බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd

බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd

You may also like

astig Jane borromeo
astig Jane borromeo

"World No 1 Organic Spice" "100%ක් කාබනික පොහොර යෙදූ ලොව අංක එකේ බෝතොට කුළුබඩු"

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 28/03/2024

වාණිජ කරපිංචා වගාව

ශ්‍රී ලංකාවේ කරපිංචා වගාව වානිජ වශයෙන් ප්‍රචලිත නොවුනත් ඉන්දියාව වානිජ වශයෙන් කරපිංචා වගා කරන ප්‍රධාන රට වේ. ආසියාතික ආහාර රටාවේ අනිවාර්ය අංගයක් ලෙස කරපිංචා හැඳින්විය හැක. ශ්‍රී ලංකාව තුළත් දෛනිකව ආහාරයට ගන්නා ආහාර රසකාරකයක් ලෙස කරපිංචා භාවිතා කරන අතර ගම්බදව නිවස අවට පරිසරයෙන් කරපිංචා සපයාගත හැකි නමුත් නාගරීකරණය වූ ප්‍රදේශවල ගෘහණියන්ට කරපිංචා වෙළඳපොළෙන් මිලදී ගත යුතු වේ. ස්වාභාවිකව වැවෙන කරපිංචා අස්වනු ලෙස නෙලාගෙන වෙළඳ පොළට ඉදිරිපත් කරන අතරමැදියන් සිටින නමුත් වානිජ වශයෙන් කරපිංචා වගාකරන ගොවීන් ශ්‍රි ලංකාව තුළ දක්නට නොලැබේ. කරපිංචා වුවද පාලන තත්ත්ව යටතේ හොඳින් වගා කළ හොත් ආදායමක් ලැබිය හැකි හොඳ වගාවකි.

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරපිංචා කොළ කිලෝ එකක මිල රුපියල් 80 වන අතර සාමාන්‍ය වෙළඳපොළවල්වල කරපිංචා මිටියක් රුපියල් පනහකට වැඩි මිලකට අලෙවි වේ.

වාණිජ වගාව

බිම් සැකසීම

හොඳින් සීසා කැට පෙරලා ගත් පස සකසා මීටර් 1.5 * 1.2 පරතරයකින් යුතුව අඩි එකයි එකේ ප්‍රමාණයේ වලවත් සකසාගත යුතුය. කාබනික ද්‍රව්‍ය එක් කළ වලවල් තුළ සිටුවා ගත යුතුය.

පැළ සකසා ගැනීම

කරපිංචා වල මුල් වලින් පැල හටගන්නා අතර සාමාන්‍යයෙන් වියළි කලාපයේ වතුවල කරපිංචා පැළ ඕනෑ තරම් හට ගනියි. එවැනි පැළ මුලින් ගලවා බඳුන් කර මාස කිහිපයක් දැඩි කිරීමෙන් පසු ක්ෂේත්‍රය තුළ දැමිය හැක.

පළමු වසරේ අස්වැන්න 250-400 kg

දෙවන වසරේ අස්වැන්න - 5400 kg
තෙවන වසරේ පස්වැන්න - 5400 kg
සිව්වන වසරේ අස්වැන්න - 10,000 kg
පස්වන වසරේ අස්වැන්න - 20,000 kg

නමුත් ඉතාමත් හොඳ පාලිත තත්ත්ව යටතේ සහ විවිධ දේශගුණ තත්ත්ව යටතේදී පස්වන වසරෙදි ලබා ගන්නා අස්වැන්න තෙවන වසරේ සිටම ලබා ගත හැක. එමෙන්ම අස්වැන්න ට වඩා වැඩි ප්‍රමාණයක්ද විය හැක.

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 22/03/2024

අතිශය අධි ඝනත්ව අඹ වගාව

දියුණු වන ලෝකයේ වැඩිවන ජනගහනයත් සමඟ කෘෂිකර්මාන්තයට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ භූමිය ජයගැනීමයි. ඒ සඳහා විවිධ රටවල් විවිධ විසඳුම් සදහා පරීක්ෂණ කරන අතර අඩු ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ප්‍රභේද සේම අඩු ඉඩක් තුල වැඩි ශාක ප්‍රමාණයක් ස්ථාපනය කළ හැකි ක්‍රමවේදයන් ද අත්හදා බලමින් සිටි. ඉන්දියාව සහ පාකිස්ථානය පලතුරු වගාව සඳහා පසුගිය දශකයේ අධි ඝනත්ව රෝපණය හෙවත් නිර්දේශිත පරතරයට වඩා අඩු පරතරයක ාක ස්ථාපනය කිරීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ක්‍රම ක්‍රියාවට නංවා ඇත. එහි දිගුවක් ලෙස ඉන්දියාව මේ වන විට අතිශය අධි ඝනත්ව රෝපණය හෙවත් ultra high density plantation යන වගා ක්‍රමය අත්හදා බලමින් සිටියි. මේ සඳහා ඔවුන් අඹ වගාව සාර්ථකව අත්හදා බලා ඇත. සාමාන්‍ය වගා ක්‍රමයේ දී අක්කරයකට සිටවිය යුතු පැළ ප්‍රමාණය වන්නේ 40 කි. අතිශය අධි ඝනත්ව රෝපණය යටතේ අක්කරයකට පැල 667 සිටුවනු ලබයි. එමගින් සාමාන්‍යයෙන් අක්කරේකට ලැබෙන අස්වැන්න මෙන් හතර ගුණයක් අස්වනු ලබා ගත හැකි අතර කප්පාදු කිරීමේ සහ නඩත්තුවේ පහසුව සාමාන්‍ය වගාවක් යටතේ අක්කරයක් නඩත්තු කරනවාට වඩා පහසු වේ.

ලංකාව තුළ ඇති බොහොමයක් බහුවාර්ෂික ශාක අධි ඝනත්ව රෝපණය සඳහා යොදාගත හැකි අතර ශ්‍රී ලංකාවේ ද අධි ඝනත්ව රෝපණ ක්‍රම අත්හදා බැලීමට කාලය එළඹී ඇති බව අස්වැන්න අපගේ මතයයි.

