රම්බරි Rambari

රම්බරි Rambari

コメント

Mathara weligama online ganikawa sithumini probodha
Mathara weligama online ganikawa sithumini probodha
https://m.facebook.com/story.php?story_fbid=1096362160744835&id=517493621965028 පුලුවන් හැම කෙනාම මේ link එකෙන් gihin mage duwata like karanna
❤ ❤ කාන්තාවන් ගේ කාම නිල💘 💘
හඳ පොළව වටේ කැරකැවනෙවනේ. ඉතිං එතකොට වෙලාවකට හඳ ඉරෙන් දුරස් වෙනව. වෙලාවකදි ලංවෙනව. අපේ පොළවටත් ඒ වගේමයි. මේ ලංවීමත් දුරස්වීමත් දෙක හේතුවෙන් ජ්‍යාතිෂයේ එන තිථි නිර්මානය වෙනව.
මේ තිථි ගහකොළ සතා සිවුපාවාට මෙන්ම මිනිසාටද බලපානවා. කතකටනම් බොහෝ සංවේදී වෙනව. මවුපදවි උරුමයේ නිල පැළදීම හෙවත් මල්වරයටත් මෙම හඳ ගමන බලපානවා. මාසික ඔසප් වීමටද බලපානවා. සිතෙහි කැළඹිමටද මේ තිථි හේතු වෙනව. කැළඹුනු සිතට සුව දෙන ආදරය සඳහාද මේ තිථි බලපානවා. ආදරයේ උපරිම අවස්ථාව වන දෙදෙනාගේ කායික එක්විම සඳහාද හඳෙහි ස්වභාවය උපකාරීවෙනව. කාම නිල මතුවීම හැකිලිම සිදුවන්නේද මේ හඳෙහි තිථි අනුවය. ඉතිං මේ කාම නිල චක්‍රය හදුනා ගැනීම බොහෝ දෙනෙකුට වැදගත් වේවි.

වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
Video🎬 එක නැරඹීම සඳහා link එක click කරන්න 👇

https://www.youtube.com/channel/UCdXn_amoVO9iDBHuSiVW-lg/?sub_confirmation=1
මතකද අපි ආනයනික කිරිපිටි වර්ජනය කරලා දේශීය නිශ්පාදිත කිරිපිටි සහ නැවුම් කිරි බොන්න පුරුදු වුනා..? ඒකෙන් ලැබුණ ප්‍රධාන වාසියක් රටේ සල්ලි රට ඇතුලෙම ඉතිරි වෙනවා. සහ දේශීය ව්‍යවසායකයා ශක්තිමත් වෙනවා..

කිරිපිටි විතරක් නෙවෙයි, මේ තියෙන්නේ තවත් ඒ වගේම දේශීය නිශ්පාදනයක්.. දැනට වෙළඳපොළේ අලෙවි වන සියලුම මුඛ සෝදන (Mouth wash) මෙරටට ආනයනය කරන ඒවා..

මේ වගේ තවත් දේශීය නිශ්පාදන තියෙනවා නම් අනිත් අයවත් දැනුවත් කරන්න.. අපේ දේ රැකගමු.. දේශීය ව්‍යවසායකයාට අත්වැලක් වෙමු..

#ගන්න_අපේ_දේ
https://www.facebook.com/Kool-N-Fresh-2264634583802253/?referrer=whatsapp
UyyuwtwuiTueuquopuyteoq0peqqepqqqqqqqqqqqqqyqep0qqqqeqirqqepewepqpqqqprqqeppqeopq0qqqqqeeqaaldgdafdafaadaddafadayadatrueadsheadadasaadadadadadadafaddadad\🏣dageadadadadadadAdadadadadsdadadadadsafeadadaCD

ආතල් විතරක්ම නෙවෙයි

通常通り開く

06/01/2021

ලංකාවේ උන්ගේ රට යෑම, ලගේජ් සහ තවත් කතා😅

මේකනම් කියන්නම ඕන කතාවක්

සාමානෙන් ගුවන් සේවයකින් ටිකට් එකක් ගන්න අවස්තාවේ ඉදන් ටිකට් එකට යනකන් සදහන් කරනවා ගෙනියන්න පුලුවන් උපරිම බර ප්‍රමානය. ඒ තිබිලත් අපේ අයියලා අක්කා වට්ටක්කයි කරෝලයි විතරයි පැක් කරගෙන එන්නේ නැත්තේ. සමහර උන් හාල් පවා අරන් එනවා. ඇවිල්ලා පෝලිමේ ඉන්න එකෙක් ටිකක් පොඩි බෑග් එකක් අරන් ඉන්නවා දැක්කොත් වැලපෙනවා බඩු ටිකක් දාලා දෙන්න කියලා.

