ඔයාට පුළුවන්.

2022 පෙබරවාරි 07 වනදා..

05/02/2022

Independence Day

04/11/2021
Photos from Evolution's post 26/09/2021
23/09/2021

සමස්ත ලංකා ලිපිද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංගමයේ දැනුවත් කිරිමකි.

පොත්හල වල් නැවත විවෘත කිරීම සම්බන්ධව පොලිස්පති තුමා නිකුත් කළ ලිපිය.

සාමාජිකයන් මෙය මුද්‍රණය කර තබා ගැනීම හෝ පොත්හලේ ප්‍රදර්ශනය කිරීම වඩාත් සුදුසුයි .

( විවෘත කළ ද සියලූ කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා ගැලපෙන විශේෂිත සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න )

14/08/2021

කන්ද උඩරට ඇසළ පෙරහර 2021 | දෙවන කුඹල් පෙරහර

සිංහල සජීව විකාශය.

14/08/2021

දෙරණ පොඩිත්තන්ට ගෙන එන අලුත්ම කාටුන් එක,
'මාරසිංහ' (Guddu) 🦁
අගෝස්තු 16 වැනිදා සිට සතියේ දිනවල සවස 4.55 ට...

කන්ද උඩරට ඇසළ පෙරහර | පළමු කුඹල් පෙරහර 13/08/2021

කන්ද උඩරට ඇසළ පෙරහර 2021

ප්‍රථම කුබල් පෙරහැර

කන්ද උඩරට ඇසළ පෙරහර | පළමු කුඹල් පෙරහර සජීව විකාශය. www.kandyesalaperahera.lk

Photos from Evolution's post 11/08/2021

Craft Paper Bags.

11/08/2021

Light Board

Photos from Evolution's post 07/08/2021

Vehicle Branding

23/07/2021

අද පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයයි.

සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ විසින් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරිම ආරම්භ කරමින්, ප්‍රථම ධර්ම දේශණය පවත්වන ලද්දේ අද වැනි දිනක වේ.

බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් මෙන්ම ලක්වැසි බෞද්ධ ජනතාවටද සුවිශේෂී වූ පොහොය දිනයක් ලෙස ඇසළ පෝය දිනය හැදින්විය හැක.

පෙර වස් විසීම ආරම්භ වන්නේත්, මෙරට විහාරස්ථාන උත්සවශ්‍රීයෙන් බැබළෙන පෙරහැර සමය ඇරඹෙන්නේත් ඇසළ පොහොය දිනත් සමගිනි.

ධර්මය අවබෝධවන,සියළු සත්වයෝ නිදුක් නීරෝගී භාවයෙන් සුවපත්වන, පින්වත් ඇසළ පුන් පෝදාවක් වේවා!

21/07/2021

Blessings to all celebrating today!

Our wish is for a where every citizen enjoys equal privileges and bears equal responsibilities immaterial of race or religion.

அனைத்து அருளும் பெற்ற இனிய ஹஜ் பெருநாள் வாழ்த்துக்கள்!

සියලු යැදුමින් ආශීර්වාදලත් සුභ හජ්ජි දිනයක්!⁣

08/02/2021

අද දවසේ ඔබට මුහුණදෙන්නට සිදුවන සියළුම රිදවීම් සහ පරාජයන් ඉදිරි දිනයක ඔබේ ජයග්‍රහණය කරා මෙහෙයවන ශක්තිය සහ අත්වැල බවට පත්කරගන්න.

එලෙසින්ම තමන් වපුරන යහපත නියත වශයෙන්ම දිනයක අස්වැන්න වන බව දැනගෙන ජීවිතය හැඩගස්වාගන්න.

ඔබ සැමට සුභ දවසක්.

12/08/2020

Digital marketing කරන ඔයාලගේ Graphic Designing වැඩ හිර වෙලාද?

එහෙනම් අඩුම මිලකට Graphic designing වැඩ කර ගන්න කතා කරන්න අදම අපට 0789655587 ට

27/06/2020

සියලුම වර්ගයේ
Graphic Designs
සඳහා අප අමතන්න

- Poster/Banner Designs for Printing and Web

- Logo Design

- Business Card Design

- Letterhead Design

- Brochures and Promotional Materials

- Business Profile Design

- Invoice Design

- All type of Designing works

වැඩි විස්තර සඳහා අමතන්න: 0789655587

Want your business to be the top-listed Computer & Electronics Service in Kotte?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Obawatha Road, Madiwela
Kotte
10100

Other Graphic Design in Kotte (show all)
Print Fever Print Fever
622/5C, Kotte Road, Ethulkotte
Kotte, 10100

Best print to you

Vince Designs Vince Designs
9/8 A, 4th Lane, Pita
Kotte, 10100

Color Fusion by Nera Color Fusion by Nera
30 Samudradevi Mawatha, Ethul
Kotte, 10100

Thanks for stopping by Nilushan Neranga page, where you can get updates about my latest projects.

Saman Stickers Saman Stickers
No, 9 Mandala Place, Madiwella
Kotte, 10100

*�Designing Motor Bike stickers and Vehicle original body stickers,All type of commercial sticker