සිහල යොවුන් බලය- Siyoba

සිහල යොවුන් බලය- Siyoba

Comments

We have 5 job opportunities for kadawatha branch
Pls call me 0718576825 or 0773900493
^ #2016 #^ නව වසර යස ඉසූරින් පිරි නිරෝගිමත් නව වසරක් වේවා! oba athulu paulu siyaluma denata kiriyen peniyen ethirewa....*************************
@@ In This Year @@
May Good Luck And $ Good Fortune $
always be with YOU!!!
+€++€+++€++++€+++++

==== I WISH U A====
==>==

*|'"'|___|"''|*
*| APPY |*
*|__|"''''|__|*
~NEW YR 2016~

සිහල යොවුන් බලය

10/10/2023

🙏😔😢 අමා මහා නිවන් සුව ලැබේවා !

06/10/2023
06/10/2023

රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස්දහසක්(රු250,000.00) හා
බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00)

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මුල්‍ය සහන ලබා දෙනු ලැබේ. මේ සඳහා නිසි ලෙස සම්පුර්ණ කල අයදුම් පත්‍රයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත යොමු කරන්න.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන :
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලයෙන්
- සියලුම පොලිස් ස්ථානයන්ගෙන්
- සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්

වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න 👇
Direct Line: 011-2696890
Facebook - https://www.facebook.com/profile.php?id=100095237498046
Web - http://www.roadsafety.gov.lk
E mail - [email protected]
Address - 01, D.R Wijewardhana Mawatha, Colombo 10

02/10/2023

join with Industrial Placement Service
The primary goal of the Industrial Placement Service Program is to equip students with the practical skills and industry knowledge required for successful careers in software development. We aim to provide an immersive experience over the course of 5 months, during which students spend 4 days a week gaining hands-on experience and insights into the software engineering field. Our program strives to bridge the gap between academia and industry, ensuring that graduates are not only job-ready but also capable of making immediate contributions to their workplaces. Additionally, we aim to foster strong industry connections, enabling students to network and build relationships with professionals and potential employers.
https://www.developersstack.com/ #/process/programs/dsp/DS-P-2

30/09/2023

සිතා ඇතින්නට ඉක්මන් සුව ලැබේවා සියොබ අපි පතමු...

30/09/2023

තනතුරු මත නොයැපෙන දියුණු රටවල් 🥰

තනතුරෙන් ඉවත්වූ පසුව කුණු ලොරියක වැඩ කරන ස්විඩන් නගරාධිපතිවරිය

Ann-Sofie Hermansson යනු ස්විඩනයේ දෙවන විශාලතම නගරය වන Gothenburg හි 2018 වනතුරු සිටි නගරාධිවරියයි. මේ නගරයේ ජනගහනය 579,281 කි. මේ වනවිට ඇයගේ සේවා කාළය අවසන් වී ඇති අතර නිවසේ කුළිය ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම උදෙසා නව රැකියාව ලෙස නගරයේ කුණු ලොරියේ සේවයට එක්වී ඇත. මේ රටේ කුණු ලොරිය පදවන රියදුරු විසින් නිවෙස් අසලටම පැමිණ තමා විසින්ම මෙම ඡායාරූපයේ දිස්වන කුණු පෙට්ටිය යන්ත්‍රානුසාරයෙන් ලොරියට පැටවිය යුතුය. තමන් කළක් නගරාධිපති තනතුර දැරූ බලප්‍රදේශයේම ජනතාවට මෙලෙස සේවය කිරීමට ලැබීම ගැනත් තම ජීවිකාව රැකගැනීමට ලැබුණු නව රැකියාව ගැනත් ඇය ප්‍රීතියෙන් පසුවේ.

ලොව පුරා බොහෝ දේශපාලඥයන් තම සේවාව අවසන් වීමත් සමගම විධායක ශ්‍රේණියේ හෝ "වැදගත්"යැයි සමාජ සම්මත තනතුරකට කෙළ හලන බව අප දනිමු. එහෙත් Ann-Sofie Hermansson උඩුගම් බලා පිහිනා යමින් ලොවපුරා වසන උද්දච්ච දේශපාළුවන් හිරිවට්ටා ඇත. තවමත් 56 වියේ පසුවන ඇයට විශ්‍රාම ගැනීමට වයස 65 වනතුරු තම රටට සේවා සැපයිය යුතුය. 2018 වසරේ නගරාධිපති තනතුරෙන් ඉවත්වීමත් සමගම බරවාහන රියදුරු බලපත්‍රය ලබාගෙන තමා නගරාධිපතිනිය ලෙස සේවය කළ නගර සභාවටම කුණු ඇදීමේ තනතුරට අයදුම්පතක් ඉදිරිපත් කොට සේවයට බැඳුනේ නියමිත රැකියාවට බඳවා ගැනීමේ පටිපාටියට අනුවය.
අඩුතරමින් කිසිවෙකු මා සමග හිත් අමනාප ඇති නොකරගනු ඇතැයි මා සිතමි. "දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ලබාගත හැකි සුදුසුම රැකියාව මම කරමි. "යැයි ඇය ට්විටර් පණිවිඩයක සටහනක් තබා තිබුණි.