පලවෙනිදේ තමා කොච්චර අවංක අහිංසක පෙනුමක් තියෙන කෙනෙක් උනත් අනුන්ගේ පාර්සල් ගන්න එපා. දානකොට කොහොම දැම්මත් බාරගන්නකොට යටත් වෙන්නේ අදාල රටේ නීතියට. බැරි වෙලා හරි ඕකේ තහනම් භාන්ඩයක් තිබ්බොත් හැඥේ හුඥේ නෑ සොරිම තමා. මැදපෙරදිගනම් තුන්වේල බිරියානි කෑවහැකි සෑහෙන කාලයක්.. බිරියානි කන්න තියෙනවනවන්ම් හොදයිනේ නේ? හොද උනාට කොයි රටේ හිරේ ගියත් අවසානේ වෙච්චදේ පැහැදිලි කරන්න වෙන්නේ කොලේක චූටි රවුමකුයි ලොකූ රවුමකුයි ඇදලා😂

මම නිතර ලංකාවට එන නිසා (කොරෝනා වලට කලින්) හුගක් වෙලාවට බැක් පැක් එක විතරයි ගේන්නේ.. ඉතින් හැමදාම මොකෙක් හරි එකෙක් සෙට් වෙනවමයි වැලපෙන්න. දවසක් ඔන්න අංකල් කෙනෙක් ඇවිල්ලා වැලපෙනවා. කොච්චර බෑ කිව්වත් අහන්නෑ. ඉතින් සුපුරුදු ගන දෙවි නුවන පහල කරන් පොඩ්ඩක් වටපිට එහෙම බලලා කනට කරලා කිව්වා අංකල් බෑග් එකේ බඩු වගයක් තියෙන්නේ මාට්ටු උනොත් අංකල්ටත් වැඩේ හරි කැමතිනම් ඔයාගෙ බඩු දෙන්න කියලා😂😂😂 මේ යකා සුස් ගාලා වාස්ප වෙලා පෝලිමේ පස්සටම ගියා

ආයේ දවසක් ඇන්ටිලා දෙන්නෙක් වැලපෙනවා. බෑ කිව්වහම පිටිපස්සේ උන්න මැලේශියන් කාරයෙක්ගෙන් ඇහුවා. ඌ පැන්න ගමන් හා කිව්වා. මට ඉතින් කියනවත් ඇහුනා අපේ එකෙක් තමා අපිට උදව් කරන්නේ නැත්තේ කියලා මුමුනනවත්.රෑ 11:30ට දුබායි වලින් එන ෆ්ලයිට් එක ලංකාවට ගිහින් මැලේශියා යනවා. අර ඇන්ටිල මුගේ නමට බඩු ටික දාලා උදේ මම දැක්කා බඩු ටික බෙල්ට් එකේ එනකන් බලං ඉන්නවා තාම නෑ කියල.. ඇන්ටිල දෙන්න ලංකාවෙන් බැස්සට බඩු ටික මැලේශියා ගියා.. 😂(අවංකෙන්ම මම දැක්කනම් කලින් කියනවා පව් නිසා)🥺🥺

සාමානෙන් අපේ රටේ සමහර අයගේ තියෙන හෙන කැත පුරුද්දක් අනුන්ට වදයක් වෙන එක.. අපේ අයගේ කටේම තියෙන දෙයක් තමා "පොඩි උදව්වක් ඕන/ උදව්වක් කරන්න" ඇත්තටම බැලුවහම පොඩි නෙමේ අරූගේ පලුවක් යන වැඩකට තමා ටෝක් කරන්නේ. කෙනෙක් කැමැත්තෙන් උදව්වක් කරනඑක වෙනයි. ඒත් මේ කාරනේදී විතරක් නෙමේ ජීවිතේ හැමදේකදිම අන්ත අසරන අවස්තාවක හැර කැළනි හිගන්නෙක් නොවී හැකිතාක් ස්වාදීන මිනිහෙක් වෙන්න , දෙපයින් අල්ලන් ඉන්න බලන්න. ඇත්තටම ඒක තමන්ගේ ආත්මාභිමානයට හුගාක් වැදගත් දෙයක්