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 16/03/2024

වාණිජ සියඹලා වගාව
ඔබ කවදා හෝ දැන සිටියා ද වාණිජ වශයෙන් සියඹලා වගා කරන බව. ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල සරුවට වැවෙන සියඹලා ස්වභාවිකව ඉතා හොඳ අස්වැන්නක් ලබාදෙයි නමුත් ශ්‍රි ලංකාව තුළ සියඹලා වාණිජ වගාවක් ලෙස දක්නට නොමැත සියඹලා යනු අතීතයේ සිටම දේශීය ආහාර සම්ප්‍රදායේ නැතුවම බැරි අංගයක් විය. එමෙන්ම වර්තමානය වන විට පළතුරක් ලෙසත් අගය ඉහළ නැංවූ නිෂ්පාදන සඳහාත් සියඹලා භාවිතා කරයි. ලෝකයේ වාණිජ වශයෙන් සියඹලා වගා කරන රටවල් අතුරින් ඉන්දියාව ප්‍රමුඛස්ථානයක් ගනී. දැව සහ සියඹලා අස්වැන්න සඳහා ඔවුන් සියඹලා වගා කරයි ඉන්දියාවේ මහාරාෂ්ට andhra pradesh මධ්‍ය ප්‍රදේශ් ඔරිස්සා සහ karnataka යන ප්‍රාන්තවල සියඹලා වගා කරයි. වසරකදී ඉන්දියාව සියඹලා ටොන් ලක්ෂ 2.5 ක් නිෂ්පාදනය කරයි. විද්‍යාවට අමතරව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව වාණිජව සියඹලා වගා කරයි
සියඹලා බීජ සිටුවා වසර 6 -7 කාලයකදී අස්වනු නෙළිය හැකි අතර වර්ධක ප්‍රචාරණයෙන් හෝ බද්ධ කිරීමෙන් ලබා ගන්නා පැළ මගින් වසර තුනත් හතරත් අතර කාලයකදී අස්වනු නෙලාගත හැක. වාණිජ සියඹලා වගාකිරීමේදී m 10 10 පරතරයට සිටුවා ගනු ලබයි. වැඩුණු සියඹලා ගසකින් සියඹලා කිලෝ 300 - 500 අස්වනු ලෙස ලබාගත හැක.

16/03/2024

Connected with ❤️

30/05/2023

🔥 ගම්මිරිස් අස්වනු උණුවතුරට දාන්නේ ඇයි?

🌿 හැම ගෙදරකම වගේ තියන බෝගයක් තමයි ගම්මිරිස් කියන්නේ... හුගක් අය තමන්ගේ පාරිභෝජනයට පමණක් ගම්මිරිස් වගා කරගන ඉන්න අතරම තවත් සමහරු පාරිභෝජනයට ඉතුරු කරගන ඉතිරි අස්වැන්න වෙළදපලට අලෙවි කරනවා...

🌿 මෙහෙම වැඩි වෙන අස්වැන්න වෙළදපලට ඉදිරිපත් කිරීමේදී හොද ගුණාත්මයකින් දෙන්න පුලුවන් නම් වැඩිමිලක් ගන්න අනිවාර්යයෙන්ම පුලුවන් වෙනවා...

🌿 බොහෝ දෙනෙක් කරන විදිහ තමයි කඩපු ගමන් අමු ගම්මිරිස් විදිහටම අලෙවි කරන එක...

නැත්නම් කැඩූ අමු ගම්මිරිස් අව්වේ වේලලා අලෙවි කරන එක...
සාපේක්ෂව නම් අමු ගම්මිරිස් වලට වඩා වියළි ගම්මිරිස් අලෙවි කිරීම ලාභදායී වෙනවා...

🌿 වියළි ගම්මිරිස් වල ගුණාත්මක බව තවත් වැඩි කරගනිමින් වැඩි ලාභයක් ගන්න පුලුවන් ක්‍රමයක් තියනවා...
අන්න ඒ ක්‍රමය ගැනයි මම අද කියන්න යන්නේ...

🔥 ඒ තමයි නෙලූ ගම්මිරිස් අස්වැන්නට කරනු ලබන "උණු වතුර ප්‍රතිකාරය" (Blanching)

🌿 පලමුවෙන්ම නම් හොදින් මේරූ ගම්මිරිස් අස්වනු නෙලාගැනීම වැදගත් වෙනවා... මෙහිදී කරලෙහි ඇටයක් දෙකක් රතු, කහ පැහැවෙන අවස්ථාවේ කරලෙහි අග ඇට අතින් පොඩි කලවිට පොඩි නොවන අවස්ථාව මේරූ අවස්ථාව ලෙස හදුනා ගන්න පුලුවන් ....

🌿 මෙහෙම නෙලාගත්ත අස්වැන්න පැය 12-24 දක්වා වූ කාලයක් ගොඩගසා තැබීමෙන් ඇට වෙන්කරගැනීම පහසු වෙනවා...
හැබැයි දින දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න එපා...
එහෙම උනොත් ඒකත් ගුණාත්මය අඩුවීමට බලපානවා ...

🌿 ඊට පස්සේ ඇට වෙන්කරගන්න පුලුවන් ... මෙහිදී සැකසූ විශේෂ යන්ත්‍රයක් තිබුනත් ඔයාලට ආවෙණික උනු ක්‍රමයට ඇට වෙන්කරගත්තාට වරදක් නෑ...

🌿 මෙහිදී පැසුනු ඇට, නොපැසුනු ඇට හා කුඩාම ඇට වෙන්කිරීම මගින් එකාකාරී නිෂ්පාදනයක් ලබාගන්න පුලුවන්...
එවිට ලැබෙන මිල ගනනුත් වෙනස් වෙනවා...

මේ සදහා විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත කම්බි දැල් සවිකල සල්ලඩ වගේම බීජ තේරීමේ යන්ත්‍රත් භාවිතා කරනවා ...

මෙහිදීත් තමන්ට පහසු ක්‍රමේකට තරමක් දුරට හෝ බීජ තෝරා ගැනිම වැඩිමිලක් ලබා ගැනීමට වැදගත් වෙනවා...

🌿 ඊට පසුව මේ තෝර ගත්ත අමු ගම්මිරිස් ඉතා පිරිසිදු ජලයෙන් හොදා ගන්න ඕනේ...

🔥 ඊට පස්සේ අපේ මේ කතාවේ ප්‍රධාන මතෘකාව වෙන උණුවතුර ප්‍රතිකාරය (Blanching ) කලයුතු වෙනවා...

මෙහිදී නටන උණු ජලයේ මිනිත්තු 1-2 අතර කාලයක් ගම්මිරිස් ගිල්වාතබාගන ඉවතට ගෙන ජලය බේරෙන්නට හැර වියළා ගතයුතු වෙනවා...

මේ සදහා සැකසූ විශේෂ උපකරණයකුත් තියනවා...

ඒ තමයි උණුවතුර ප්‍රතිකාර කට්ටලය (Blanching Unit)... (පහත චායා රූප වල තියනවා)

ජලය රත් කල හැකි බැරල් බාගයක් හෝ ඒවගේ විශාල භාජනයකින් සහ කුඩා දැලකින් (නොම්මර 10) සකස් කරගත් බැරල් බාගයට බහාලිය හැකි බදුනක් මෙම කට්ටලයට අයිති වෙනවා...

මෙම භාජනයේ 3/4 ක පරිමාවක් ජලයෙන් පුරවා නටවාගත් පසුව උණුවතුර ප්‍රතිකාරය ලබාදීම සුදුසු වෙනවා...

මේ සදහාද ගැලපෙන ක්‍රම වේදයක් ඔයාලටම සකස්කර ගන්න පුලුවන්...

🌿 නිවසේ පාරිභෝජනයට ගම්මිරිස් හදාගන්නවනම් කොට්ට උරයක වැනි රෙදි උරයක දාලා උනත් උණුවතුර ප්‍රතිකාරය කරන්න පුළුවන් ...

🌿 ඊට පස්සේ හොදින් වියළා ගැනීම කලයුතු වෙනවා.. හිරු එලියේ එක එල්ලෙම හෝ ඒ සදහා සැකසූ උපකරණ මගින්ද සිදුකරගත් හැකි වෙනවා... 12% තෙතමනය පැවතීම සුදුසුම තත්වය වෙනවා...

