BIZZY MART

ı ąƖῳąყʂ ɬཞყ ɬơ ℘ཞơ۷ıɖɛ ɬɧɛ ცɛʂɬ ℘ཞơɖųƈɬʂ ąŋɖ ʂɛཞ۷ıƈɛʂ.

25/05/2024

යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ 😁

#වෙසක්

25/05/2024

මේ දවස් වල Electricity Board එකේ Hotline & Complain ගැනීම සම්බන්දයෙන් ඔබේ අදහස මොකක්ද ?

23/05/2024

Oh hoo 😍😁

23/05/2024

පලාත් අතර මාරු වෙන සීන් එක ගැන වෙන්න ඇති සාකච්ඡාව 🥹🥹🥹

12/05/2024

When කලූ said “Cup එක ගේන්න” I felt it ❤️🇱🇰🏆

කාලෙකට පස්සේ ලංකාවේන් ලස්සන World Cup ජර්සි එකක්

ඒ වගේම මෙකේ Concept එකත් මරු

ලංකාවේ ජාතික පුෂ්පය - නිල් මානෙල්
සංචාරකයින් අතර ප්‍රසිද්ධ හඹරණ අලි,
ආරුක්කු නවයේ පාලම,

ඒ වගේම කාලෙකට පස්සේ ජාතික කොඩියේ ඉන්න Classic සිංහයත් ජර්සියට ඇවිත්

ඒ විතරක් නෙමෙයි මේක මරු විදිහට moose එකෙන් Promotion එකත් කරලා ❤️😍 Matheesha ට හොදට රගපාන්නත් පුළුවන් 💥🖤

Copied.

10/05/2024

කෙනෙක් "මට මහන්සියි" කියලා
ඔයාට කියනවා නම්,
ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි!
ඔයාගෙන් එයාට පොඩි Energy එකක්
ලැබෙයි කියලා එයා හිතන නිසයි!
මොකද;
මිනිස්සු එහෙම ලේසියෙන්
තමන්ට දැනෙන දේවල්
තමන්ට දැනෙන කෙනෙක්ට හැරෙන්න
වෙන කෙනෙක්ට කියන්නේ නැති නිසා!
ඉතින්,ඒ ආදරණීය මනුස්සයා
ආදරෙන් බලා ගන්න. ! 🤍🌻💫

Coppied

03/05/2024

ජීවිතේ හොඳම කාලෙ මුල් ළමාවිය.
එතනදි
අකුර පමණක් 1st කරගෙන
ගුණධර්ම 2nd උනාම
අනාගතේදි හැදෙන වැඩිහිටියා
3rd class ම තමයි.

Copied

03/05/2024

😊😊😊😊😊

02/05/2024

තනිකම 🥲

22/04/2024

ජීවත්ව ඉන්න පාදඩ නඩයට පාඩම් රැසක් ඉතිරිකොට නික්ම ගිය නිහතමානී මිනිසා..

Post Credit Goes to Respective Owners 🙏

22/04/2024

පානම්බොක්කේ රටේ රාළ...තෝ ඔතන ඉන්නව ද? 😂

🎥credit - creator

21/04/2024

තෙරුවන් සරණයි ...|❤️🙏







🇱🇰

📷 Credit goes to respective owner 🙏

21/04/2024

Motivation ❤️

05/03/2024

යුරෝපයේ කුලී නිවාසවල ජීවත්වන පුද්ගලයින්ගේ ප්‍රතිශතය,

🇩🇪 Germany: 50.9%
🇦🇹 Austria: 45.8%
🇩🇰 Denmark: 40.8%
🇫🇷 France: 35.3%
🇸🇪 Sweden: 35.1%
🇮🇪 Ireland: 30.0%
🇳🇱 Netherlands: 29.9%
🇫🇮 Finland: 29.7%
🇱🇺 Luxembourg: 28.9%
🇧🇪 Belgium: 28.7%

🇬🇷 Greece: 26.7%
🇮🇹 Italy: 26.3%
🇪🇸 Spain: 24.2%
🇸🇮 Slovenia: 23.9%
🇵🇹 Portugal: 21.7%
🇨🇿 Czechia: 21.7%
🇪🇪 Estonia: 18.4%
🇱🇻 Latvia: 16.8%
🇧🇬 Bulgaria: 15.1%
🇵🇱 Poland: 13.2%
🇱🇹 Lithuania: 11.0%
🇭🇷 Croatia: 9.5%
🇭🇺 Hungary: 8.3%
🇸🇰 Slovakia: 7.1%
🇷🇴 Romania: 4.7%