ඕකෙම අනික් පැත්ත තමා සමහර අය ඉන්නවා මොකෙක් හරි ලංකාවට යනවා කියල ඇහුනොත් උගෙ ආච්චිට බුලත් විටක් හරි යවන්න ඕන වෙන. අන්තිමට අර වැකේශන් යන එකා ලැබුන සීමිත බර ඒ වෙනුවෙන් කැපත් කරලා ඒ පාර්සලෙත් උස්සන් ගිහින් ඒක ගෙනිහිල්ලත් දෙන්න ඕන.

©️කෝසල එදිරිසිංහ

youtube.com 01/01/2021

Acting Embassoder in Japan Mr.chandana Weerasena

ජපන් යන්න ඉන්න අයට , ජපානයේ ඉන්න අයට වැදගත් වෙයි
https://youtu.be/_6MQ5Xtakw8

youtube.com Special Thanks Mr.Chandana WeerasenaMr. Sujeewa wijayanayakeMr. Ishan GunawardaneMr.Lahiru Chamara

31/12/2020

හ්ම් හ්ම් හ්ම් හාරි හරි හරි

29/12/2020

හිතන්නට යමක්

මේ තියෙන්නේ එලවලු 🥒🥦🌶️, මස්🥩🥓, මාලු🐟🦐🦑 කපන්න නිවසේ භාවිතා කරන ප්ලාස්ටික් හා ලී " කපන ලෑල්ලක් " හෙවත් චොපින් බෝඩ්(chopping board ) . Zoom කරලා බැලුවොත් පෙනේවි කැපුම් පාරවල් නිසා බෝඩ් එක ගෙවෙනවා කියලා . මේ කැපුම් පාරවල් නිසා ප්ලාස්ටික් හා ලීකුඩු අල්පව ආහාරයට නිරතුරුව එක්වීමක් වෙනවා . ලී කුඩු ශරීරයට අගුනක් නොමැති අතර ප්ලාස්ටික් අන්ශු ආහාර උයනවිට රස්නෙට දියවී ආහාර සමග එක්වී ශරීරයේ තැන්පත් වීමෙන් පිලිකා හා විවිධ රෝගාබාධ ඇතිවීමට ඉඩකඩ තිබේ . පාවිච්චියෙන් පසු අබලන් ප්ලාස්ටික් බෝඩ් එක ඉවත්කිරීමෙන් පරිසරයට අහිතකරවේ.
ඒනිසා සෞඛ්‍ය හා පාරිසරික අහිතකර ප්ලාස්ටික් චොපින් බෝඩ් වෙනුවට සෞඛ්‍යයට හිතකර ලෑලි චොපින් බෝඩ් එකක් ඔබත් පාවිච්චියට ගන්න .
අපි වෙනස්වෙමු , රට වෙනස් කරමු,,,

උපුටා ගැනීමක් 🙏


17/12/2020

අන්තිම ටික තමා ආතල් 😂😂

16/12/2020

කොහොමද LPL ගැම්ම ❤️❤️❤️


14/12/2020

දමිළ ජාතික කේ. සුජීවා ට අහම්බෙන් පෙර පිණකට වගේ අහන්නට ලැබුණු බණ කතාවක් නිසා ජීවිතය වෙනස් වුන අයුරු chat & music වැඩසටහනේදි කිවුව කතාවෙන් කොටසක්.

12/12/2020

වෙන රටක මනුස්සයෙක් ⚒ගරාජ් එකක් දැම්මොත්,
ඒ ලග වෙන එකෙක් දාන්නෙ ⚙️වාහන පාට්ස් විකුණන කඩයක්...
තව එකෙක් ගරාජ් එකට,හාඩ්වෙයාර් එකට එන මනුස්සයෙක්ට තේ එකක් බොන්න කොෆි එකක් බොන්න දාවි ☕️කොෆි ශොප් එකක්,
ඒකයි රටවල් අඩියක් හරි ඉස්සරහට යන්නෙ,

ඒකට

ලංකාවේ මනුස්සයෙක් පාර අයිනෙ ආප්ප කඩයක් දැම්මොත්,
වෙන එකෙක් ඊට එහායින් ඊට වඩා ලොකුවට ආප්ප කඩයක් දානව.....
ඊට පොඩ්ඩක් එහායින් තව එකෙක් තව ආප්ප කඩයක් දානව...
මාසයක් විතර යද්දි එකම තැන කඩ 10ක් විතර....
අන්තිමට එකෙක්ටවත් බිස්නස් නැතිව යනව.