🔥 උණුවතුර ප්‍රතිකාර ක්‍රමය මගින් ලැබෙන වාසි

🌿 ඒකාකාරී තද කළුපැහැති, මතුපිට හොදින් රැලිගැසුණු ගම්මිරිස් ලබාගත පුලුවන්...

🌿 අපද්‍රව්‍ය වගේම ක්ශුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවෙනවා...

🌿 අව්වේ වේලීමට ගතවෙන කාලය හිතකර කාලගුණික තත්ව යටතේ දින 2ක් 3ක් දක්වා අඩුවෙනවා...

🌿 නියමිත තත්ව යටතේ ගබඩා කල විට වැඩි කාලයක් ගබඩා කර තියාගන්න පුලුවන් වෙනවා...

එහෙමනම් ඔයාලට පහසු, හැකියාව තියන ක්‍රමෝපායන් භාවිතා කරමින් උණුවතුර ප්‍රතිකාරයද සිදුකරමින් නිවැරදිව ගම්මිරිස් අස්වනු සකසමින් වැඩි ආදායමක් ලබාගන්න උත්සාහ කරන්න...

සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී (1920 ක්ෂණික ඇමතුම් සේවාව),
අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 28/05/2023

සල්ලි ගහක් පැල කරමු 🌳

මැයි මාසය කියන්නෙ ලංකාවේ සාදික්කා අස්වැන්න වැඩියෙන්ම ලැබෙන කාලයයි. මේ කාලයේදී හොදින් පැසුනු , ගහේදීම ලෙල්ල පිපුරුනු සාදික්කා බීජ වැඩි වශයෙන් ලබා ගන්න පුළුවන් කාලයක්.
වසරකට ගෙඩි 10,000 කට වැඩි ප්‍රමාණයක් හැදෙන, ප්‍රමානයෙන් විශාල/ ග්‍රෑම් 10කට වඩා බර ඇට මෙන්ම
ඝනකමින් යුත් පිරුණු වසාවාසි සහිත මව් ගස් වලින් , හොදින් පැසුනු බීජ තෝරාගත යුතුයි.ඒ වගේම හැකි විගස බීජ සිටුවීම වැදගත්. ( දින2,3 ගිය පසු ජීවයතාව අඩුවී යයි)

ක්‍රමය :-

🍃මුලින්ම හොදින් ජලය බැසයන , 60%ක පමණ සෙවනක් සහිත ස්ථානයක පොලොවෙන් අගල් 6ක් පමණ ඉහළට වැලි තවානක් සකස් කර ගත යුතුයි.

🍃තෝරාගත් බීජ වල ප්‍රරෝහණය ඉක්මන් කර ගැනීම සදහා බීජයේ දිලිසෙන කටුව සීරීම හෝ පළුදු කිර්‍ර්ම සිදු කල හැක. බීජයේ එක් පැත්තක ඇති දාරය පොලව දෙසට සිටින සේ වැලි තවානේ අගලක් භාගයක් පමණ ගැබුරින් බීජ තැම්පත් කර තුනී වැලිතට්ටුවකින් වසා, වියලි කොල හෝ පිදුරු වලින් වසුනක් යොදා හොදින් ජල සම්පාදනය කිරීම.

🍃මෙසේ සති 4-5 ක් පමණ ගතවූ විට වැලි තවානේ තැම්පත් කල බීජ ප්‍රරෝහණය වී මුල් ඇදී ඇති ආකාර දැක ගත හැක.

🍃ගොම/කොම්පෝස්ට්, වැලි, මතුපිට පස් හා කොහුබත් 1:1:1:1 අනුපාතයෙන් මිශ්‍ර කර, මිශ්‍රණයයේ කිලෝ 100කට රොක් පෙස්පේට් කිලෝවක්ද මිශ්‍ර කර පැල සදහා බදුන් මිශ්‍රණය සාදාගත හැක.

🍃 මාස 18 වන විට අතු බෙදී කොල තට්ටු 2ක් 3ක් දක්වා වර්ධනය වු සාදික්කා පැල ක්ෂේත්‍රයේ සිටුවීම වඩා යෝග්‍යයි.

පසන් තරිදු වික්‍රමසිංහ
ව්‍යාප්ති නිළධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Photos from Department of Export Agriculture's post 21/05/2023
21/05/2023

🌳පස් වලින් නොවැසිය යුතු සාදික්කා මුල්
💢ගොඩක් දෙනෙක් වරද්ද ගන්න ‍තැනක් මේක.

☘️ජායාරූප වල පෙනෙන අකාරයේ සාදික්කා ගහේ කදෙන් හට ගන්නා මෙවැනි මුල් හරහා ශාකයට අවශ්‍ය වාතය ලබා ගන්නාවා.
☘️මුල් උඩට ඇවිල්ල කියලා පස් වලින් මේ මුල් යට කරන්න ‍යන්න එපා. විශේෂයෙන් ගහ මුලට රොඩු පුරවන්න යන්න එපා.

🍀මේ නිසා ගස් මිය යෑමට පවා ලක් වෙන්න පුළුවන්.

🍀කාබනික හෝ රසායනික පොහොර ආදිය යෙදීමේදී ද ගසේ පහල විශාල අතු විහිදී ඇති දුරින් අඩක් පමණ ඈතින් පොහොර කවය සාදා හෝ පස මුල්ලු කර පොහොර යොදන්න.

⭕️වසර 10කට වැඩි ගෙඩි හට ගන්නා ගසකට වර්ෂයක් සදහා පහත ප්‍රමාණයෙන් රසායනික පොහොර යොදන්න.
යූරියා - 700 g
එප්පාවල ‍රොක් පොස්පේට් -700g
මියුරේට් ඔෆ් පොටෑෂ් - 1kg
කීසරයිට් - 100g
(ඉහත පොහොර මිශ්‍රණයෙන් භාගයක් යල කන්නයේ වැස්සට පෙර හෝ පසු ද ඉතිරි කොටස මාස් කන්නයේ වැස්සට පෙර හෝ පසු යොදන්න)
🍀කාබනික පොහොර පමණක් භාවිතා කරන වගාවකට නම්
ඉහත මිශ්‍රණයේ යුරියා සහ මියුරේට් ඔෆ් පොටෑෂ් වෙනුවට ගොවිපල් සත්ව පොහොර හා කරදහයියා භාවිතා කරන්න.එප්පාවල රොක් පොස්පේට් කාබනික පොහොරක් ලෙසම භාවිතා කල හැකි.

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 21/05/2023

🔥 රස, ගුණ පිරුණු "කෝපි" කෝප්පයක් බොමුද? ....

🌿 වැඩි ගුණාත්මයෙන් හා වැඩි රසයෙන් යුක්ත කෝපි සකස්කරගන්න නම් හොදින් ඉදුණු, රෝග පළිබෝධ හානි නොමැති කෝපි ගෙඩි විතරක් නෙලා ගන්න එක පලමුවෙන්ම කරන්න ඕනේ...