මුල් රටවල් 10 ගත්තම මොනවද හිතෙන්නේ,

ඒ මිනිස්සුන්ට ගෙවල් ගන්න බැරි නැ, මුළු මුදලින් 20 % වගේ ගෙවල Mortgage එකක් දාල ගෙයක් ගන්න පුළුවන්, හැබැයි ඒ මිනිස්සු ඊට වඩා හිතනවා වෙන්න පුළුවන් ඔළුවේ නිදහසෙන් ඇවිදලා කරලා සතුටින් ජීවත් වෙන එක හොදයි කියල, මේ රටවල මිනිස්සු ණය වෙලා ලෝකෙට පෙන්න ජීවත් වෙන්නේ නැ,

According to Eurostat,

Shone Waik🇪🇺♥️ COPIED

02/03/2024

Are you Serious ? 😁😁

29/02/2024

වැඩිය සද්ද දාන්න යන්න එපා 😍

23/02/2024

🙏🙏🙏🙏🙏🙏

18/02/2024

#මරණය පෙනි පෙනී අම්මාට ලියු ලිපිය
ඔහු ඉල්ලා සිටියා පෑනකුයි කොළයකුයි..
ඔහු ලියපු දේ දුටුවොත්..,
ඔබටත් සිතන්නට දෙයක් තිබේවී..
මරණ මංචකයේ සිටින සිරකරුවකුට කිව්වා ඔහුගේ අවසන් ඉල්ලීම කරන ලෙස,
විදුළි පුටුවේ ඔහුගේ මරණයට පෙර ඔහු ඉල්ලාසිටියා පෑනකුයි කොළයකුයි.( ඔහුගේ සටහන මෙසේයි)
මගෙ ආදරණීය අම්මේ...,
නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ, මගේ ලඟ වාඩිවෙලා මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන්.
නමුත් නීතිය අන්ධ නිසා ,
අපි දෙන්නම වගකිවයුතු වරදකට මම තනියෙන් වරදකරුවෙලා.
අම්මේ, මතකයිද ඔයාගේ පුතා මම,අවුරුදු තුනේදි ,
හොරෙන් ගත්ත මගේ සහෝදරයගෙ රසකැවිලි?
මට හොඳට මතකයි මම වයස 5 දි ,
මම අසල්වාසියෙක්ගෙ සෙල්ලම් බඩුවක් හොරකම් කරල ගෙදර හැංගුවා.
ඒත් ඔයා කිව්වේ සෙල්ලම් බඩුව ගෙදර නෑ කියලයි ඔවුන්ට
අම්මෙ .. මම අවුරුදු 12 දි ,
මම හැංගුවා මගේ ඥාතියාගේ පන්දුව ගරාජයේ.
ඒත් එදත් අම්ම කිව්වේ ඒක දැකලත් දැක්කේ නෑ කියලයි ඔවුන්ට . ඔයාට මතකද මම අවුරුදු 15 දී මාව ස්කෝලෙන් එළවපු දවස? තාත්තට ඕනෙ උනා මට දඬුවම් කරන්න ,
ඒත් ඔබ ඒක ප්‍රතිකේෂ්ප කරා,
ඔබ එයත් එක්ක ලොකු රණ්ඩුවක් උනා,
ඒ ඔබට මාව බේරෙන්න ඕනෙ උන නිසා.
එදත් අම්ම කිවේ , මම තරුණයි තාම කියල…
ඒ නිසා කමක් නෑ කියල..
අම්මා මම වෙනුවෙන් උන්නා , අම්මා මම වැරදියි කියල දැනගත්ත වෙලාව ඒක නෙමෙයි.
අම්මා කිවේ මම නිවැරදියි කියලයි.
ඒත් ඔයා දන්නවා මම (ඒ හැම වෙලේම) වැරදියි කියල.
මට තවත් හොඳට මතකයි ,
මම අවුරුදු 17 දී අම්මා දැනගෙනත් මම අසල්වැසියෙක්ගේ බයික් එකක් හොරකම් කරල විකුණුවා කියලා අම්මා මොකුත්ම කිව්වේ නෑ.(ඒ වෙලාවෙත්) ඔයා මට ගොඩක් අදරෙ නිසා.
ඔයා මාව හැදුවෙ නෑ.ඔයා එහෙම කරලා කරේ මාව නරක් කරපු එකයි.
අන්න එහෙමයි මේ ඔක්කොම පටන් අරන් අන්තිමේ හෙමින් හෙමින් ඇවිත් මේ විදියට මගේ මරණ මංචකෙන් අවසන් වෙන්නේ අද මම ගොඩක් තරුණයි අම්මේ ,
අද මට ඕනේ ඔයාගෙ ආදරය, ඔයාට අද දෙන්න පුළුවන්ද ඒක? මේක කියවන වෙලාව වෙනකොට මම මියගිහින් ඇති.
ඉතින් ආයුබෝවන් අම්මේ ඔයාගෙ ආදරණීය පුතා.
කෝටුවක් පාවිච්චි නොකරන,
දරුවන්ට සැර නොකරන,
ඒත් ආදරය පමණක්ම කරන, වෙලාවට උගන්වන,
සියලුම දෙමාපියන් වෙතයි මේ...
ආදරය කරන්න ඔබගේ දරුවන්ට නමුත් ඔවුන්ව “හදන්නට” අමතක නොකරන්න….
-උපුටා ගැනීමකි-