10/12/2020
28/11/2020

එකම රටක එකහා සමාන වරදට නීතිය
දෙවිදිහකට ක්‍රියාත්මක වූ අන්දම..!!

මුල් පින්තූරයේ ඉන්නේ රාජිතගේ මොංගල් බාලපුතා එක්සත් සේනාරත්න සහ ඔහු
පැහැරගෙන ආ
14 හැවිරිදි ( එකල) තරුණිය දිනිති ආලෝකා රණසිංහය.
ඌ හිරේගියෙත් නැහැ , නඩුත් නැහැ.
දෙන්නා දැන් සමගියෙන් පවුල්කනවා.

අනිත් චායාරූපයේ ඉන්නේ 16හැවිරිදි, ජපන් ජාතික යුවතියක්වන ෆ්ලෝරා ය, ඇය ලංකාවේ තරුණයකුවන කසුන් මධුශංක සමග ආදරෙන් බැඳී එම තරුණයාත් සමග ඇය ලංකාවට ඇවිත්
පවුල්ජීවිතයක් ගතකර සිවුමස් ගැබිනියක්ව ඉන්න අවස්ථාවේ
බරපතල චෝදනා එල්ලකර , තරුණයා රිමාන්ඩ් භාරයටත් , තරුණිය පරිවාස භාරයටත් පත්කර ඇත.

ලංකාවේ විවාහ නීතිය අනුව දෙදෙනාම වරදක් කර ඇත. ඒ උනාට එක්කෙනෙක්
වරදට දඬුවම් විදින්නේ නැහැ , අනිත් කෙනා දඬුවම් විදිනවා.. 😥


28/11/2020

Gossip-Lanka News

පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හොයන් ගිහින් උදව් කරන්න. නැතිනම් කාටහරි උදව් කරන්න පුළුවන් වෙන්න මෙය ශෙයා කරන්න...

දරුවෝ 6 දෙනෙක්. පියා නැති වෙලා...
මේ දවස් වල කොච්චර අසරණ වෙලා ඇත්ද..
පොඩි එවුන් ටික දැක්කම පපුව පිච්චෙනවා...😢😢

වීඩීයෝ එකේ සදහන් දුරකතන අංකය 0774467910. නමුත් හොයන් ගිහින් ඔවුන්ව කෙලින්ම සම්බන්ධ වෙනවා නම් තමා සාර්ථකම විදිහ..

27/11/2020

සත්‍යජීත් ලක්මාල් සහෝදරයා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!!!
ඔබේ පද වලින් කෙතරම් සිත් සැනසී ඇද්ද ඒ පිනම ඇති ඉක්මන් සුවය ලබන්නට 🙏🙏🙏


26/11/2020

Prakampana _ ප්‍රකම්පන

හොයල සනීප කරමු

18/11/2020

පාකිස්තානයේ හිටපු අගමැති දැන් ඉන්නේ සිරගත ව. ඒ බලයේ ඉන්න කාළේ රාජ්‍ය දේපල අවභාවිත කරපු නිසා. එයා දැන් ඉන්නේ අසනීපෙන්ලු. ඒ නිසා බෙහෙත් ගන්න වෙන රටකට යන්න අවසර ඉල්ලනවා වර්ථමාන අගමැතිගෙන්. ඒ කියන්නේ ඉම්රාන් ඛාන්ගෙන්.

කිසි අවුලක් නැතුව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් කියන්නේ මෙච්චරයි 👇

" නවාස් ශරීෆ් ව බෙහෙත් ගන්න වෙන රටකට යවනවනම්, හිරේ ඉතුරැ වෙලා ඉන්න අනිත් එක්ලක්ෂ පනස් දාහමත් ලෙඩ වලට බෙහෙත් ගන්න රට යවන්න ඕන..

ශරීෆ් තුන් වතාවක් පකිස්තානේ අගමැතිකම් කරා. ඒ කාලෙදි ඔහුට අයිති කර්මාන්තශාලා ගණන 1කේ ඉඳන් 30හ දක්වා වැඩි කරගත්තා.