බාගෙට ඉදුණු හා අමු ගෙඩි වලින් සකස් කරගන්නා කෝපි වල ගුණාත්මක බව අඩු නිසා ඒවා වෙනමම සකස්කිරීම යෝග්‍ය වෙනවා...

එම නිසා වාර කීපයකදී කෝපි නෙලීමනම් කලයුතු වෙනවා...

🌿 කෝපි සැකසීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා..
• වියළි ක්‍රමය
• තෙත් ක්‍රමය

මේ ක්‍රම දෙක ගැනම වෙන වෙනම සඳන් කරන්නම්..

🔥 වියළි ක්‍රමය

🌼 හොදින් ඉදුණු කෝපි ගෙඩි නෙලාගෙන එම කෝපි ගෙඩි ජල භාජනයක දාලා නොමේරූ හා කෝපි ගෙඩි ගුල්ලාගේ හානියට ලක්වූ ගෙඩි පාවෙන්නට හැර ඉවත්කර ගතයුතු වෙනවා...

🌼 ඊට පස්සේ ජලයේ ගිලුණු ඉදුණු බීජ පමණක් පිරිසිදුව කලවම් කරමින් සූර්යාලෝකයෙන්, වියළා ගන්න ඕනේ...

🌼 හොද මට්ටමට වියළුණු පසුව වියළි ගෙඩිය තුල ඇති කෝපි බීජය පොත්තෙන් වෙන්වී "සට සට" ශබ්ධයක් ඇහෙනවා...

🌼 මේ ආකාරයට වියළා ගත්ත කෝපි බීජ වල පිට පොත්ත හා බීජ වසා ඇති තුනී සිවිය ඉවත් කිරීමට වංගෙඩියක දමා කොටා ගන්න පුලුවන්...
එහෙම නැත්තන් මේ සදහා කෝපි හලරය (Coffee Huller) යනුවෙන් හදුන්වන යන්ත්‍රය භාවිතා කරනවා...

* වියළුණු පිට පොත්ත සහිත කෝපි "චෙරි කෝපි" (Cherry Coffee ) ලෙසද

* පිට පොත්ත පමණක් ඉවත්කල කෝපි "පාච්මන්ට් කෝපි" (Parchment Coffee ) ලෙසද

* පිට පොත්ත හා බීජ වසා ඇති තුනී සිවිය ද ඉවත්කල කෝපි "පිරිසිදු කෝපි" (Clean Coffee ) ලෙසද හදුන්වනු ලබනවා.....

🔥 තෙත් ක්‍රමය

🌼 තෙත් ක්‍රමය මගින් වියළි ක්‍රමයට වඩා ගුණාත්මයෙන් වැඩි කෝපි සකසා ගතහැකියි..

වියළි ක්‍රමයට "චෙරි කෝපි" නිෂ්පාදනයේදී කෝපි පොත්ත හා නානුමය ආවරණය කෝපි බීජය සමග සැලකියයුතු කාලයක් සම්බන්ධවී තිබීම නිසා පොත්තේ තියන අමු රසය කෝපි බීජයට උරා ගැනීම හේතුවෙන් කෝපි වල ගුණාත්මය අඩුවෙනවා...
(ඇරබිකා කෝපි මෙහිදී විශේෂයි)

🌼 තෙත් ක්‍රමයේදීද හොදින් ඉදුණු කෝපි පමණක් නෙලා ගැනීම වැදගත් වෙනවා...

බාගෙට හෝ පමණට වඩා ඉදුණු, පළිබෝධ හානිවලට ලක්වූ කෝපි ගෙඩි වලින් නිපදවන කෝපි වල ගුණාත්මක බව අඩුවෙනවා...

🌼 හොදින් ඉදුණු ගෙඩි ඇගිලි වලින් මදක් තෙරපූ විට බීජ එලියට ගතහැකිවෙනවා...

🌼 මෙහිදී පලමු පියවර විදිහට රතු පැහැති පිට පොත්ත හා බීජ වටා ඇති නාණුමය ආවරණය ඉවත්කල යුතු වෙනවා...

නිවසේදී පහසු ක්‍රමයක් උපයෝගීකර ගැනීමේ හැකියාව තියෙන අතර මේ සදහා "පල්පරය හෙවත් පොතු ගලවන උපකරණය" භාවිතා කරනු ලබනවා...

🌼 මේ ආකාරයට පොතු ඉවත්කල කෝපි බීජ ගොඩ ගසා පොලිතීන් වලින් හෝ පැදුරකින් හොදින් ආවරණය කර පැසවීම සදහා තැබිය යුතු වෙනවා...

ප්‍රදේශය වගේම උෂ්ණත්වය අනුව මෙම පැසවීමේ කාලසීමාව පැය 24 - 48 දක්වා වෙනස් වන්නට පුලුවන්...

🌼 ඊට පසුව බීජ වටා ඇති නානුමය ආවරණය ඉවත් කරගැනීමට බීජ එකිනෙක ඇතිල්ලීම කල යුතුයි...

🌼 අනතුරුව වාර කීපයක් හොදින් පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි...

බීජ අහුරක් අතට ගෙන හොදින් මිටි මොලවා තද කර අත්ල අනිත් පිට හරවා බැලූ විට බීජ අත්ලෙහි නොඇලේනම් බීජ හොදින් සේදී ඇති බව දැනගත හැකියි...

🌼 මෙලෙස සෝදා ගත් බීජ පිරිසිදුව වියලා ගැනීම කලයුතු වෙනවා...

හොදින් වියලා ගත් කෝපි "පාච්මන්ට් කෝපි (Parchment Coffee ) " ලෙස හදුන්වනවා...

මෙම පාච්මන්ට් කෝපි වල බිජා වරණය ඉවත් කිරීමෙන් "පිරිසිදු කෝපි (Clean Coffee) ලබාගත හැකියි...

🌿 මේ තමයි කෝපි අස්වනු සකසන නිවැරදි ක්‍රම දෙක...

තමන්ගේ ගෙවත්තෙන් නෙලාගන්න කෝපි ටික මේ විදිහට සකසගන වැඩි රසයක්, ගුණාත්මයක් අත්විදින්න ඔයාලට හැකිවේවි...

මම සඳහන් කරපු උපකරණ නැති උනාට කමක් නෑ...
ඊට ගැලපෙන ක්‍රමවේදයක් ඔයාලට අනුගමනය කරන්න පුලුවන්....

එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරි (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

20/05/2023

බෝතොට කාබනික කුළුබඩු ඉන්දියාව තුල ප්‍රචලිත කිරීමට සූදානමින්..👍

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 19/05/2023

ජලයට පමණක් දෙවෙනි "ඇරබිකා" ☕️

🍃2023 වන විට ලෝකයේ බිලියන 8කට ආසන්න ජනගහනයෙන් බිලියන 01 කට වැඩි පිරසකගේ ප්‍රියතම පානය කෝපි බව ඔබ දන්නවාද?

🍃දිනකට ලෝක ජනගනය කෝපි කෝප්ප බිලියන 2.25 පානය කරනවා.

