Gayan Darshana Rathnayaka

Gayan Darshana Rathnayaka

Business consultant,
Teacher

06/09/2022
Photos from Gayan Darshana Rathnayaka's post 07/12/2021
16/08/2021

ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…
August 16, 2021
A A
ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…
දහඅට වංගුව මෙරට පමණක් නොව බොහොමයක් විදෙස් රටවල පවා ප්‍රසිද්ධය. අපේ රටට එන බොහෝ සංචාරකයන් තමන් යායුතු ස්ථාන අතර දහඅට වංගුවත් සටහන්ව තිබෙන්නේ එනිසයි. ලංකාවට ඇවිල්ලත් දහඅට වංගුවෙන් නොගියොත් එය අඩුවක් කියලත් බොහෝ දෙනෙක් හිතනවා. ඇත්තටම මහනුවර ලේවැල්ල හන්දියෙන් ආරම්භ වී මහියංගනය දක්වා දිවෙන ඒ-26 කියන මාර්ගයේ පිහිටා තිබෙන දහඅට වංගුව අද වෙනකොට අතිශය දියුණු මට්ටමකට සංවර්ධනය කළ මාවතක්.

අද ඕනෑම වාහනයකට බයක් සැකක් නැතිව ආරක්ෂා සහිතව මේ වංගු දහඅට ගෙවා දමන්නට ඕනෑවටත් වඩා පහසුකම් තිබෙනවා. හැබැයි එහෙම සුව පහසුවට මේ දුර කතර ගෙවාදමා පරිසර සුන්දරත්වය විඳගෙන දහඅට වංගුවේ යනකොට මතකයේ තබාගෙන සිහිපත් කළ යුතු පිරිසකුත් ඉන්නවා. ඒ තමයි සුන්දගෙ කාලයේ මේ මාර්ගය හදන කොට තමන්ගෙ ලෙයින් දහඩියෙන් ශ්‍රමයෙන් සහ ජීවිතවලින් දායකත්වය සපයපු සිංහලයන්. ඔවුන්ගේ ජීවිත සිය ගණනක් මේ අද ලස්සනට තිබෙන වංගු දහඅට යට සැඟවිලා තිබෙනවාට කිසිදු සැකයක් නෑ.

ඒ මොනවා වුණත් එදා ලෝකයේ විවිධ රටවල සිය ආධිපත්‍යය පතුරුවමින් රටින් රට අල්ලා ගනිමින් යම් ආකාරයක අභිමානයකින් කටයුතු කළ සුදු ජාතිකයා ලංකාවේ වැද්දකුට රැවැටුණු හැරි අපූරු කතාවක් මේ දහඅට වංගුවේම සැඟවිලා තියෙනවා. ඒ කතාව සිද්ධ වෙලා තිබෙන්නෙ මෙහෙමයි.

එදා යුරෝපීයයන් අපේ රට අල්ලා ගත්තාම ඔවුන්ට හොඳටම තේරුම් ගියා ලංකාව කියන්නේ වගාවට ඉතා සුදුසු සරුසාර භූමියක් කියන එක. ඒ වගේම විවිධ භෝග සඳහා විවිධ පළාත්වල ඇති දේශගුණය ගැනත් යුරෝපීයයන් මනාව තේරුම් ගත්තා. මේ නිසාම ලංකාවේ වතුකරයෙන් ඇරැඹි වතු වගාව සීග්‍රයෙන් දියුණු වෙමින් කඳුකරයම වතු වගාවෙන් ඉහළ පලදාවක් ලබන්න පටන් ගත්තාම සුද්දාට ඕනෙ වුණේ එම නිෂ්පාදන කොළඹට ගේන්න පහසු වෙන විදියට මාර්ග පද්ධතියක් හදන්නයි. එහිදී මහනුවර සිට කොළඹ දුම්රිය මග තිබුණත් මහනුවර අවට ප්‍රවාහනය තරමක් දුෂ්කර වුණා. මේ අතරේ උඩරට කැරැල්ලත් පටන්ගත්තාම සුද්දට අවශ්‍ය වුණා මහනුවර ඉඳලා වැදි ගම්මාන දක්වා එනම් මහියංගනය දක්වා මාර්ගයක් හදන්න. මේ කාලයේ සුද්දා මිනිපේ කොට්ඨාසයට අයත් හුන්නස්ගිරිය අවට එනසාල් සහ කුළුබඩු වගාව පටන් අරගෙන තිබුණෙ. හැබැයි එතැනින් එහාට යන්න මාර්ග පහසුකම් තිබුණෙ නැහැ. මේ නිසා සුද්දා එම මාර්ගය හදන්න මෙරට කෝරලේලා හතර දෙනෙක් ගෙන්වලා උපදෙස් පැතුවා. එහෙම ආව කෝරලේලා සිවුදෙනා තමයි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගම්දෙක කෝරලේ, කන්දපහළ කෝරලේ.