තමන්ට දේවල් කරගන්න උනන්දු උනාට, රට ඇතුලේ කරදරයක් නැතුව බෙහෙත් ගන්න නවීන රෝහලක් මිනිස්සුන්ට හදලා දෙන්න එයා උනන්දු උනේ නෑ. ඒ නිසා මේ වගේ එක්කෙනෙක්ව රට යවලා බෙහෙත් කරන්න මහජන මුදල් යොදවන එක අපරාධයක් "
ඉම්‍රාන් ඛාන්ගෙ පිළිතුර උනේ එහෙමයි.

යහපත් රටක් උදෙසා උපුටා දැක්විමකි.
අයිතිය මුල් රචකයා සතුයි.

*#* මේ දූපතේ පළාත් සභා මන්ත්‍රී ගේ ඉඳන් ජනාධිපතිවරුන් දක්වා දූෂණ,වංචා වලට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවානම් අද මෙහෙම ලෝකයාට මේ දූපතේ ජීවත්වන අහිංසක මිනිසුන් ණය විය යුතු නැහැ.

copied

14/11/2020

මතක ද ඇයව..ඇයගේ සැත්කමට දින 8ක් වැනි පුංච් කාලයක් තිබෙන්නේ. ඒත් තව ලක්ෂ 25ක අඩුපාඩුවක් තියනවා. ඔබට හැකි ද ඒ අඩුව පුරවලා ඇයගේ ජීවිතය ජීවත් කරන්නට.මේ ඇයට ඔබේ උපකාර අවැසීම මොහෝතයි.ලංකාවේ සිටින පිරිසෙන් රු.100කින් වුවද උපකාරයක් කලොත් එය ඇයගේ ජීවිතයට මහගු දයාදයක් වේවී.

ඉතිං චූටි නර්ස් නෝනා ඉක්මනින් සුවය ලැබිලා තවත් අයට හුස්ම දෙන කාලය වැඩි ඈතක නොවෙයි..ආයෙමත් කියන්නම් පමාවෙන එක මිනිත්තුවක් ගානෙම ඇය රෝහලෙ දුක් විදිනවා....අමතක නොකර ඇයට උපකාර කරන්න 🙏🙏🙏

Do you Remember her . She has not a little over 8 days for her surgery. But there is another shortfall of 25 Lakh. This is the moment when she needs your help. please , don't forget to help her...

C N D Wickramasingha
Acc no. 83280276
Bank of Ceylon
Padukka branch
Padukk
Tel - 0714436227

මුදලින් නොහැකි උනත් පුලුවන් කෙනෙක්ට දකින්න share කරන්න ඒකත් පිනක් 😔

13/11/2020

කහට, පා....ට ශුවද, හරි හරියට 😁

11/11/2020

👨‍💼කිසිම ඉලෙක්ට්‍රොනික අලෙවිකරුවෙක් ඔබට මෙය පවසන්නේ නැත,
නමුත් මේය නිර්මාණ කරුවන් (ඉන්ජිනේරුවන්) මෙලේස පවසා ඇත. 👨‍🔧

අම්මා ඒ දවස් වල tv එක ලග ඉදන් බලන්න එපා කියල තියෙන්නෙ ඇත්ත නෙහ්☹️

10/11/2020

ඔරිජිනල් 😸

03/11/2020
30/10/2020

කොරෝනා
1-බයවීම
2-බය නැති කර ගැනීම
3-බය නැති වීම


29/10/2020

නීරෝදායනය වුනත් ආතල් එකේ ඉන්න ඕන😂

26/10/2020
22/10/2020

ඖෂධවේදීයා The pharmacist

මව්වරුනි ප්‍රවේශම් වන්න,........

වෙළෙඳ පොළේ දියර පැනඩෝල් වර්ග දෙකක් ඇත. එකක් පැන්ඩෝල් සිරප් වන අතර, එහි මිලිලීටර් පහකම අඩංගු වන්නේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 120 (120 mg) කි.

අනික පැන්ඩෝල් බිංදු (drops) වන අතර එහි මිලිලීටර් එකක පමණක් මිලිග්‍රෑම් 80ක් ඇත. මිලිලීටර් පහක මිලිග්‍රෑම් 400ක් ඇත.