🍃එයින් 60% කට වැඩි පිරිසක් පානය කරනු ලබන්නේ ඇරබිකා කෝපි ප්‍රභේදයයි.ඒ ඇරබිකා කෝපි වලටම ආවෙණික වූ රසය හා අඩු කැෆේන් ප්‍රමාණය නිසායි.

🍃2023 වර්ෂයට සාපේක්ෂව 2028 වන විට මෙම ඉල්ලුම 4.65% ක වර්ධනයක් අපේක්ෂා කරන බව විශ්ලේෂ්කයන්ගේ මතයයි.

🍃අපේ රටේ සිසිල් දේශගුනික තත්වය යටතේ ඉතා හොදින් වැඩෙන ඇරබිකා කෝපි විශේෂයන් වන HTD,S9, කටිමූර් හා මෑතකදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදුන් ලක් පැරකුම් කෝපි සදහා ඉහළ ඉල්ලුමක් ලෝක වෙළෙඳපොළ තුල පවතී.
තෙත් හා අතරමැදි කලාප වල මීටර් 800 ට වැඩි උච්චත්ව වලදී ඇරබිකා කෝපි ඉහළ අස්වැන්නක් ලබදෙයි.

⚜️එහෙනම් ආයෙත් කෝපි කාලෙට යන්න කාලය හරි.

සටහන -
පසන් තරිදු වික්‍රමසිංහ
ව්‍යාප්ති නිළධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

"Arabica" second only to water ☕️

🍃Do you know that by 2023, coffee will be the favorite drink of more than 01 billion people out of the world's nearly 8 billion population?

🍃Every day, the world population drinks 2.25 billion cups of coffee.
🍃More than 60% of people drink Arabica coffee because of its unique flavor and low caffeine content.
Analysts are of the opinion that this demand is expected to grow by 4.65% by 2028 compared to 2023.
🍃 There is a high demand in the world market for Arabica coffee species such as HTD, S9, Katimur and recently introduced Lakparakum by the Department of Export Agriculture, which grow very well under the cool climate of our country. Arabica coffee yields high at altitudes above 800 meters in humid and intermediate zones.

⚜️Then it's time to go back to coffee era.

Pasan Tharidu Wickramasinghe
Extension Officer
Department of Export Agriculture

Photos from බෝතොට කාබනික කුළුබඩු, Ceylon Bothota Organic Spice Pvt Ltd 's post 19/05/2023

කුරුඳු වල ඖෂධිය ගුණ

කුරුඳු වල භාවිතය ගත්තම අතීත ඊජිප්තු ඉතිහාසය තුල පවා කුරුඳු භාවිතා කල බවට තොරතුරු වාර්තා වෙනවා. කුරුඳු කියන්නේ ඊජිප්තු රජවරුන් සදහා ලැබුණු වටිනාම සහ දුර්ලභම ත්‍යාගයක් විදියට සලකලා තියනවා.

ප්‍රධාන ලෙසම කුරුඳු වල පහත ඖෂධිය ගුණ පවතින බව ලෝකය පුරා සිදුවූ විවිධ වෛද්‍ය පර්යේෂණ හරහා අනාවරණය කරගෙන තිබෙනවා.

01 කුරුඳු වල තිබෙන ප්‍රබල ඖෂධිය ගුණ : කුරුඳුවලට ආවේනික රසය සුවඳ ලැබෙන්නේ එහි තිබෙන තෙල් වර්ග, විශේෂයෙන්ම එහි තිබෙන සිනමැල්ඩිහයිඩ් කියන රසායනික සංඝටකය නිසා. විශේෂයෙන්ම අපගේ සෞඛ්‍යට හා කායික ක්‍රියාකාරිත්වයට ප්‍රභල හිතකර බලපෑම් ඇතිවෙන්නේ මෙම සිනමැල්ඩිහයිඩ් නිසා බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

02 කුරුඳුවල පවතින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණ :

කුරුඳු වල පවතින මෙම ප්‍රතිඔක්සිකාරක ගුණ ( antioxidants) නිසා අප ගන්නා ආහාර තුලින් අපේ දේහයේ ඇතුළුවන ඇතැම් මුලද්‍රව්‍ය අයන ( free radicals) අපේ දේහයට හානි නොවන තත්වයට පත් කරනවා.

උදා : තනි ඔක්සිජන් අයන O-/
හයිඩ්රිජන් ෆෙරෝක්සයිඩ් අයන (H2O2 )
සුපර් ඔක්සයිඩ අයන

මෙම කුරුඳු වල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා රුධිරයේ ප්‍රතිඔක්සිකාරක මට්ටම ( antioxidant level) වැඩි කරනවා වගේම එහිදී විශේෂයෙන්ම දේහයේ ඇතිවන ප්‍රදාහක තත්වයන් (inflammation ) ඇතිවීමට බලපාන C – Reactive ප්‍රෝටීන මට්ටම අඩු කරන බවටත් සමහර අධ්‍යන වලදී හදුනාගෙන තිබෙනවා.

එසේම මෙම ප්‍රතිඔක්සිකාරක ගුණ නිසාම කුරුඳු ස්වභාවික ආහාර කල්තබා ගනිමේ ද්‍රව්‍යයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්.

03 ) ප්‍රති ප්‍රදාහක ගුණ (anti-inflammatory properties)

ප්‍රදාහක තත්වය අපේ දේහයට බෙහෙවිම වැදගත් වෙනව. එමගින් අපේ දේහයට ඇතිවෙන ආසාදන හා සිරුරේ පටක වලට සිදුවන හානි අලුත් වැඩියා කරනවා. මෙමගින් දේහයට රෝග වැළදීමේ අවධානම අඩු කරනවා.

04) හෘද රෝග අවධානම අඩු කිරීම

දිනකට කුරුඳු ග්‍රෑම් 1.5 ක් හෝ තේ හැඳි ¾ ක් අතිරේකව දේහයට ලබා දීමෙන් ට්‍රයිග්ලිසරයිඩ (Triglycerides), සම්පුර්ණ කොලොස්ටරෝල් (Total cholesterol), LDL කොලොස්ටරෝල් ( හෘද රෝග අවධනම ඇති කරන කොලොස්ටරෝල්) හා රුධිරගත සිනි මට්ටම අඩු කිරීමට බලපාන බව පරික්ෂනාත්මකව තහවුරු කර තිබෙනවා.

එසේම දිනපතා මෙලෙස අවමව සති 8 ක පමණක කාලයක් කුරුදු දේහයට ලබා දීම හරහා රුධිර පීඩනය අඩුකිරීමටත් බලපාන බව තහවුරු කරගෙන තිබෙනවා.
මෙහි සමස්ථ ප්‍රතිඑලය විදියට හෘද රෝග අවධානම අඩු කිරීමට කුරුඳු ඉවහල් වෙනවා.

05 ඉන්සියුලින් සදහා ප්‍රතිචාර දැක්වීම වැඩි කිරීම

ඉන්සියුලින් කියන්නේ අපේ දේහයේ පරිවෘතිය හා ශක්තිය භාවිතා කරන ආකාරය නියාමනය කරන ප්‍රධානම හෝර්මෝනය. රුධිර ප්‍රවාහයේ සිට සෛල දක්වා සිනි රැගෙන යාමට එය අත්‍යවශ්‍යයි.