06/02/2024

Don't hurt to anyone 🌻 The Karma is coming back to you ❤️

06/02/2024

පසුගිය දවසක පර්‍යේශකයන් පිරිසකට ඕන වෙනව නින්ද කියන එක මිනිස් මොළයකට කොයි තරම් වැදගත් දෙයක්ද කියන එක ප්‍රායෝගික පරීක්ශණයක් හරහා තේරුම් ගන්න.මේ අනුව මිනිසුන් 134 දෙනෙක් යොදාගෙන කරපු පරීක්ශණයකින් ඔවුන්ට හොයා ගන්න ලැබෙනව මේ විදිහට එක දවසක නිදිවැරීමක් නිසා මොළය පත්වෙන ආතතිය අවුරුදු 1 ත් 2 ත් අතර කාලයකින් වයසට යාමකට සමානයි කියල.

පරීක්ශණයට පෙර හා පසුව සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ශාවන් වල දත්ත වල වෙනස්කම් මත තමයි මෙයාලා මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ.

කොහොම උනත් මේ පරීක්ශණයෙදිම හොයාගෙන තියන විදිහට මේ විදිහට ක්ශණික වයසට යෑම ආපස්සට හරවන්න නං කරන්න තියෙන්නෙ ඒ මගෑරුණ කාලයට සමාන කාලයකින් නින්ද ආයෙත් ලබා ගන්න එක විතරයි කියලයි එයාලා කියන්නේ.