සටහන Russell P Bandarawatta

Photos from සිහල යොවුන් බලය- Siyoba's post 29/09/2023

Bio fencing ඒකියන්නේ වන සතුන් වලක්වන්න තල් ගස්,දෙහි ගස් වගේ ශාක එක ලගින් රේල් පාරවල් ගම්මාන මායිම් වලින් සිටවීමෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්.

තල් ගසක ආයු කාලය වසර 40කටත් එහා තියෙනවා.මේ සම්පූර්ණ කාලය පුරාවලට අලි වගේ වනසත්තු ගම් වදින එකට විසදුමක් වගේම අමතර ආදායම් ක්‍රමයක් බවටත් එය හරව ගන්න පුලුවන්.තල් ගසේ තියෙන උල් සහිත ස්වභාවය නිසා අලි ඒකට ලොකු බයක් දක්වනවා

ලංකාවේ පවා සමහර ප්‍රදේශ වල මෙය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.නමුත් එය ව්‍යාප්ත වෙන්න තරම් ප්‍රසිද්ධ වෙලා නෑ.

මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න ශ්‍රමය නැත්නම් වනජීවි දෙපාර්තමේන්තුව විවෘත ඉල්ලීමක් රටේ තරුණ ප්‍රජාවට කරන්න.අනිවාර්යයෙන්ම අපි හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙන්න සූදානම්..🙏

උපුටා ගැනිම : Green project Api fb page...

29/09/2023

Need safe passage..☢️

28/09/2023

අපේ සම්පත් රැක ගැනීම අපේ වගකීමක් පුරවැසියන් ලෙස සියලු දෙනා ජාතික සම්පතක් වන අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට පෙල ගැසෙමු.......

24/06/2021

ආදරණිය මනුස්සකමට එහා ගිය බැදිමකට

මේ අමාරු අසීරු ලොවම වේලාගත් කොවිඩ් වසංගත කාලයේ කුසට ආහාරක් ගතට සවියක් විමට අසරණ වු පවුල් 35ක අධික පිරිසකට වියළි ආහාර භාණ්ඩ ලබා දිමේ වැඩසටහනහක් සියොබ අප සංවිධානය විසින් පසුගිය ගිය දින කිහිපය තුල සංවිධානය කර තිබුනි.ඒ සදහා නන් අයුරින්, තාරුණ්‍යයේ අපට මේ වැඩසටහන සාර්ථක කර ගැනිමට, දෙස් විදෙස් තාරුණ/ තරුනියන්ගෙන් මුදලින් මෙන්ම භාණ්ඩ වලින් පරිත්‍යාග ලැබුනි.. ඉතාම කුඩා කාලයක් ඇතුලත කල අපේ ඉල්ලීමට දිරි දුන් අපේ එකාලා සැමට ජයෙන් ජයම වේවා!! එසේම මෙවන් පින්කම් වලට තව තවත් කරන්නට ඔවුන්ට අවැසි ශක්තිය වාසනාව ලැබේවා !!

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏

ජී.එම්.කසුන් දුෂ්මන්ත
ප්‍රධාන සංවිධායක
සිහල යොවුන් බලය
කඩවත
0712668276

08/06/2021

“ආදරණීය මනුස්සකමට එහා ගිය බැඳිමකට”
මේ අමාරු අසීරු ලොවම වේලාගත් කොවිඩ් වසංගත කාලයේ අඟහිඟකම් මැද ජිවිත ගෙවන අසරණ පවුල්වලට සරණක් වන්නට අවැසි මොහොතේ තරුණ ඔබගේ නොමසුරු දායකත්වය අවශ්‍ය මොහොතකි......
එන්න අප හා එක්වන්න....

Photos from සිහල යොවුන් බලය- Siyoba's post 26/05/2020

අසිරිමත් දෙවනගල රජමහා විහාරය
========================

සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් හෙබි බොදු පින්බිමක්වන දෙවනගල රජමහා විහාරය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවනගල නම් ග්‍රාමයේ පිහිටා ඇති “දෙවනගල” නම් අතිවිශාල පර්වතය මස්තකයේ පිහිටා ඇති අතර මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය ඔස්සේ කිලෝමීටර හයක් පමණ පැමිණීමෙන් මෙම පුදබිමට ළගාවිය හැකිය.