කොහොම උනත් සමහර පුද්ගලයින් ඉන්සියුලින් වල බලපෑමට ප්‍රතිරෝධී වෙන අවස්ථා තියනව. මෙය පරිවෘතිය සින්ඩ්‍රෝමය (Metabolic syndrome ) සහ දෙවන වර්ගයේ දියවැඩියාව ( type 2 diabetes) ලෙස හැඳින්වෙනවා.

මෙහිදී ඇතැම් අධ්‍යන වලදී කුරුඳු මගින් මෙම ඉන්සියුලින් ප්‍රතිරෝධය අවම කරන බව හදුනා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙය තව දුරටත් අධ්‍යනය කල යුතු බව සදහන්.
මෙහි ප්‍රතිඑල විදියට කුරුඳු මගින් ඉන්සියුලින් හෝර්මෝනය සදහා වන සංවේදිතාවය ( sensitivity) වැඩි කරන අතරම එමගින් රුධිරයේ සිනි මට්ටම පාලනය කරනවා.

06 රුධිරයේ සිනි මට්ටම අඩුකිරීම

රුධිරයේ සිනි මට්ටම අඩු කිරීම කුරුඳු වලින් ඇති කරන සුවිශේෂී ගුණාංගයක් විදියට හදුන්වා දෙන්න පුළුවන්.

ඉන්සියුලින් ප්‍රතිරෝධයට කුරුඳු මගින් ඇති කරන හිතකර බලපෑම් හැරුණු විට, කුරුඳු වෙනත් යාන්ත්‍රණ කිහිපයක් හරහා රුධිරයේ සීනි අඩු කිරීමටත් බලපෑම් ඇති කරනවා.

පළමුව : අප ආහර වේලක් ගැනීමෙන් පසු, කුරුඳු මගින් රුධිරයට ඇතුළු වන සිනි ප්‍රමාණය අඩු කරන බව හදුනාගෙන තිබෙනවා. එහිදී කුරුඳු අපගේ ආහාර ජීරණ පද්ධතිය තුල පවතින එන්සයිම මත බලපෑම් ඇති කිරීම හරහා කාබෝහයිඩ්රේට බිඳවැටීම මන්දගාමී කරනවා.

දෙවනුව : කුරුඳු තුල අඩංගු රසායනික සංයෝග මගින් සෛල තුලට සිනි අවශෝෂණය වැඩි කිරීම සදහා ඉන්සියුලින් වලින් සිදු කරන බලපෑම අනුකරණය (mimic) කරනවා. එමගින් සෛල තුල සිනි අවශෝෂණය වේගවත් කිරීම හරහා රුධිරගත සිනි මට්ටම අඩු කරනවා.

එසේම මිනිසුන් යොදාගෙන කල අධ්‍යන වලදී කුරුඳු මගින් රුධිරයේ සිනි මට්ටම අඩු කරන බව හා එමගින් දිගු කාලීනව රුධිරයේ සිනි පාලනය කරීම සදහා බලපාන හිමොග්ලොබින් A1c ( hemoglobin A1c) මට්ටම අඩු කිරීමට බලපෑම් ඇති කරන බව තහවුරු වී තිබෙනවා. ( සාමාන්‍යයෙන් මෙම A1c මට්ටම 6.5% වැඩියි නම් එය දෙවන වර්ගයේ දියවැඩියාව ( type 2 diabetes) ඇතිවීම සදහා වැඩි අවධානමක් තිබෙන බව සදහන්)

සාමන්‍යයෙන් දිනකට කුරුඳු ග්‍රෑම් 1සිට 6 අතර ප්‍රමාණයක් හෝ තේ හැඳි 0.5. සිට 2. දක්වා ප්‍රමාණයක් ලබා ගැනීම තුල රුධිරගත් සිනි ප්‍රමාණය සාර්ථකව අඩු කරන බව පෙන්වා දී තිබෙනවා.

07) ස්නායු විකෘතිතා රෝග (neurodegenerative diseases) සඳහා හිතකර බලපෑම් ඇති කිරීම

ස්නායු විකෘතිතා රෝග වල ලක්ෂණය වන්නේ ස්නායු සෛලවල ව්‍යුහය හෝ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකුලව අඩුවීමයි/නැති වීමයි.
ඇල්සයිමර් සහ පාකින්සන් රෝගය යනු මෙවැනි තත්වයේ වඩාත් සුලභ රෝග වර්ග දෙකකි.

කුරුඳු වල ඇති ඇතැම් සංයෝග, ඇල්සයිමර් රෝගයේ එක් ලක්ෂණයක් වන මොළයේ tau නම් ප්‍රෝටීනය ගොඩනැගීමට බාධා කරන බව හඳුනාගෙන තිබෙනවා.

එසේම පාකින්සන් රෝගය සහිත මීයන් යොදාගෙන 2014 වසරේ සිදු කල අධ්‍යයනයක දී, කුරුඳු මගින් නියුරෝන ආරක්ෂා කිරීමට, ස්නායු සම්ප්‍රේෂක මට්ටම් සාමාන්‍යකරණය සදහා උපකාරී වන බව හදුනාගෙන තිබෙනවා. (කෙසේ වෙතත්, මෙම බලපෑම් මිනිසුන් තුළ තවදුරටත් අධ්‍යනය කළ යුතුය.)

08 පිළිකා වලින් ආරක්ෂා වීමට කුරුඳු භාවිතය

පිලිකා මර්ධනය හා ඒ සදහා ප්‍රතිකාර කිරීම සදහා කුරුඳු භාවිතා කිරිමී හැකියාව ගැන බහුලව පර්යේෂණ සිදුකර තිබෙනවා.
සමස්ථයක් ලෙස පර්යේෂණාගාර හා සත්ව අධ්‍යනයන්ට සිමා උනත් කුරුඳු සාරය මගින් පිළිකා වලින් ආරක්ෂා විය හැකි බව සනාථ කරගෙන තිබෙනවා.

එසේම එමගින් පිළිකා සෛල වර්ධනය අඩු කිරීම සහ පිළිකා සෛලවල රුධිර වාහිනී සෑදීම අඩු කිරීම සදහා ක්‍රියා කරන අතරම පිළිකා සෛල වලට විෂ සහිත වීම හරහා පිළිකා සෛල මරණයට ලක් කිරීමට ඉවහල් වෙනවා.

එසේම ඩිම්බකෝෂ පිළිකා ඇති මීයන් සම්බන්ධයෙන් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ සිනමල්ඩිහයිඩ් පිළිකා වර්ධනයට සම්බන්ධ ඇතැම් ප්‍රෝටීන වල ක්‍රියාකාරිත්වය නතර කිරීමට බලපාන බවයි.
මෙම සොයාගැනීම් සඳහා පරීක්ෂණාගාර පරීක්ෂණ මගින් සහය ලබා දී ඇති අතර, සිනමැල්ඩිහයිඩ් මගින් ඩිම්බකෝෂ පිළිකා සෛල වර්ධනය සහ පැතිරීම අඩු කළ හැකි බව පෙන්නුම් කර තිබෙනවා.