උපුටාගැනීමකි

23/01/2024

අවාසනාවට ඇත්ත කතාව මේකයි 😥

17/12/2023

නමෝ බුද්ධාය..❤️🙏

16/12/2023

නියපොතු කන ඔයාගේ හොදම යාලුවව මෙන්ශන් කරන් යමුද ? 😁

15/12/2023

ආ...ආ.....හෝව් හෝව් පැටියෝ...❤️😊
පොලිස් මාමට දෙකක් දෙන්න නේද හැදුවේ 😁

15/12/2023

අනේ අනිච්චං සංසාරේ 😥😥

Orginal Post Create by රණා

13/12/2023

මෙන්න කෙල්ලනේ යනවා නම් සැලූන් 😁💥❤️

Photos from BIZZY MART's post 13/12/2023

මාදුරුඔය ජලාශයේ ඓතිහාසික පසුබිම

මහා වංශයට අනුව මහසෙන් රජු ක්‍රිස්තු වර්ෂ 273 ඉදිකර පළවන විජයබාහු (ක්‍රි.ව 1055 -1110) සහ පළවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 1153-1186) යන රජවරු විසින් පිළිවෙලින් ප්‍රතිසංස්කරණය කරන ලද මහාදරගල්ල වැව මෙය විය හැකිය. මහාදරගල්ල පසුව මහාදර,මාදර,මාදුරු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රි.පූ පළවන සියවසේදී මහවැලි ගඟ සහ මාදුරු ඔය අතර පිහිටි භූමි ප්‍රදේශය මහා වංශයට අනුව අන්තරා ගඟ ලෙස හඳුනා ගන්නා ලදී. කූටකණ්ණතිස්ස රජු (ක්‍රි.පූ 44-22) දී කරවා ඇති බව ශිලා ලිපි සහ මහාවංශය ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දී ඇත. මෙම ස්ථානයේ එකතු කරන ලද නියැදියන් මගින් ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද කාබන් -14 කාල නිර්ණයට අනුව මෙම සොරොව්ව ක්‍රි.පූ පළවන සියවසට අයත් බව නිගමනය කර ඇත. ඒ අනුව අන්තරාගඟ ප්‍රදේශයේ පළවන සියවසේ කූටකණ්ණතිස්ස රජු විසින් ඉදිකළ වැව මෙය විය හැකියි බවත් මෙම සොරොව්වේ මුල් කොටස ක්‍රි.පූ 6 වන සියවසේ දී විජය රජුගේ පැමිණීමට පෙර යක්ෂ ගෝත්‍රිකයන් විසින් ඉදිකළ බවට මතවාද පවතී.

උපුටා ගැනිමකි.

12/12/2023

බොනවා නම් මේ ගානටවත් බොන්න ඕන. 😂

12/12/2023

ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා

"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී

බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.

1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.

1979 වනවිට මා උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා. මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.

මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.

මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.

නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.

කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.

රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි.

සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.

මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?"

වාර්තාව-අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු.
උපුටා ගැනීමකි.

11/12/2023

ලක්ශ ගානක Audience එකක් ඉන්න show එකක තමන්ගේම කියලා හදාගත්ත culture එකකට
කිසිම හූවක් නොකියන්න මෙහෙම සින්දු කියන එකම මදිද ඕයී...👌✊

රට්ටු නම් කතා කියයි... 😂
ඌ සින්දු කීවත් වැරදි නොකීවත් වැරදී....😅

Sanjeew Lonliyes SJS 🤍

Want your business to be the top-listed Shop in Alawwa?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

විශාල පණිවිඩයක් දෙන ලස්සන විඩියෝ දර්ශනයක් ❤️
😁😁😁😁
යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ 😁#වෙසක් #wesakday #poyaday
Oh hoo 😍😁
Sri Lankan Version Dance 😁❤️#dance
Nature Lovers 😍❤️#naturelovers #nature #naturephotography
When කලූ said “Cup එක ගේන්න”  I felt it ❤️🇱🇰🏆 කාලෙකට පස්සේ ලංකාවේන් ලස්සන World Cup ජර්සි එකක්ඒ වගේම මෙකේ Concept එකත් ම...
Gym එක 😂😁
ම්ම්ම්... මණ්ඩලේ අද පාර්ටියක් වගෙයි😏
බෑන්ඩ් එක දෙන ආතල් එක කොහොමද ....😍
පානම්බොක්කේ රටේ රාළ...තෝ ඔතන ඉන්නව ද? 😂........................🎥credit - creator #foryoupageシ  #lalaililailai #movies #t...
Are you Serious ? 😁😁

Category

Telephone

Website

Address

Alawwa
Alawwa
71610

Other Shopping Malls in Alawwa (show all)
DDivfancy DDivfancy
Kudumulla
Alawwa, 60280

Online store of every handmade items.online transfer or bank deposit.place ur order via whatsapp❤️

HRVS Shop HRVS Shop
Alawwa

Shoping

Siam Center - The Ideaopolis Siam Center - The Ideaopolis
979 Rama I Road, Pathum Wan, Bangkok 10330
Alawwa

Siam Center was established in 1973 as Thailand’s first shopping center by Siam Piwat Group

Qmore MART Qmore MART
422, Kudumulla Road, Kapuwarala
Alawwa, 60280

The Biggest Online Shopping Mall in Sri Lanka

Cba2023 by pairlette Cba2023 by pairlette
Chulalongkorn
Alawwa

CBA chula

DIGIT Online Mart DIGIT Online Mart
Maharachchimulla
Alawwa

Buy Your Production With Good Condition