පර්වතයට පිවිසීම සඳහා පර්වතයේ පැති දෙකකින් ගලේ කෙටූ පියගැටපෙළ දක්නට ලැබේ. පර්වතය මත ටැම්පිට විහාරයකින් යුතු විහාර මන්දිරයක්, අලංකාර පොකුණක් ස්තූපයක්, බෝධීන්වහන්සේ නමක්, පැරණි ආවාස ගෘහයක් සහ අතීතයේදී විහාර මන්දිරයක් බවට විශ්වාස කරන අපූර්ව ශෛලමය ගොඩනැගිල්ලකි.

ටැම්පිට විහාරය මහනුවර සම්ප්‍රදායට යත් සිතුවම් සහ ප්‍රතිමාවලින් සමන්විතය. පර්වතය මුදුනෙහි ඇති ස්තූපය සුවිශේෂී ස්තූපයකි. පිහිටි පර්වතයෙන් අඩි තුනක් පමණ උසැති සතරැස් ශෛලමය මළුවක ඉදිකර ඇති මෙම ස්තූපය අද වනවිට සියලු ස්තූපාංගයන්ගෙන් සමන්විතව සුදුහුණු පිරියම් කොට ඇති අතර මෙහි ගර්භය සහ සතරැස් කොටුව යන තැන් දෙකෙහිම ධාතුගර්භයන් ඇතැයි පැවසේ.

පර්වතය මුදුනෙහි වූ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන නිර්මාණයකෙරී ඇති විශාල මෙන්ම අලංකාර පොකුණක් පසෙකින් දක්නට ලැබේ. පොකුණට යාබදව කුඩා ළිඳකි. පොකුණ අසලින්ම වරිච්චි බිත්ති සහිත පැරණි චාම් ආවාස ගෘහයකි.

පර්වතය මුදුනෙහි වූ ස්මාරක අතරින් සුවිශේෂීම ස්මාරකය වන්නේ ඉපැරණි ගල් ගොඩනැගිල්ලයි. මෙය සම්පූර්ණයෙන්ම ගලින් නිමවා ඇත.අඩි 3x2x2 ප්‍රමාණයේ පටන් විවිධ ප්‍රමාණයෙන් යුත් විශාල ගල් කුට්ටි එකමත එක සහ එකිනෙකට යා වන්සේ තබමින් ගොඩනගා ඇති මෙම ගොඩනැගිල්ල අඩි දොළහක් දක්වා උසින් යුතුව පැවති බව ශේෂව ඇති බිත්ති කොටස් මගින් පෙනේ.

පර්වතය මුදුනේ පර්වත ලිපි දෙකකි. ඉන් එකක් පොළොන්නරු යුගයේ 1 වෙනි පරාක්‍රමබාහු යුගයේ වන අතර අනෙක මහනුවර 1 වෙනි විමලධර්මසූරිය රජ සමයට අයත්ය.

මින් පළමුවැන්න අති සුවිශේෂී වැදගත්කමින් යුතු ලිපියකි. පරාක්‍රමබාහු රජ සමයේ සිදු වූවායැයි සාහිත්‍ය මූලාශ්‍ර මගින් හෙළිවන රාමඤ්ඤ (බුරුම රට ) ආක්‍රමණය තහවුරුකරනු ලබන පුරාවිද්‍යත්මක සාධකයක් ලෙසද මෙය හැඳින්විය හැකිය. එම ආක්‍රමණය මෙහෙයවනු ලැබූ “නුවරගල් කිත්ති” නම් සෙනෙවියාට, එම ආක්‍රමණය සාර්ථකව මෙහෙයවීම පිළිබඳව කෘතගුණ සැලකීම වස් පිදූ ගම්වරයක් පිළිබඳව මෙම පර්වත ලිපියේ සඳහන්වේ.

මෙම අභිලේඛනයන්ට අමතරව සුවිශේෂීවූ සිරිපතුලක සටහනක්ද පර්වතයේ වෙයි. මඟුල් ලකුණු සහිත මෙම සිරිපා ස්ටහන මහනුවර යුගයට අයත්වන අතර එම යුගයේ විශාලතම සහ අලංකාරම සිරිපතුල් සටහන ලෙසද හඳුන්වයි. ඍජුකෝණාස්‍රාකාර රාමුවක් තුළ අඩි 4ක පමණ දිගින් යුතුව කොටා ඇති මෙම සිරිපතුල් සටහන තුළ තවත් සිරිපතුල් සටහක් කොටා ඇත. මෙම විශාල සිරිපතුල් සටහන සමග දාගැබ් දොළහක, බෝ රුක් දෙකකින්,සහ වෙනත් පුෂ්ප සැරසිලි කීපයකින් යුතු සටහන් රූ ගලෙහි කොටා ඇත. විමලධර්මසූරිය රජුගේ පර්වත ලිපිය ඇත්තේද මීට යාබදවය.

අනුරපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම විහාරය එතැන් පටන් පොළොන්නරු යුගය, මහනුවර යුගය ඔස්සේ අද දක්වාම පැවතගෙන එන අතර අවාසනවකට මෙන් අද වනවිට විහාරයේ භූමි සීමා අන්‍යාගමික අන්තවාදීන්ගේ තර්ජනයට ලක්ව ඇත.

කැගල්ල මාවනැල්ල ඔස්සේ මහනුවර බලා යන ඔබත්, මෙම අසිරිමත් අලංකාර දෙවනගල පර්වතරාජයා මත වූ දෙවනගල රජමහාවිහාරය වැඳපුදාගෙන යාම එම බොදු සිද්ධස්ථානයට සවියක්, ආශිර්වාදයක් වනවා මෙන්ම අන්තවාදීන්ගෙන් මෙම පර්වතය බේරාගැනීමේ සටනට රුකුලක් වනු නොඅනුමානය .

මෙය උපුටා ගැනිමකි. මෙහි හිමිකම හා ගෞරවය ඔහුට හිමිවනු ඇත.....
https://www.facebook.com/412244795810260/posts/528816640819741/
https://www.facebook.com/412244795810260/posts/581741238860614/

සිහල යොවුන් බලය අවුරුදු උදානය 2018 07/02/2020

© 2018 Buddhika Lakshan Photography & Videography. Images can not be copied, printed or otherwise disseminated without any written permission of Buddhika Lakshan Photography & Videography | 075-599-6086

30/01/2020

යුරෝපයෙන් අඩක් ඝාතනය කල කළු මරණය නොහොත් මහාමාරිය!😔😔

මිනිසා යනු කෲර ඝාතකයෙකි. ඔවුහූ, දන්නා ඉතිහාසයේ පටන් උනුන් මෙන්ම උන් වටපිටාවේ ඇති සතාසිව්පාවා ද කෲර ලෙස එකා මත එකා මරා දමති. මිනිසා හේතුකොටගෙන පෘථිවි තලයෙන් නෂ්ඨ වී ගිය සත්ත්ව කොට්ඨාස අපමණය. ඒ සියළු පාපකර්මයින්ගේ නාමයෙන් ස්භාවධර්මයා මිනිසාට එරෙහිව හිස එස්වූ අවස්ථාවන් කිහිපයක් ඉතිහාසයේ වාර්තාවන අතර ඉන් කිසිවක් කළු මරණය නොහොත් මහාමාරිය වසංගතය තරම් බියකරු නැත.

ලොව පුරා මහාමාරිය වසංගතයක් ලෙසින් අවස්ථා කිහිපයකදී පැතිරගොස් මිනිස් ජනගහණය උඩුයටිකුරු කල අතර ඉන් දරුණුතම ව්‍යසනය 1347 හි සිට 1351දක්වා යුරෝපයේ පැතිර ගිය 'කළු මරණය' ලෙසින් හැදින්වෙන අති උග්‍රතම වසංගත අවස්ථාව ලෙස සැලකේ. එහිදී වසර 4 ක් තුළ යුරෝපා ජනගහණයෙන් 60% ක් මරු වැළදගත් අතර එය තරම් වේගයෙන් පැතිරී ගිය රෝගයක් මිනිස් ඉතිහාසයේ සොයාගැනීමට නොහැකි තරම් ය.

මහාමාරිය යර්සීනියා පෙස්ටිස් නම් වූ කුඩා බැක්ටීරියාවක් මගින් ආසාදනය කරන අතර උන්ගේ ප්‍රාථමික වාහකයා මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් වේ. මෙම මැක්කා අදාල බැක්ටීරියාවෙන් ආසාදනයක් වූ විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී යන අතර මැක්කා ඉන් කිසිදු හානියකින් තොරව පෙර පරිදිම වාසය කරයි. නමුත් එම ආසාදිත මැක්කා තමා වෙසෙන මීයාගේ සිරුරින් ලේ උරාබීම ආරම්භ කළවිට, උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන් පිරීතිබීම හෙතුවෙන් උරාබිව් රුධිරය රදවාගත නොහැකිව වමනය කරයි. එම වමනය සමග බැකිටීරියාවන් පිටතට පැමිණෙන අතර උන් මැක්කා ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වී උන් ආසාදනය කරයි. දැන් මීයා ආසාදිත තත්වයේ පසුවන අතර මීයා මත වෙසෙන සියළුම මැක්කන්ට ද, එම මැක්කන් ලේ උරාබොන සියළුම මීයන්ට ද රෝගය ක්ෂණයෙන් වැළදේ. ටික දිනකින් ආසදිත මීයා මිය යන අතර එවිට මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා එයි. මිනිස් ලේ උරා බීමේ දී ද ඉහත ක්‍රියාවලියම සිදුවන අතර ඉන් වහාම මිනිසා ආසාදනය වෙයි.