බැරි වෙලාවත් සිරප් යයි සිතා බිංදු ලබා දුන්නොත්, මාරාන්තික විය හැකි පැරසිටමෝල් විෂ වීමක් ඇති විය හැක. උදාහරණයක් ලෙස දරුවෙකුට ලබා දිය යුත්තේ මිලිග්‍රෑම් 120 ක් යයි සිතමු. එනම් සිරප් එකෙන් නම් මිලිලීටර් පහකි. යම් හෙයකින් අතපසු වීමකින්, පැන්ඩෝල් බිංදු වලින් මිලිලීටර් පහක් දුන්නොත්, දරුවාට පැරසිටමෝල් මිලිග්‍රෑම් 400 ක් දෙනු ඇත.

මෙසේ සිදු වූ අවස්ථා තුනකට, මට ප්‍රතිකාර කිරීමට සිදු විය. මෙහි භයානක කම නිසාම, ටික කළකට ඉහත, ශ්‍රී ලංකා ළමා රෝග සංගමයේ ඉල්ලීම මත පැන්ඩෝල් බිංදු වෙළඳ පොළෙන් ඉවත් කරන ලදී.

නමුත් පැන්ඩෝල් බිංදු නැවත වෙළෙඳ පොළට පැමිණ ඇත. මගේ රෝගී දරුවන්ගේ අම්මලාට මම උපදෙස් දෙන්නේ, සිරප් පමණක් භාවිතා කරණ ලෙසයි.

මව්වරුනි, කරුණාකර මේ ගැන දැනුවත් වන්න......
අන් අය සදහා share කරන්න.....
(අන්තර්ජාලයෙන් උපුටා ගැනිමකි.

නිරෝගී දිවියකට ඇරඹුමක්
නිරෝගිකම උතුම්ම ධනයයි
නීරෝගී දිවියක නොදුටු පැතිකඩ
රෝගයට ඌණ වු පෝෂණය ?

20/10/2020
13/10/2020

දැන් වරෙන්කො කොරෝනා

12/10/2020

අවුරුදු පහලවක් වයසැති පිරිමි දරුවෙක් පාන් සහ චීස් වෙළදසලකින් හොරකම් කිරීමේ වරදට දිනක් උසාවියට පැමිණියා. ඔහුගේ නඩුව විභාග වන අතර විනිසුරුතුමන් මෙසේ පැවසුවා.

"ඔබ මෙතනට අද පැමිණ තිබෙන්නෙ වෙළදසලකින් පාං සහ චීස් හොරකම් කිරීමේ වරදට, ඔබ එය පිලුගන්නවාද?"
කලබල සහිත මුහුණකින් එම පිරිමි දරුවා කියා සිටියේ " ඔව් මම ඒ වැරැද්ද පිළිගන්නවා , මම පාං සහ චීස් හොරකම් කලා"

"ඇයි ඔබ හොරකම් කරේ මෙය වැරැද්දක් බව ඔබ දන්නවා නේද?" විනිසුරු ඇසුවා.
පිරිමි දරුවා බිම බලාගෙන " ඔව් මම ඒක වැරැද්දක් කියලා දන්නවා"
"ඇයි ඔබ ඒවා සොරකම් කරේ?" විනිසුරු ඇසුවා
"මට සල්ලි තිබ්බෙ නෑ. නමුත් මට ඒවා ඕන කරා ඒ නිසා මට ඒවා සොරකම් කරන්න සිද්ද උනා" පිරිමි දරුවා කියාසිටියා
"ඔබට තිබුනා ගෙදරින් සල්ලි ඉල්ලාගන්න" විනිසුරු කියා සිටියා.
"ගෙදර ඉන්නෙ අම්මා විතරයි. අම්මාට ටස්සාවක් නෑ ලෙඩ වෙලා ඉන්නෙ. මම ඒ කෑම ගත්තෙත් අම්මාට කන්න දෙන්න" දරුවා කියා සිටියා.

"ඇයි ඔබ රස්සාවක් කරන්නෙ නැත්ද" විනිසුරු ඇසුවා
"රස්සාවක් කරා වාහන හෝදන තැනක, දවසක් අම්මාට අමාරුවෙලා එයා බලාගන්න නිවාඩුවක් ගත්ත නිසා මාව එතනින් අස් කරා" දුක් මුසු මුහුණෙන් දරුවා පිළිතුරු දුන්නා.
"ඔබට තිබ්බා කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න , මිනිස්සුන්ගෙන් ඉල්ලගන්න තිබ්බා" විනිසුරු කියා සිටියා.