සුද්දා තමන්ගෙ අදහස් කෝරලේලා හතර දෙනාට යොමු කළේ කවදත් තමන්ට හිතෛෂීව කටයුතු කරපු ඔවුන් ගැන විශ්වාසයෙන් වුණත් හැමදාම සුද්දගෙ පැත්ත ගත්තු කෝරලේලා එවර සුද්දව මට්ටු කරන්න තීන්දුවක් ගත්තා. ඇත්තටම මේ වැඩේට කෝරලේලා තෝරාගත්තේ වැදි රැහේ නායකයෙක්. ඔහුට තමන්ගෙ අරමුණ කිව්වාම මේ වැදි නායකයා සුද්දට ලේසියෙන් ඔළුව උස්සන්න බැරි වෙන්න හරි අපූරු මාර්ග සැලැසුමක් දුන්නා. මේ විදියට ගම්මාන මගහැරලා කිසිවකු නැති කඳුගැට හරහා මාර්ග සැකසුම හදවන්න කෝරලේලාට අවශ්‍ය වුණේ සුද්දාගෙන් තමන්ගෙ ගම්මල ගැහැනු ළමයි බේරාගන්න කියලත් ජනප්‍රවදයේ සඳහන් වෙනවා.
කෙසේ හෝ සුද්දා නුවර ඉඳලා අමාරුවෙන් මාර්ගය හදාගෙන හුන්නස්ගිරිය නැගලා මහියංගනය පැත්ත බැලුවාම හතර වටෙන්ම පෙනිලා තියෙන්නේ තද බෑවුම් සහිත කඳුකර හෙළ. අන්තිමට මේ දහඅට වංගුව නිර්මාණය කරමින් දැන් හසලක නව නගරය ඇති ප්‍රදේශයට ළං වෙන්නට සුද්දා සමත් වෙලා තියෙනවා. ඒත් මේ මාර්ගය හදලා අවසන් වෙන තුරුම සුද්දට තමන් රැවැටුණු බව නොතේරුණා කියලයි ජනප්‍රවාදයෙ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් තමන් ලංකාවේ වැද්දකුට රැවැටුණාය කියන එක පිළිගන්න අකැමැති නිසා ඒ බව නොදන්නා ලෙසම සිටියාද කියලත් හිතන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ පාර හදන්න උපදෙස් දුන්නු වැදි නායකයා ඉන් පස්සේ කවදාවත් සුද්දා හමු නොවූ බව තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

16/08/2021

නාමල්ට තවත් එකක්! ජී.එල්.-දිනේෂ්-පවිත්‍රා-ඩලස්-ගාමිණී-කෙහෙළිය මාරු වෙයි!
August 16, 2021
A A
නාමල්ට තවත් එකක්! ජී.එල්.-දිනේෂ්-පවිත්‍රා-ඩලස්-ගාමිණී-කෙහෙළිය මාරු වෙයි!
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාම් රාජපක්ෂ මහතාට තවත් අමතර වගකීමක් පවරමින් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.

මේ අතර සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ඒ දැනට ඔහු දරණ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධූරයට අමතරවය.

16/06/2021

රට ගැන ඔයාගෙ මතය හා රට යා යුතු තැන පිළිබඳ ඔබගේ යොජනා මොනවද?

