FLiසත්කාර

FLiසත්කාර

Our children are the cement of life it’s up to us to make the foundation of the future!

10/10/2023

කළ හොඳ සත්කාරයක්
මනසට සුව සහනයක්!

06/10/2023

උගතුන් පිරි පරපුරක් වියතුන්ගෙන් ඔවදනක්...
තනයි ලොව සුරපුරක් පුදයි උපහාරයක්.....

01/10/2023

நாட்டின் எதிர்காலத்தை பாதுகாப்போம்!
போஷாக்கு, பாதுகாப்பு, அன்பு மற்றும் கல்வியை அவர்களுக்கு வழங்குவோம்...
FLi சதக்கார வழங்கும் உலக சிறுவர் தினத்திற்கான தகவல்!

01/10/2023

රටේ අනාගතය සුරක්ෂිත කරමු!
පෝෂණය, රැකවරණය, සෙනෙහස සහ අධ්‍යාපනය, ඔවුන් වෙත ලබා දෙමු.

Photos from FLiසත්කාර's post 22/09/2023

ප්‍රාණයක් රැකගන්න හදවතින්ම කළ නෑදෑකමේ ගනුදෙනුව අද දින මෙසේ සිදු විය.

22/09/2023
Photos from FLiසත්කාර's post 21/09/2023

Fli සත්කාර සමාජ මෙහෙවර යටතේ පුතුකුඩුඉරුප්පු ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දූ දැරියන්ට පාසැල් බෑග් ප්‍රදානය 2023/ 09 / 15 වන දින අප විසින් සිදු කරන ලදී.

18/09/2023

හදවතින්ම කරන ලේ නෑකමේ ගනුදෙනුවට ඔබත් සහය වෙන්න, ප්‍රාණයක් රැකගන්න එක්වන්න. පුංචි ලේ බිඳක් පරිත්‍යාග කරන්න. සැප්තැම්බර් 22 වනදා නො.136/B, ජය මාවත, කඩවත, Future Life ප්‍රධාන ශාඛාවේ දී...

මේ මහඟු සත්කාරයට ඔබත් දායක වෙන්න, අපි ඔබට ආදරෙන් ආරාධනා කරමු.

30/08/2023

දන් පින් කුසල් රැස් කරගන්න, හදවතින්ම සත්කාර කරන්න.

19/08/2023

මිනුවන්ගොඩ, වේරගොඩමුල්ල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව "FLi සත්කාර" මූල්‍ය දාකත්වයෙන් සහ දෙමාපිය ශ්‍රම ශක්තියෙන් දුවා දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර භාර දීම අපගේ තවත් සත්කාරයක්... මේ කර්තව්‍යය සංවිධාන කළේ අපගේ දිවුලපිටිය ශාඛාවේ අපේ ආදරණීය සහෝදරයො ටික.. එදා ඒ උත්සවය නිමා වුණේ මෙන්න මේ විදිහට...

19/08/2023

සත්කාර - උපකාර අවැසි සැමට මනුෂ්‍යත්වය බෙදන්න පුරුදු වන්න!

Photos from FLiසත්කාර's post 09/08/2023

කරන්දෙණිය අමුගොඩ මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ ශල්‍යාගරය ඇතුළුව රොගින් පරික්ෂණ ඒකකයක් සහ තුන්ඩු ලබා දෙන ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

Photos from FLiසත්කාර's post 07/08/2023

අපගේ FLi අයතනයේ වාලච්චේන ශාඛාව මගින් සංවිධාන කළ ශ්‍රමදානය ඉතා සාර්ථකව නිමා විය. මෙම පෙරපාසලේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සහ අපගේ මූල්‍ය ශක්තියෙන් ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පෙර පාසල පිරිසිදු කර බෝග සිටවා සුදුසූ පරිසරයක් සලසා දීමට අපට හැකි විය.

Photos from FLiසත්කාර's post 04/08/2023

හදවතින් ලස්සන දු-දරුවන්ගෙන් පිරි මිනුවන්ගොඩ වේරගොඩමුල්ල මහා විද්‍යාලයීය සැම දෙනාටම, සතුට පිරි දවසක් - බලාපොරොත්තු ඉටුවූ උදෑසනක් බවට අද පත්වුනා. FLi ආයතනයේ "FLi සත්කාර" ව්‍යාපෘතිය යටතේ මූල්‍ය දායකත්වයෙන් සහ පාසැලේ දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන්, පාසැලේ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කොට "ශ්‍රම සත්කාර" වැඩසටහන් මඟින් සිසු අයිතියට පිරිනැමූ වගයි!