"උදේ ඉදන් පාරෙ දැක්ක ගොඩක් අයගෙන් මම උදව් ඉල්ලුවා කවුරුත් මට උදව් කරේ නෑ. කවුරුත් මගේ කතාව අහන්නවත් ඉදිරිපත් උනේ නෑ" දරුවා කිව්වා.

නඩුව අසා අවසානයේ විනිසුරු තුමා තමන්ගේ විනිශ්චය ලබා දෙන්න සූදානම් වෙමින් මෙසේ කියා සිටියා.
" කොහොම උනත් හොරකම හොරකමක්මයි. ඒකට දඬුවම මම නියම කරනවා. මේ හොරකමට මෙතැනට මේ දරුවා ගේන්න අපි හැමෝම වගකියන්න ඕනෙ. මේ හැම මනුස්සයෙක්ම වගකියන්න ඕනේ මමත් ඔබත් ඇතුලු හැම දෙනාම.

එම නිසා මෙතන ඉන්න හැම දෙනාටම මම ඩොලර් දහයක දඬමුදලකට යටත්ව දඬුවම් කරනවා. මෙතන ඉන්න හැමෝම ඒ ඩොලර් දහය ගෙවලා මිසක් මෙම භූමියෙන් ඉවතට යෑම තහනම්. " එසේ කියමින් විනිසුරුතුමන් තම පොකැට්ටුවෙන් ඩොලර් දහයක මුදලක් එළියට ගෙන දඬය මුලින්ම ගෙවා දැමුවා. "

තවද මේ ළමයා කිසි හෙවිල්ලකින් තොරව එක පාරටම අමානුෂික විදිහට පොලීසියට අල්ලා දීම හේතුවෙන් එම වෙළදසලට ඩොලර් දාහක දඬයක් නියම කරනවා. ඒ දඬය නොගෙවුවෝතින් වෙළදසල සීල් තබ රජයේ මාර්ගයෙන් විකුණා දැමීමට පියවර ගන්නවා" උසාවියේ සිටි සියල්ලන්ම කදුළු පිරුණු දෙනෙතින් යුතුව මේ දෙස බලා සිටියා.
මෙය ඇමරිකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්.

මෙය අපේ රටේ සිදුවූවා නම් පුංචි මිනිහාට අත්වෙන ඉරණම ගැන අපි ඔබ කවුරුත් දන්නවා.
.

07/10/2020

Helping Sri Lanka

07/10/2020

බෝට්ටුව ලංකාව නම්, වතුර කියන්නෙ කොරෝනනම්, කවුරුත් එකතු වෙන්න ඕන වතුර ටික අස් කරන්න

07/10/2020

" තී හා තා " කාලෝචිත කතා...

06/10/2020

උබත් කිව්වේ බ්‍රැන්ඩික්ස් පොකුර කියලද...

මගෙ අම්මා බ්‍රැන්ඩික්ස් එකේ. දිවුලපිටිය නෙවෙයි අවිස්සාවේල්ල.

මට මාස දෙකේ ඉදල අම්මා කළේ ගාමන්ට් එකේ මහන එක. අදටත් එක අතක් උස්සගන්න බැරි ව, හිරි වැටිලා, අප්‍රාණික වෙලා තියෙද්දිත් එයා වැඩට යනවා කාටවත් බරක් නොවී ජීවත් වෙන්න.

එයා අද උදේ වැඩට යද්දි, මම ගෙදර. කොළපාට යුනිෆෝම් එක ඇදන් පාරට බහින අය දිහා බලන්නෙ අමුතු විදියට කියලා මටත් වඩා බාල පුංචි කෙල්ලෙක් අම්මට කෝල් කරල නහයෙන් අඬනවා. ෆේස්බුක් එකේ, ටීවී එකේ බ්‍රැන්ඩික්ස්.. බ්‍රැන්ඩික්ස් ගගා ගාමන්ට් පොකුර, කොරෝනා ලෙඩ්ඩු ගාණකොට, ඉල්ලගෙන ලෙඩ හදාගත්ත වගේ ඒ මිනිස්සු දිහා බලන තැනට සමාජය දාන්නෙ මේ සමහර කාලකණ්ණි සමාජ මාධ්‍යය භාවිතා කරන්නන් සහ ජඩ මාධ්‍ය සංවිධාන.