අදාල බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුල් වීමත් සමග දින 2ත් 7ත් අතර කාලයක් ඇතුළතදී රෝග ලක්ෂණ ඇරඹෙන අතර වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිලි සහ කිහිලි ප්‍රදේශයන්හී සියුම් ගෙඩි හටගනී. ඉන්පසු ඒවා ක්‍රමයෙන් විශාල වන අතර අවසානයේ සැරව පිරි එවන් ගෙඩි පිපිරී රුධිරය සහ ඕජස් ගලා යන මහා තුවාල බවට පත්වේ. ඊට ටික දිනකට පසුව ලේ වමනය වීම ඇරඹෙන අතර ඉන් දිනක් ඇතුළත දිගින් දිගටම ලේ වමනට කොට ශෝචනීය මරණයකට ගොදුරු වේ. මෙය බියුබෝනික මහාමාරිය නම් වේ. එවන් පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ ද අදාල බැක්ටීරියාවන් වෙසෙන අතර උන් කෙළ බිදිති මගින් හෝ කැස්සත් සමග ඒ අවට සිටින සියළුම දෙනා වෙත පැතිර යයි. එලෙස බිදිති මගින් ආසාදනය වූ විට අදාල පුද්ගලයා මත ගෙඩි වර්ග හට නොගන්නා අතර උග්‍ර කැස්සක් පමණක් පවතී. දිගින් දිගටම කැස්ස උත්සන්න වීමෙන් පසු කැස්සත් සමග ලේ පිටව යාම ඇරඹෙන අතර මෙය නියුමෝනික මහාමාරිය නම් වේ. මේ දෙආකාරයටම වඩා දරුණු අවස්ථාව සෙප්ටිසීමික මහාමාරිය වේ. එහිදී අදාල පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතිය බැකිටීරියාවෙන් පිරී පවතින අතර ඉන් ඇගිලි සහ කකුල් කළු වී පණපිටින් සිටියදීම කුණු වී හැලීයාම ඇරඹේ. මේ හෙතුවෙන් අති විශාල වේදනාවකට මුහුණ දෙන ආසාදිතයා දින කිහිපයකින් මරණයට පත්වන විට කළුගැසී කුණුවුන ඕජසින් නැහැවුනු නරකාදි සත්වරූපයක් බවට පත්වීම සිදු වේ. එනයින් මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැදින්විණි.

වසංගතය ඇරඹියේ මධ්‍යම ආසියාවෙනි. චීනයේ සුළුවට පැතිර යමින් තිබූ ආසාදනය මෝගල් වරුන් වැළදගත් අතර ආක්‍රමණික පිපාසයකින් උන්මන්තකව සිටි ඔවුහූ රෝගයද රැගෙන සේද මාවත ඔස්සේ යුරෝපය දෙසට ගමන් ඇරඹීය. 1347 හි දී ඔවුහූ ක්‍රිමියාවට පැමිණි අතර කෆා නගරය ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. නම නොදන්නා කිසියම් භයානක රෝගයකින් තම සගයින් එකිනෙකා මියයමින් තිබුනු හෙයින් ඔවුහූ සෙබළ සංඛ්‍යාව අතින් බොහෝසෙයින් අඩපණව සිටි අතර වෙනදා හුරුපුරුදු කඩාපැන ආක්‍රමණය කිරීමට සෙබළුන් අදිමදි කරන ලදි. මෙහිදී සේනාධිපති ජානී බෙග් අපූරූ තීරණයකට එළැඹි අතර ඉන් ලෝක ඉතිහාසය මෙතරම් වෙනස් වේයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇතිබව සැක හැර පැවසිය හැක. සෙබළ කණ්ඩායම අඩපණ කළ රෝගය කුමක් වුවත් එය මාරාන්තික එමෙන්ම වහාම ආසාදනය වන වර්ගයේ එකක් විය යුතුය. එය තමා අඩපණ කළාක් මෙන්ම සතුරාද අඩපණ කරනු ඇත. එසේනම් අප එය අවියක් කර නොගන්නේ මන්ද? ජානී බෙග් සිතුවේ එලෙසය. ඔහු සිය මිය ගිය සෙබළුන් කැටපෝල මත තබා නගරයේ ප්‍රාකාර උඩින් විසි වී ගොස් නගර මධ්‍යයේ තැන තැන වැටෙන ලෙස ඉන් පහර දී සතියක් සියල්ලන්ටම විවේක සුවයෙන් ගත කරන ලෙසට අණ කල අතර සෙබළුන්ට එය ඉතා ප්‍රීතිජනක පුවතක් විය. මළසිරුරු ඉහළින් විසි වී ගොස් නගර මධ්‍යයේ පතිත විය. විරූපී වූ මළකදන් ඇල්ලීම තියා ලංවීමට හෝ උන් බිය වූහ. නමුත් සුපුරුදු පරිදි නගරයේ මීයන් සිටි අතර උන් මළසිරුරු කරා නොබියව ළගා වී ඉන් ආසාදනය වී නගරය පුරා දිව යමින් මෝගල් සේනාවේ කුලී හේවයින් පරිද්දෙන් සිය කර්තව්‍යය අකුරට ඉටු කරන ලදි. දින දෙකින් නගරය රෝගී වූ අතර ධනවත් ව්‍යාපාරිකයෝ නැව් නැග පළාගිය හ. මීයන් ද අමතක නොකර නැවට ගොඩ විය.