(කෙසේ වෙතත්, මිනිසුන් තුළ කුරුඳු වල ඇති විය හැකි පිළිකා නාශක බලපෑම් ඇගයීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වේ.)

09 ) බැක්ටීරියා හා දිලිර ආසාදන වලක්වා ගැනීම

කුරුඳු වල ප්‍රධානම රසායනික සංඝටකය වන සිනමැල්ඩිහයිඩ් මගින් විවිධ ආසාදන වලට එරෙහිව හිතකර බලපෑම් ඇතිකිරීමට හැකියාව තියනවා.

විශේෂයෙන්ම පරීක්ෂණාගාර තත්වයන් යටතේ කුරුඳු තෙල් මගින් ස්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදන ඇති කරන දිලිර විනාශ කරන බව හදුනාගෙන තිබෙනවා.
එසේම එමගින් ලිස්ටීරියා සහ සැල්මොනෙල්ලා ඇතුළු ඇතැම් බැක්ටීරියා වර්ධනය වීම ද වලක්වන බව තහවුරු වී තිබෙනවා.

තවද, කුරුඳු වල ඇති ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බලපෑම් (Anti-microbial effects ) නිසා දත් දිරායාම වැලැක්වීමට සහ මුඛ දුර්ගන්ධය අඩු කිරීමට ද උපකාරී වෙනවා.

10 කුරුඳු වල පවතින ප්‍රති-වෛරස ගුණාංග ( Anti-virus properties)

සමහර පර්යේෂණ වලට අනුව කුරුඳු සමහර වෛරස් වලින් ආරක්ෂා වීමට උපකාරී වන බව හදුනාගෙන තිබෙනවා.
විශේෂයෙන්ම කුරුඳු මගින් ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු වැනි රෝග මෙන්ම අනෙකුත් මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන වෛරස් වලින් රෝග වලින් ආරක්ෂා විය හැකි බව හඳුනාගෙන තිබෙනව.

හොඳම වර්ගය කුමක්ද?

Cassia ප්‍රභේදයේ coumarin නම් සංයෝගයක් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු බැවින් එය විශාල මාත්‍රාවලින් භාවිතය හානිකර බව හඳුනාගෙන තියනවා.
සියලුම කුරුඳු වර්ග වලින් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වන නමුත් කැෂියා ( Cassia) කුරුඳු වල කූමරින් අන්තර්ගතය හේතුවෙන් කැසියා විශාල මාත්‍රාවලින් පරිභෝජනය මගින් හානි ඇතිවිය හැකියි.

එම නිසාම Ceylon cinnamon (“සත්‍ය කුරුඳු”) භාවිතය වඩා හිතකර වන අතර අධ්‍යයනවලින් පෙනී යන්නෙ එහි අඩංගු කුමරින් ප්‍රතිශතය Cassia ප්‍රභේදයට සාපේක්ෂව ඉතාම අඩු බවයි.

Source : https://www.healthline.com/nutrition/10-proven-benefits-of-cinnamon

10/05/2023

🍁 ඇයි? මේ තරමටම ශ්‍රී ලාංකීය කුරුඳු වටින්නේ .....

ලෝකේ කුරුඳු ප්‍රධාන වර්ග දෙකක් තියනවා ..

1. "සත්‍ය කුරුදු "
2. "කැෂියා කුරුදු " ( කැසියා කුරුඳු )

මේ වර්ග දෙක අතුරින් හොදම වර්ගය "සත්‍ය කුරුඳු "..

ඔයාල දන්නවනේ ලෝකේ තියන හොදම කුරුඳු තියෙන්නේ අපේ රටේ කියලා...

🌿 අපේ රටේ තියෙන්නේ මේ හොදම වර්ගය වන "සත්‍ය කුරුඳු" ...

🌿 විදේශීය රටවල බහුලවම තියෙන්නේ "කැෂියා කුරුඳු " ...

🍁 මෙන්න මේ "කැෂියා කුරුඳු " වල
"කුමරීන්" කියන සංයෝගය වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වෙලා තියනවා.. එය ශරීරයට විෂ සහිතයි...
එය පිලිකා කාරකයක් වෙනවා..

🌿 ඒවගේම පහසුවෙන් නොකැඩෙන ඝන පොත්ත සහිත සවිමත් වයනය සහ වඩාත් වැඩි සැර රසයක් කැෂියා කුරුඳු වල පවතිනවා ...

🌿 සාමාන්‍ය වර්ණය තද දුඹුරු හා රතු පැහැයට හුරු දුඹුරු වර්ණයකින් යුක්ත වෙනවා ...

🍁 නමුත් අපේ "සත්‍ය කුරුඳු" වල මේ කියන හානිකර බවේ ගැටළුව නම් නෑ...

🌿 පහසුවෙන් කැඩෙන සුළු වයනයක් සහිත අතර ප්‍රසන්න, සුගන්ධවත් රසයකින් යුක්තවෙනවා...

🌿 සාමාන්‍ය වර්ණය ලා රන් වන් දුඹුරු වර්ණය පවතිනවා ...

ඒ වගේම සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක් ලබාදීමේ හැකියාව අපේ රටේ මේ
"සත්‍ය කුරුඳු " වලට තියෙනවා...

ඒකයි අපේ කුරුදු වලට ලෝක වෙළඳපලේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත්...

🍁 අන්න ඒ නිසා මේ වර්ග දෙක වෙන්කර හඳුනා නොගත්තොත් අපිත් මේ අහිතකර කුරුඳු වර්ගය අපේ ආහාරයට නොදැනීම එකතු කර ගන්නවා..

🌿 කොහොමද අපි මේ දෙක වෙන්කර හඳුන ගන්නේ...

හොඳින් බලන්න මම දාල තියන චායාරූප දෙක...

🍁 උඩින් තියෙන්නේ "කැෂියා කුරුඳු"

🍁 පහලින් තියෙන්නේ "සත්‍ය කුරුදු"

හඳුන ගන්න හරිම පහසුයි...

🌿 සත්‍ය කුරුඳු වලට වඩා කැෂියා කුරුඳු පොත්ත ඝනකමින් හුඟාක් වැඩී...

හුඟාක්ම වෙලාවට අපේ සත්‍ය කුරුඳු පොතු වල ඇතුල කුරුඳු පොතු වලින්ම පුරවල තියනවා...

හැබැයි කැෂියා කුරුඳු වල එහෙම නෑ...

🌿 අන්න ඒ නිසා වෙළඳපලෙන් මිලදී ගන්නකොට පොතු වලය ඝනකමින් අඩු, පොතුවලින්ම පුරවපු අපේම ගුණදායක සත්‍ය කුරුඳු තෝරගන, කුරුඳු වලින් ලබන්න පුලුවන් ඉහලම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න..

( දේශිය වෙලදපොල තුල කැෂියා කුරුඳු අලෙවිය සදහා නොමැති බැවින් දේශිය පාරිභෝගිකයාට මෙය එතරම් ආදාල කරුණක් නොවුනත් විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලංකික ඔබට අපේ සත්‍ය කුරුඳු හදුනා ගැනීමට ඉහත තොරතුරු ඉතාම වැදගත් වේවි.)