මේ අවස්ථාව සඳහා ගරුතර සංඝ රත්නය, FLi ආයතනයේ අධ්‍යක්ෂක මඩුල්ල ඇතුළු සේවක පිරිස, කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින්, ගරු විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මහත්ම - මහත්මීන්, දයාබර දෙමව්පියන් ද සහභාගී විය. මෙහිදී, පාසැල් දරුවන් විසින් ආරාධිත පිරිස ඉතාමත් හරසරින් පිළිගත් අතර, දේශන හා විශේෂාංග රැසක් සමඟ ඉතාමත් විචිත්‍රවත් උළෙලක් එම ප්‍රධාන ශාලාවේදීම පැවැත්වීම සුවිශේෂී විය.

"FLI සත්කාර" මතු පරපුරක උන්නතිය උදෙසා....

Photos from FLiසත්කාර's post 22/06/2023

මිනු/වේරගොඩමුල්ල මහා විද්‍යාලයයේ වසර පහලවකින් පමණ ප්‍රතිසංස්කරණය නොකල පාසලේ ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතිය FLi සත්කාර අපි භාර ගත්තෙමු. දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වය සහ අපගේ මුල්‍ය දායකත්වය එක්ව, සම්පුර්ණ ගොඩනැගිල්ලම ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු 2023/06/16 දින අරම්භ කෙරුණි.

Photos from FLiසත්කාර's post 20/06/2023

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනුවෙන් සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඒ අතර සිටි ගැබිණි මවුවරුන් වෙනුවෙන් දරු ප්‍රසූතියට සහ අලුත උපදින දරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත සහන මලු ද,
එම කාන්තා රැඳවියන් ගේ කුඩා දරුවන් වෙනුවෙන් කිරිපිටි ආදී ද්‍රව්‍ය සහිත බඩුමලු ද බෙදාදීම පසුගිය 2023/06/15 දින FLi ආයතනය මගින් සිදු කෙරුණා

Photos from FLiසත්කාර's post 13/06/2023

FLi සත්කාර සමාජ මෙහෙවරේ තවත් එක් නැවතුමක්..

FLi කරන්දෙනිය ශාඛාව මගින් ගාල්ල අම්පේගම ශ්‍රී නන්දසාර මධ්‍ය විද්‍යාලයීය පසැල් ක්‍රීඩා කණ්ඩායම් වෙත නිල ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීමක් FLi ආයතනයේ අනුහ්‍රහයෙන් සිදු කෙරුනා.

Photos from FLiසත්කාර's post 04/05/2023

අප ආයතනය විසින් සිදු කරන සමාජ මෙහෙවරේ තවත් එක් යොමුවක් ලෙස බකමූණ, පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ප්‍රදානය කිරීම සිදු කලෙමු. මෙම අවස්ථාවට FLi ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී කසුන් පෙරේරා මහතා, FLi බකමූණ ශාඛාව කලමණාකරු සරත් කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.

06/01/2023

බුද්ධ ධර්මය ඇදහීමක් නොවේ එය ප්‍රායෝගික ජීවිතාදර්ශයකි. සැමට සිත් සනසන දුරුතු පුන් පොහෝ දිනයක් වේවා

01/01/2023

සත්කාරයකට සම්බන්ද වී සතුටු වෙන්න පුරුදු වෙමු. පරාර්ථය ජීවිතාදර්ශය කරගනිමු. සැමට සුබ නව වසරක් වේවා!

#2023

25/12/2022

මේ නත්තල අර්තවත් වෙන්න කෙනෙකුට යමක් දෙන්න. හිතේ සාමය ඇති කරගන්න...
සැමට සුබ නත්තලක් වේවා..

Photos from FLiසත්කාර's post 24/12/2022

ලෝකයේ මේ වන විට පස්වන තැනට ළමා මන්ද පෝෂණයට ලක් වී ඇති රට ශ්‍රී ලංකාව වන අතර ආසියානු කලාපයේ දෙවෙනි තැනට මන්ද පෝෂණයෙන් දරුවන් පෙලෙන්නේ ශ්‍රී ලංකාවේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව වාර්ථා අනුව හෙලිවේ.
මෙම තත්වය සමාජ වගකීමක් ලෙස ගෙන FLi අපි අඩු ආදායම් ලාභී අඩු බර දරුවන්ට පෝෂණ මලු ප්‍රධානයක් පසුගියදා ඇරඹුවා...
ඒ අනුව, එහි හතරවෙනි සංකේතාත්මක පෝෂණ මළු ප්‍රදානය පසුගිය දා FLi නිකවැරටිය ශාඛාව විසින් සංවිධානය කරනු ලැබුවා.
ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ උපදෙස් මත තෝරා ගැනුනු ඌන පෝෂිත දරුවන් 45 දෙනෙකුට මෙහිදී මාස හයක් පුරා පෝෂණ මලු ප්‍රධානය කල අතර මෙම අවස්ථාවට නිකවැරටිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ලාද සහභාගී වූ අතර FLi අධ්‍යක්ෂක කසුන් පෙරේරා මහතා / නිලධාරීන් සහ ප්‍රදෙශයේ විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී උනා.