මෙලෙස පලා යන්නවුන් ගෙන් පිරි නෞකා 12ක් පලමුව සිසිලියට ලගා වූ අතර, කිහිපයක් වැනීසියට ද එක් නෞකාවක් ප්‍රංශයේ මාර්සෙලෝ වරායටද ලගා වූ අතර සතියක් ඇතුළත සම්පූර්ණ සිසිලිය රෝගී වී බිදවැටුනු අතර වැනීසිය සහ පීසා නගරවල ඉරණම ඊට දෙවෙනි නොවුණි. ඉතාලියේ සිට මරණයේ කළු සෙවණැල්ල ඊට නතුවූ සියල්ලන් බිද හෙළමින් වයඹදෙසට සංක්‍රමණය වූ අතර පිළිවෙලින් ප්‍රංශය, ස්පාඤ්ඤය හා පෘතුගාලය ද ඉන් පසු එංගලන්තය හා ස්කොට්ලන්තය ද ඉන් නොනැවතී ජර්මනිය හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතද එළඹිනි. 1348 වනවිට නොර්වේ හා අයිස්ලන්තය කරා ද ඉන්පසු රුසියාවේ හතර දිග්භාගයම ද වෙලාගත් මෙම රකුසා යුරෝපයේ කුඩා නගර කිහිපයක් හැර අන් සියල්ලේ බලය 1350 වනවිට නතු කරගෙන තිබිණි. ඉතිහාසයේ මින් පෙර හෝ ඉන්පසු කිසිමදිනෙක මෙතරම් වේගවත් ආක්‍රමණයක් කිරීමට කිසිදු අධිරාජ්‍යයවාදියෙකුට නොහැකි වූ අතර මුළුමහත් යුරෝපයම වසර 4ක් ඇතුළත් උන් හිටිතැන් නැතිව දණින් ඇද වැටුන සුසානාගාරයක් පමණක් බවට පත් කර තිබිණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුළු යුරෝපයම මලකදන් කුණුවෙමින් පවතින අත් හැර දැමු සොහොන්ගෙයක්ම විය. වසංගතයේ මුල් අවධියේදී මිය යන්නවුන් සමූහ මිනීවලක බොහෝවිට වල දැමූ මුත් වසංගතයේ වේගය කරනකොටගෙන මල කදන් වලදැමීමේ වේගයට වඩා මලකදන් බිහිවීම ඇරඹිණි. අවසානයේ මලකදන් වල දැමීම කෙසේ වෙතත් කෙලින් සිට ගැනීමට සවි ශක්තියක් ඇත්තෙකු කිසිදු නගරයක සොයාගත නොහැකි විය.

වසර 4ක් ඇතුළත යුරෝපයේ මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් මරුතුරුලට යැවූ මහාමාරිය ඉතිහාසයේ මිනිසා මත ස්භාවධර්මය එල්ල කල වේගවත්ම අතුල් පහර බවට පත්වෙමින් 1351 සිට ක්‍රමයෙන් වියැකී ගිය අතර මළසිරුරු උන් හිටි තැන්වලම තිබෙන්නට හැර මහපොළව එය ආදරයෙන් වැළදගන්නා තුරු අබල දුබලව ඉතිරි වූවන් ඉතිරි වූ සියළුම සම්පත් මගින් සිය ප්‍රාණය පණවද්දා ගත්භ.