🌿 තවත් දෙයක් එකතු කරන්න තියනවා ලංකාවේ මෝරපු කුරුඳු ගස් වලින් ගලවපු "ගොරෝසු කුරුඳුත්" පෙනුමින් කැෂියා වගෙයි.. ඒ දෙක වෙන්කර ගන්නනම් ටිකක් අපහසුයි..

හොදම දේ දෙවෙනි චායාරූපයෙහි වගේ කුරුදු මිලදී ගන්න එකයි...

එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Photos from Prabhashwara Plant Nursery's post 10/05/2023
02/05/2023

" මල් පිපුණාට ගෙඩි නැහැ තාම...

සාදික්කා බෝගය ගැන හුඟක් වගාකරුවන් මුහුණ දෙන ගැටලුවක් තමයි මල් හොඳට පිපුණට ගෙඩි හැදෙන්නේ නැති වීම...

ඒවගේම හුඟක් අය අහන්නේ මොනව හරි බෙහෙතක් යොදලා මේ මල් පිපෙන ගස්වලින් ගෙඩි හදාගන්න බැරිවෙයිද කියලා...

කියවල බලමුකෝ...

🌿සාදික්කා කියන්නේ ද්විගෘහී ශාකයක්... ඒ කියන්නේ ගැහැණු මලයි, පිරිමි මලයි ගෙවල් දෙකක ඉන්නේ...

🌿මල් ඒක ලිංගිකයි... ඒ කියන්නේ පිරිමි මල් ගැහැණු මල් දරන ගස් වෙන වෙනමමයි තියෙන්නේ...

🌿ඉඳලා හිටලා පිරිමි මල්, ගැහැණු මල් විවිධ ප්‍රතිශතවලින් පවතින ද්වි ලිංගික ගස්ද හම්බවෙනවා...

අපි වගේම තමයි...
ඒ කියන්නේ සරලවම කියනවනම් සාදික්කා වල ගැහැණු ගස්, පිරිමි ගස්, අතරමැදි ගස් කියන තුන්ගොල්ලම ඉන්නවා...

පැල කාලේ අඳුනගන්නනම් කිසිම ක්‍රමයක් නෑ..

ගැහැණු ගස් වල හොඳට ගෙඩි හැදෙනවා... පිරිමි ගස් වල මල් පිපුණට එක ගෙඩියක් එන්නෙ නෑ... අතරමැදි ගස් වල ගෙඩි එකක්, දෙකක් හැදෙනවා...

පිරිමි ගස් වල මල් පොකුරු පොකුරු හැදෙනවා අපිව රවට්ටන්න වගේ... ඒ කියන්නේ එක පොකුරක මල් 1- 10 විතර...

ගැහැණු ගස් වල පිරිමි ගහක තරම් මල් පිපෙන්නෙ නෑ... පොකුරක මල් 1 - 3 විතර...

ඒ වගේම ගැහැණු මලකට වඩා පිරිමි මලක් ප්‍රමාණයෙන් කුඩයි...

ගැහැණු මලකට වඩා පිරිමි මලක පාදස්ථයත් පළලින් අඩුයි...
ඒ කියන්නේ පිරිමි මලකට වඩා ගැහැණු මලක් බෝල ගතියයි...

🌿මේ කාරණා එක්ක බැලුවහම තේරුම් ගන්න පුළුවන් නේද බේතක් විදලා පිරිමි ගහකින් ගෙඩි හදාගන්න බෑ කියලා...

🌿සරලවම කිව්වොත් පිරිමි කෙනෙකුට දරුවෙකු උපද්දවන්න බෑ වගේම තමයි...

🌿ගැහැණු මල්, පිරිමි මල් ගෙවල් දෙකක ඉන්න හින්දා පරපරාගනයෙන් තමයි ගෙඩි හදන්නේ...

🌿ඒ හින්දා ගැහැණු ගස් දහයකට පිරිමි ගස් එකක් තියා ගන්න එක වැඩි අස්වැන්නකට හේතු වෙනවා...

සාමාන්‍යයෙන් අවුරුදු 6 - 7 යද්දී ගැහැණු ගහක් නම් ගෙඩි හැදෙන්න ඕනේ...
ඒ කියලා එකපාරටම ගහ කපලා දාන්න එපා...
තව ටික දවසක් බාහිර තත්ව වෙනස් කරලා බලන්න...
( ඩොලමයිට් ටිකක් දාලා මාසයක් තියලා, හොඳට කොම්පොස්ට් දාලා, හෝදගන යනවනම් එය වලක්වන උපක්‍රම යොදලා, අව්ව වැටෙනවා මදිනම් හෙවන ගස්වල අතු කප්පාදු කරලා අව්ව වැටෙන්න ඉඩ හදලා දීලා)

මුලදී හොඳට අස්වැන්න දීපු ගහක අස්වැන්න අඩුනම්, සාත්තු කරලා කලින් වගේ අස්වැන්න දෙන තත්වයට ගහ හදාගන්න අපිට බැරි නෑ...

හැබැයි ජානමය විදිහට එයා පිරිමි ගහක් නම් අපිට ගෙඩි හදා ගන්න බෑ කියලා...

ඔන්න දැන් තේරෙනවා නේද "මල් පිපුණාට ගෙඩි නෑ තාම... "සාදික්කා" ගහට ඇයි කියලා....

එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරි (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

30/04/2023

Dyer ආධාරයෙන් සාදික්කා වියලීම. අපනයනය කිරීමට සූදානම් වන "බෝතොට කාබනික කුළුබඩු"

30/04/2023
27/04/2023
22/04/2023

වස විසෙන් තොර, 100%ක් කාබනික පොහොර යෙදූ "බෝතොට" කුළුබඩු, නම කියාම ඉල්ලන්න..

Want your business to be the top-listed Food & Beverage Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Connected with #japan ❤️
වස විසෙන් තොර, 100%ක් කාබනික පොහොර යෙදූ "බෝතොට" කුළුබඩු, නම කියාම ඉල්ලන්න..

Telephone

Website

Address

No 150/A Madawala Road, Pujapitiya
Kandy
20112

Other Organic Grocery Stores in Kandy (show all)
Ceylon exim commodities Ceylon exim commodities
97/2 Dehiyanga Muruthalawa
Kandy

HelaGrow HelaGrow
1/2, Dharmaraja Mawatha
Kandy, 20000

Harvest and source the purest agricultural produce and turn them into products with wholesome natura

E-Store E-Store
Willam Gopallwa Mawatha
Kandy, 20000

E-Store Food's was formed in 20st January 2023 with a view of supplying high quality spices t

Natural Green Service Natural Green Service
186/A, Gannoruwa, Muruthalawa
Kandy, 20232

ස්භාවික හරිත සේවාව

Olita Organic Ceylon Spices. Olita Organic Ceylon Spices.
Kandy

High Quality Pure Ceylon Organic Spices.

Mom's Kitchen Mom's Kitchen
Alawathugoda
Kandy, 20140

HAP PRODUCTS

Tea Tang Boutique - Lake Front Tea Tang Boutique - Lake Front
2H Sangaraja Mawatha
Kandy, 20000

The store offers its esteemed customers the perfect ambience with a wide range of teas in exclusive