පණ යනකල්, අත පය හිරි වැටිලා පොල් කිරි ටිකක් මිරිකගන්න බැරි වෙනකල්, ලෙඩකට බෙහෙතක් ගන්න යන්න නිවාඩුවක් නැති, උදේ මැෂිමට වාඩි උනාම වතුර ටිකක් බොන්න නිදහසක් නැති, වොශ් රූම් එකට ගියොත් ටාගට් එක නොදා බැනුම් අහන්න වෙයි කියල හිර කරගෙන ඉන්න මගෙ අම්මා වගේ ගෑනු කෙනෙක් උන්ගෙ පවුල් වල නැති හන්දද උන්ට ඒව ගැන ගාණක් නැත්තෙ?

උන් ඒ වගෙ අහිංසකයන්ගෙ ජීව්ත, ආත්ම ගෞරවය ගැන පයිසෙකට ගණන් නොගෙන, සත්තුන්ට වගේ වචන භාවිතා කරන්නෙ ?

මට හරි අප්පිරියයි මේක 💔
උ.ගැ නිලේකා ධනංජනී ගුණවර්ධන

04/10/2020

නොමිලේ ලැබෙන පිරිසිදු ඔක්ෂිජන්

28/09/2020
26/09/2020

දැනගෙන සිටියද....? වතුර වීදුරුවකට කල හැකි දේ !!!!!

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ)) ප්‍රතිචාරය මෙසේය :

“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත.

උපුටා ගැනීමකි.
තිසා............

24/09/2020

අම්ම සල්ලි ගන්න
හොරෙක් ආවම
මම ඩිශුම් ඩිශුම් කියල තියන්නම්

22/09/2020

දූවිලි a҉r҉t҉

අපේ රටේ නං "අනේ මාව හෝදලා යන්න" කියලා ලියලා ගියාට

සිතා ගැනීමට පවා අපහසු අතිවිශිෂ්ට දූවිලි නිර්මාණ එකතුවක්..🔥🙏❤️

( උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ビデオ (すべて表示)

住所


Tokiyo
Toki-shi, Gifu
+81
その他 Toki-shi 芸術とエンターテイメント (すべて表示)
Ceramic Arte Ceramic Arte
泉北山町7-5
Toki-shi, 509-5171

陶製モダン仏具、ベネチアンロザリ(数珠)、ベネチアンブレス専門店★2019年 CHIHIRO の趣味で オーガニック中心のCafeコーナー作りました♪ https://www.ceramic-arte.com/

Eros Titanium OfficialClub Eros Titanium OfficialClub
Toki-shi, 00000

Pagina Adminitrada Por Eros

Amv Anime Ita Amv Anime Ita
Tokyo
Toki-shi

Ohayo Otaku! Qui troverete gli AMV (Anime Music Video) più belli ^_^

石拾窯 石拾窯
下石町
Toki-shi, 509-5202

美濃焼つくってます。(「作る」じゃなくて「創る」へ・・・) 不在している事が多々ありますので、御用の方は掲載番号に留守電又はメールにてご連絡下さい。お手数お掛けします。

隆月窯 伝統的工芸品美濃焼 織部焼の窯元 隆月窯 伝統的工芸品美濃焼 織部焼の窯元
下石町592番地の23
Toki-shi, 509-5202

美濃焼伝統的工芸品の織部焼を中心に仕事をしている窯元です。

 武山窯  武山窯
駄知町1268-58
Toki-shi, 509-5401

ライン公式サイトに友達登録すると10%offクーポンをプレゼント https://lin.ee/3lW7n9FwR 美濃焼きの窯元武山窯のうつわはお料理を盛り付けるのが楽しくなる日々の暮らしをお洒落に演出

Genpoan/玄保庵 Genpoan/玄保庵
下石町1427−1
Toki-shi, 5095202

岐阜県土岐市にある陶芸ギャラリー&茶せんラテの店「玄保庵/genpoan」です。陶芸体験もできます。

Resident-Evil Resident-Evil
Toki Toki-shi, Gifu, Japan 214
Toki-shi, 154 - 0012

Resident Evil 4

Tsumiki つみき Tsumiki つみき
Toki-shi, 75670

Tsumiki 我愛她 Nya !~~ :3)

小澤基晴 ozawa motoharu 小澤基晴 ozawa motoharu
Toki-shi, 5095301

陶器制作

Monkey D Luffy 佩阿黑 Monkey D Luffy 佩阿黑
01
Toki-shi, 01

Sitio Unico Para los amantes de One Piece