15/06/2021

රටෙ ජනගහනය මිලියන 21.9 ( අපි හිතමු මිලියන 22) 225ට වාහන ගේන්න මිලියන 2859.76 ( අපි හිතමු මිලියන 2860) මගෙ බෙදීම වැරදිනම් නිවෑරදි කරන්න 2860/22= රු130/= , රටෙ පවුල් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 5.1 ( අපි හිතමු මිලියන 5) 2860/5=
රු 572, රටෙ සමෘද්ධි පවුල් මිලියන 1.4 , 2860/1.4= රු2042/=

15/06/2021

Free O/L commerce Paper Class

14/06/2021
Photos from Gayan Darshana Rathnayaka's post 09/06/2021

2020.10.05 දින නවදගල දුෂ්කර ගම්මානයේ වතු ජනතාවගෙ දායාබර දූ දරුවන් 12 දෙනෙකු උදෙසා ගමින් ගමට සිසු නැණ රුකුල තේමාව යටතේ පොත් පරිත්‍යාග කරන ලද අතර ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශයක් බැවින් එම පරිත්‍යාග ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත ලබා දුන් අතර ග්‍රාම නිලධාරී තුමිය හරහා පරිත්‍යාග ලැබීමට ද කටයුතු සූදානම් කෙරිණි, ඒ සඳහා අවශ්‍ය සහය ලබා දුන් ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය, ගරු සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ගරු සැලසුම් අධ්‍යක්ෂක තුමිය සහ ගරු ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු සහය ලබා දුන් සියලුම පිරිසට විශේෂ ස්තුතිය පුද කරන අතර මේ සදහා සම්පත් දායකත්වය ලබාදුන් සහෝදර පිරිසටත් විශේෂ ස්තුතිය පුද කර සිටිමි.

Photos from Gayan Darshana Rathnayaka's post 09/06/2021

ගමින් ගමට සිසු නැණ රුකුල යන තේමාව ඔස්සේ, ඉතා දුෂ්කර පාසලක් සදහා පාසලෙ ඉගැනුම ලබන දයාබර දූ දරුවන් වෙනුවෙන් නම ප්‍රසිද්ධ කිරීමට රුචි නොවු සහා පරිත්‍යාගශීලී පිරිස් සමග සම්බන්ධීකරණය කරමින් සංකල්පධාරියකු ලෙස හා පහසුකම් සපයමින් පාසල් උපකරණ දූ දරුවන් 30 දෙනෙකු සදහා කල පාරිත්‍යාග වැඩසටහන දැක්වෙන ඡායාරූප කිහිපයක්.

Photos from Gayan Darshana Rathnayaka's post 09/06/2021

කෙන්ගල්ල පුරාණ විහාරයට බුදු පිළිම වහන්සේ වැඩමවීම හා උන්වහන්සේ උදෙසා රැස් වලල්ලකින් ආලෝක කර පූජා කිරීමත්, දාගැබ් වහන්සේගේ අළුත්වැඩියා කටයුතු සඳහා සිමෙන්ති කොට්ට පූජා කිරීම. 2021.02.09