07/12/2022

මිනිස්සුන්ට ආදරය කරද්දි පරිත්‍යාගය අලුත් දෙයක් නොවේ.පරිත්‍යාගය පින් උදෙසාම කළ යුත්තක් නොවුණද..නැති කෙනෙකුට දීම..මහානුසම්පන්න පිංකමකි.
මේ උඳුවප් පොහෝ දා පින් පුරමු.
තවත් කෙනෙකුගේ ජීවිතයක් ඉහළ නංවන්නට දන්දෙමු...

Photos from FLiසත්කාර's post 04/12/2022

ලෝකයේ මේ වන විට පස්වන තැනට ළමා මන්ද පෝෂණයට ලක් වී ඇති රට ශ්‍රී ලංකාව වන අතර ආසියානු කලාපයේ දෙවෙනි තැනට මන්ද පෝෂණයෙන් දරුවන් පෙලෙන්නේ ශ්‍රී ලංකාවේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව වාර්ථා අනුව හෙලිවේ.

මෙම තත්වය සමාජ වගකීමක් ලෙස ගෙන FLi අපි අඩු ආදායම් ලාභී අඩු බර දරුවන්ට පෝෂණ මලු ප්‍රධානයක් පසුගියදා ඇරඹුවා...
ඒ අනුව, එහි තුන්වෙනි සංකේතාත්මක පෝෂණ මලු ප්‍රධානය පසුගිය දා හලාවත FLi ශාඛාව විසින් සංවිධානය කරනු ලැබුවා.
ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ උපදෙස් මත තෝරා ගැනුනු ඌන පෝෂිත දරුවන් 45 දෙනෙකුට මෙහිදී මාස හයක් පුරා පෝෂණ මලු ප්‍රධානය කල අතර මෙම අවස්ථාවට හලාවත ගරු නගරාධිපති තුමා, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීතුමිය සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ලාද සහභාගී වූ අතර FLi අධ්‍යක්ෂක කසුන් පෙරේරා මහතා / නිලධාරීන් සහ ප්‍රදෙශයේ විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී උනා.

Photos from FLiසත්කාර's post 08/11/2022

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දරුවන්ට අපේ සත්කාරය...
ශිෂ්‍යත්ව දරුවන්ට පොත්පත් කට්ටල 11ක් සහ පෝෂ්‍යදායි අහාර ආධාර කට්ටල 80ක්, 2022 ඔක්තෝම්බර් 06 වෙනි දින හංගාව විද්‍යාලයයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් සදහා FLi අප විසින් ප්‍රදානය කෙරුනි

07/11/2022

කළ "යමක්" වේ නම් එය සත්කාරයක්මයි !
ලොව සත්වයින්ගේ සිත් සුව පිණිසමයි කෙනෙකු වෙනුවෙන් "යමක්" කරමු එය සත්කාරයක්මයි.
පින් සිතුවිලි පිරුණු සිත් සනහන උතුම් පොහෝ දිනයක් වේවා...

Want your business to be the top-listed Non Profit Organization in Kadawata?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


136/B, Jaya Mawatha
Kadawata
11850

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Other Charity Organizations in Kadawata (show all)
Lions Centennial Vocational Training Centre  - District 306 B2 Lions Centennial Vocational Training Centre - District 306 B2
Kadawata, 11850

The overall objective of the Vocational Training Center is to eliminate poverty and unemployment amo

Kadawatha YMBA Kadawatha YMBA
176, Baudhdha Samithi MW, Ragama Road
Kadawata, 11850

Kadawatha YMBA is an approved charity under inland revenue Act no 28 of 1979. Inco.by act 57 of 1992

Hard Truths Hard Truths
Kadawata, 11850

'කරනට මෙරට සුරපුර සුරකිමු ලමා පරපුර"... සරණක් අවැසි ඔවුන් වෙනුවෙන්

කඩවත අපි -  Kadawatha Api කඩවත අපි - Kadawatha Api
Kadawata

මෙම පේජය සමාජ සත්කාර සදහා යොදවා ඇත. සමාජ සත්කාර සදහා ඔබගේ සහය අපට ලබා දෙන්න

Lions Golden Jubilee Eye Hospital  - Kadawatha Lions Golden Jubilee Eye Hospital - Kadawatha
No 175/14, New Kandy Road
Kadawata, 11850

Hospital operation was started in February 2009 with the ambition of doing cataract operations for n