මිනිසා නොනැසී ඉතිරි වූ මුත් ඔහු ඉදිරියේ ජයගැනීමට බාධක රැසක් ගොඩනැගී තිබිණි. වසංගතය කම්කරු පන්තියම ඝාතනය කරතිබූ අතර යුරෝපයේ ශ්‍රමබළකාය යන්න වචනයකට පමනක් සීමා විය. දැන් මහා වගා භූමින් අස්වද්දන්නේ කවුරුන්ද? අස්වැද්දූ පසූ අස්වනු නෙළන්නේ කෙසේද? ඒවා නගරයට ප්‍රවාහනය කරන්නෙ කෙලෙසකින්ද? එසේ නොකලේ වී නම් තව වසරකින් දෙකකින් මහා සාගතයක් පැමිණ ඉතිරි වී සිටි සියල්ලන් ගිල නොගන්නේද? මෙම ගැටළු වසංගතය තරමටම කුරිරු විය. නමුත්, මිනිසා ඒ සියල්ල ජයගත්තේය. මිනිසා අති කෲර සත්ත්වයෙකි, නමුත් ඔහු බුද්ධියේ පරිසමාපප්තියයි. මිනිසා කුහකය, නමුත් අභියෝග හමුවේ උනින් එකතු වෙයි. මිනිසා මහා දඩයක්කරුවෙකි, එනිසා ඔව්හූ දඩයම් නොවෙති. බුද්ධිමත් මිනිසා යන්ත්‍ර නිපදවිය. මිනිසුන් දහදෙනෙකු විසින් කල කර්තව්‍යක් තනි යන්ත්‍රයකට භාර දුනි. පෙරටත් වඩා වේගයකින් මහා වගාබිම් ඇරඹිණි. ඉක්මණින් අසවැනු නෙලූ අතර වෙනදාටත් වඩා වේගයෙන් ඒවා ප්‍රවාහණය කෙරිණි. දැන් ජනගහණය අඩුය. සම්පත් වඩිය. වෙනදා මෙන් මහන්සි වී වැඩ කලයුතු නැත. මිනිස් සිත කලාවට යොමු විය. මනරම් චිත්‍ර ඇදුනු අතර නාට්‍ය, ගීත නිමවුණි. ඩාවින්චි ගේ, ශේක්ෂ්පියර් ගේ ගැලීලියෝ ගේ යුගයට පාර කපපින් මානව ඉතිහාසයේ අදුරුතම යුගය එසේ නිමා වී පුනරුද යුගය ඇරඹිණි.

මහාමාරිය විසින් ලෝක ජනගහනයෙන් මිලියන 450ක් ඝාතනය කල අතර එම අස්ථාන වූ ජනගහණය නැවත ඇතිවීමට වසර 200කට වඩා ගතවිය. මහා කළු මරණයට අමතරව මහාමාරිය තවත් අවස්ථා ගණනාවකදී මිනිසාට පහර දුන් අතර තවමත් මහාමාරිය තුරන් නොවූ රෝගයක්ව අදටත් වසරකට ලොව පුරා මිනිස් ජීවිත 600ක් පමණ බිලිගන්නා නිද්‍රාකාරක රෝගයක්ව පවතී. එය නැවත හිස ඔසවන දිනයක් ස්ථිරව කිව නොහැකි මුත් මිනිසා නිපද වූ සියළුම ප්‍රතිජීවක පරදවා එය නැවත හිස ඔසවන බවනම් ඉදුරාම කිව හැකිය.

මහාමාරිය තවමත් තුරන් වී නොමැත!
උපුටාගැනීම ඓතිහාසික ජායාරූප පිටුවෙනි!

21/01/2020

එයාලත් ස්පෝට් මීට් එකට ලෑස්තියි 😊

08/01/2020

ලොකයම කම්පා විමට ආසන්න භායනක තත්වයක් උදා වෙමින් පවති!!

කාණු වලට එකතු වන කුණු ගංගාවලට යෑම වලක්වනට ක්‍රමවේදයක් 04/01/2020

කාණු වලට එකතු වන කුණු ගංගාවලට යෑම වලක්වනට ක්‍රමවේදයක් හඳුන්වා දුන් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන මහත්මිය අද දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය හමුවී එම ක්‍රමවේදය පිළිබඳව වැඩි විස්තර කතාබහ කොට ඒ සඳහා ගත හැකි පියවර පිළිබදව ආණ්ඩුකාරතුමිය සමඟ සාකච්ඡා කරා.

Photos from Nature Beauty.'s post 04/01/2020
Photos from Love City's post 29/12/2019
28/12/2019

ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනික විය හැකිය. ප්‍රශ්නය තමන්ගේ වූ විට යථාර්ථය අවබෝධ කරගැනීම නිසැකය..