07/06/2021

විනාඩියක් ඇරන් කියවලාම යනවද? සම්පූර්ණයෙන්ම නොමිලේ , ආදරණීය අම්මේ, තාත්තේ, දිරිමත් නැණවත් දයාබර දුවේ, පුතේ ඔයාලගේ ඉගැන්වීම් කටයුතු සඳහා රුකුලක් වන ලෙස කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ වසර පුරාම නොමිලේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කෙතරම් පාඩම් කළත් ඒවා විභාගයට පිළිතුරු ලියන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර අමාරුයි නේද කියලා, ඒකට හේතුව තමයි පිළිතුරු ලියන්න කොහොමද කියලා දන්නෙ නැති කමයි ඒවා මතක නැතිකමයි.
ඉතින් දයාබර දරුවනි, ආදරණීය දෙමව්පියනි, අපේ පංතියේ සාමාන්‍ය පෙළ විභාගයේ වාණිජ අංශයේ ඉන්න 10/11 ශ්‍රේණියේ සියලු ම දරුවන්ට නොමිලේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතියක් සෑම සිකුරාදා දිනකම උදෑසන 10 සිට පැය 3කට ආසන්න කාලයක් තුළ ,
01. මතක තබා ගන්නා කෙටි ක්‍රම
02. විභාගයට පිළිතුරු ලියන නිවැරදි ක්‍රමය
03. වසර පුරා අනුමාන ප්‍රශ්න 600කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කිරීම
04. දරුවන්ගේ අපහැදිලි විෂය කරුණු නිරවුල් කර දීම
වැනි සිදු කටයුතු වසර පුරාම නොමිලේ සිදු කරනු ලබයි. මේක නොමිලේ නිසා ඒ කියන්නේ සල්ලි ගන්නේ නැති නිසා කිසිම වටිනාකමක් නැතිව ඇති. ඒත් මෙම වැඩසටහන ගොඩක් වටින තව ගොඩක් අය ඇති. ඒ නිසා ඔයාට ඕනි නැති වුණත් ඕනි කෙනෙක්ට සහභාගී වෙන්න මේක Share කරන්න. සමහරු කියවලා නිකන්ම යනවා ඒත් ඔයා එහෙම නොවී වැඩක් ගන්න පුළුවන් කෙනෙක්ට මෙ ගැන ගොඩක් වටී,
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන දවසකට කලින් අපි ප්‍රශ්න පත්‍රය බැගින් දෙනවා, ඒක කරලා තමයි සාකච්ඡා කරන්නේ, ඉතිං ඒකට Whatsapp නම්බර් එකකින් තමා දානේ, ඒක තමයි 0-70-60-54321 හරි ලේසියි. ඉතිං දරුවන්ට Zoom එකට එන්න link එක දානනෙත් මේකට, ඔයාලා මේක Share කරන්න බැරිවුනොත් අදුරන කෙනෙක්ට සහභාගී වෙන්න විස්තරෙ හරියටම කියන්න.
මම දර්ශන සර්, එහෙම කිව්වම ගොඩක් අය දන්නවා, මොකද මම අවුරුදු 7ක් විතර දැන් උගන්වනවා ඒ වගේම පාසල් ගුරුවරයක්, ඉතිං මම හොඳටම දන්නවා දරුවන්ට උගන්වන්න ඕනි හොඳම විදිය, වසර 7ක් තිස්සේ මම ගොඩනගපු මගේම ඉගැන්වීම් ක්‍රමයක් තියෙනවා, ඒක හරි ලේසියි, මගෙ අද්දැකීම සහ පළපුරුද්ද ගත් දැනුම මම මෙ දරුවන්ට ක්‍රමානුකූලව නිවැරදිව ලබා දෙනවා. මම දර්ශන රත්නායක, ඉන්නේ නුවර, මගෙ දැක්ම තමයි , දර්ශනීය හෙට දවසකට දාර්ශනික ආරම්භයක් දර්ශන රත්නායක, යන තේමාව යටතේ තමයි මම වැඩ කරන්නේ, ව්‍යාපාර ගැන ආර්ථිකය ගැන කතාකරන්න, දැනුම හුවමාරු කරන්න,ඒ වගේම වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථනයට ඇමතුමක් ලබා දෙන්න.

Want your business to be the top-listed Accountant in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Category

Telephone

Address

Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Other Accountants in Kandy (show all)
Alpha Business & Education Solutions Alpha Business & Education Solutions
Kandy

Accounting is the language of Business... Do you need help with your accounting and bookkeeping nee

Transglobal Investments Private Limited Transglobal Investments Private Limited
No. 725, Mulgampola
Kandy, 20000

Trans Global Investments Company (Private) Limited stablished in 2013 and expanded the business b

InFa Solutionz InFa Solutionz
194 Kudugala Ambatenna
Kandy, 20136

InFa Solutionz is a firm that provides financial services to assist your business to reach its full

HMCS HMCS
Kandy

We are professional Business consultancy service. We provide ☑️Bookkeeping ☑️Tax service

BERTY Perera and Company BERTY Perera and Company
D S Senanayaka Street
Kandy, 20000

Accounting & Tax Consultation tation

AccountsAssist - Business Consultants AccountsAssist - Business Consultants
831 Peradeniya Road
Kandy, 20000

Accounting, Auditing, Tax consultancy, Business consultancy, Accounting software solutions and relat

Twipal Twipal
Kandy
Kandy, KANDY20850

Twipal Accounts - A perfect solution for your business Transactions.

C N W Associates C N W Associates
31 Mawathupola, Alawathugoda
Kandy

We save your money

Nations Trust Bank Kandy City Centre Nations Trust Bank Kandy City Centre
L1-17, Level 1, No. 5, Kandy City Centre, Dalada Veediya
Kandy, 20000

Welcome to the official page of Nations Trust Bank Kandy City Centre. Follow us and be the first to be informed of any exciting promotions.