ලිපිය කියවා තීරණය කරන්න👉👇

මේ රටට ආ සියළු පිලීල මුලිනුපුටා දැමීමටද, සෑම ආක්‍රමණයකදීමද, රට වෙනුවෙන් ඉදිරියෙන් ඉන්නේ අපේ මහ සඟ පරපුරය, "බෝර්න් අගෙයින්" අය වැරදි ගස් වලට කොටන්නට යාමෙන් "බෝර්න් අගෙයින්" කෙසේ වෙතත් "ස්වර්ගස්ථ" වීමට ඇති ඉඩ කඩ වැඩිය, ප්‍රවේසමින්, බෞද්ධයින්ගෙ උපේක්ෂාවත්, ඉවසීමත්, අන්‍යය ආගමකට ගෞරව කිරීමට උගෙන සිටීමත්, දුර්වලකමක් යැයි වරදවා වටහා නොගන්න

අවුරුදු ගානක් අපි අරන් එන බෞද්ධ කතෝලික සුහදතාව උනත් මේ වගේ නිකායන් නිසා නැති වෙන්න පුලුවන්

මෙරට ඉහළම පෙළේ ඉහළම පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය ඉලක්ක කරගෙන සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතිය දියත් කළ "බෝර්න් අගෙයින්" ආගමික නිකායේ පිරිස් දැන් මෙරට සාමාන්‍ය වැසියන් අරබයා ද සිය අන්‍යාගමීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තාවේ.

මෙරට පක්ෂ විපක්ෂ සෑම දේශපාලන පක්ෂයකම ඉහළ පෙළේ නායකයන්, ව්‍යාපාරිකයන් හා ධනවතුන්ගේ ක්‍රිඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවම සම්පූර්ණයෙන්ම බිළිගත් මෙම "බෝර්න් අගෙයින්" කල්ලිය මෙරට ප්‍රභූ පැළැන්තිය බිලිගෙන අවසන්ය.

"බෝර්න් අගෙයින්" නිකාය මූලිකවම විහිදී තිබෙන්නේ ධනවත් හා බලවත් ප්‍රභූ පන්තිය අතරය.

එලෙස සිය ආගමීක ප්‍රභූ පුද්ගලයන්ගේ ආධාර ඔස්සේ හා විදෙස් රටවලින් එක් වන මුදල් හා වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලබා දෙමින් මෙම පිරිස් දැන් දුගී නිර්ධන පන්තිය ඉලක්ක කර අන්‍යාගමීකරණ ව්‍යාපෘතිය දියත් කරමින් සිටිනවා.

එම "බෝර්න් අගෙයින්" නිකායේ පිරිසක් මඩකලපුවේ දුගී බෞද්ධ ගම්මාන ඉලක්ක කරගෙන සිදු කරනා අන්‍යාගමීකරණ වැඩසටහනක් පිළිබඳ රටට හෙළිදරවු කිරීමට පූජ්‍ය අම්පිටියේ සුමනරතන නායක හිමියන් සමත් විය.

අම්පිටියේ නා හිමි සැලකෙන්නේ දැඩි අන්‍යාගමීකරණ බලපෑම් මැද නැගෙනහිර බොදු උරුමය රැකගෙන ජීවත් වන හිමිනමක් ලෙසිනි
කොටි ඉද්දිත් අපේ හාමුදුරුවෝ එදා මඩකලපුවේ ඉදන් අපේ උරුමය රැක්කා.මේ වෙනකන්ම හාමුදුරුවෝ ඒක කරනවා

ඉස්සර දානයක් වත් දෙන්න එකෙක් නැතුව හාමුදුරුවෝ හුගක් දුක් විදන් පන්සලේම ඉදන් රට වෙනුවෙන් කටයුතු කරේ.

හුගක් අය එහෙන් එන්න කිව්වට හාමුදුරුවෝ බයක් නැතුව පන්සලේම හිටියා

හැකි ඉක්මනින් අප සහෝදර කතෝලික සමාජයම මෙවන් කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක විය යුතුම්‍ය

The Green Project - Sith

26/12/2019

ඔන් කරනවානම් වැඩ!!! ජාතිකවාදී අදහස් කල එලියට!!

25/12/2019

ඇඹිලිපිටිය කඩදාසි කම්හල, වාලච්චේන කඩදාසි කම්හල
යලි ආරම්භ කරන්න අපි කැපවෙමු..!

25/12/2019

2019/12/26 දින උදෑසන 8.00 සිට පෙ.ව.11.30 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඔබට මෙය නැරඹීමට හැක......

Photos from සිහල යොවුන් බලය- Siyoba's post 25/12/2019

කන්තලේ සීනි කම්හල නැවත ආරම්භ කිරීමේ FACEBOOK රැල්ලේ පලමු හමුව අද සිදු විය ...

24/12/2019

කන්තලේ සීනි කම්හලට නැවත පණ දෙන්න, ඔබේ අවදානය එයට යොමුකරන්න මේය ඔබේ Profile එකට දමාගෙන රටම දැනුවත් කරන්න

Want your business to be the top-listed Non Profit Organization in Kadawata?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Telephone

Address

Kadawata

Other Nonprofit Organizations in Kadawata (show all)
Nade Gura Travel & Conservation Society Nade Gura Travel & Conservation Society
419/1, Mankada Road, Kadawatha
Kadawata

Nade Gura Non-Profit Travel & Conservation Society of Sri Lanka is a voluntary body with members draw