Rashmi 's Food Diary

tasty foods...❤
happy life..❤
cooking girl....❤

04/12/2023

දුම් දාන පොලොස් ...🔥🔥🔥

රෙසපි එක 👇

https://m.facebook.com/story.php?story_fbid=110042472114903&id=100093274502592

29/11/2023

තෝසෙ කමුද ...???🥰❤

අද තියෙන්නෙ තෝසෙ එක්කලා කොල මිරිස් සම්බෝලය .... තව මිරිස් හොදට දාපු පරිප්පු හොදිත් හැදුවා... හැමදාම කන පරිප්පුව නිසා ඒකෙනම් photo එකක් ගත්තෙ නෑ....😁

ඉතින් අද තෝසෙ වලට ප්‍රතිචාර ගොඩයි....ඉතින් මන් අද තෝසෙ හදපු විදිහ මන් පහලින් ලියලා තියෙනවා ... ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න...

තෝසෙ මිශ්‍රණය මුලින්ම හදාගමු...

💚උලුදු පිටි
💚හාල් පිටි
💚පාන් පිටි
💚වතුර
💚බේකින් පවුඩර්
💚පොල් කිරි
💚ලුනු

මෙන්න මේ දේවල් ටික මුලින්ම ලෑස්ති කරගන්න ඕන. මතක තියාගන්න .ඔයා උලුදු පිටි,පාන් පිටි,හාල් පිටි ප්‍රමාණ ගන්න ඕනෙ 3:2:1 අනුපාතයට ... දැන් මන් කුනුහරුපයක් කිවුවා වගේ ඇස් උඩ කරකවන්න එපා... 🤔🤪මන් කිවුව දේ සිංහල තේරුම ඔයා උලුදු පිටි 300g ගත්තොත් පාන් පිටි 200g , හාල් පිටි 100g වගේ ප්‍රමාණ වලට ගන්න ඕනෙ. ඔයා ගන්න ප්‍රමාණ ඒ විදිහට බලලා හදාගන්න ඕනෙ. ඒක එහෙම කියලත් තේරෙන්නෙ නැත්තම් ඔයා මගෙන් msg එකක් දාලා අහන්න...මන් කියලා දෙන්නම් ..🥰

දැන් පිටි මිශ්‍රණයට අවශ්‍ය පමණට ලුණු දාලා බේකින් පවුඩර් ත් දාලා වතුර ටිකක් දාලා තලපයක් වගේ වෙනතුරු හොදින් මිශ්‍ර කරගන්න ඕනෙ.ඊලගට මේක පැය දෙකක් වගේ වහලා තිබ්බා.

ඊටපස්සෙ මන් මේක හදන්න ගන්න කොට ඒකට පොල්කිරි ටිකක් දාලා ලූණු ටිකක් තෙම්පරාදු කරලා ඒකටම දාලා පෑන් එකක් තියලා තෝසෙ ටික හදාගත්‍තා...

තෝසෙ වලට නැතුවම බැරි දෙයක් කොල මිරිස් සම්බෝලය.. අමුමිරිස් ,පොල් , ගම්මිරිස් ,සුදුලූනු , ලුනු ,දෙහි දාලා අබරලායි ඒක හැදුවෙ ...🥰

ඔන්න එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙහෙම හදලා කාලා බලන්න...ගොඩක් රසට තිබුනා.... අනිවාර්යයෙන්ම කාලා බලලා රස කොහොමද කියන්න අමතක කරන්න එපා...එහෙනම් ගිහින් එන්නම්❤🥰 ඉක්මනටම තවත් පෝස්ට් එකකින් හම්බෙමු ...

Rashmi 's Food Diary
27.11.2023

28/11/2023

ඔන්න මන් අද ගොඩ දවසකින් ආවා රසම රස බත් එකක් අරගෙන මේ පැත්තට ....🥰

කවුද කැමති මෙහෙම කන්න..... ?❤❤❤

Photos from Rashmi 's Food Diary's post 27/11/2023

Hello everyone ....❤

"Keep calm, best things are yet to come.”

25/09/2023

😜

Photos from Rashmi 's Food Diary's post 16/09/2023

57. රුලං ටොෆී හදමුද ...????🥰🥰🥰

අද මං අරගෙන ආවේ හවස තේ වෙලාවට ඉක්මනින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් අරගෙන... මට මේ රුලං ටොෆී ටික හදාගන්න පැයක් වත් ගියේ නැහැ.. ගොඩක් රසට තිබුනා.. පහලින් ලියලා තියෙනවා රෙසපි එක..අනිවාර්යයෙන්ම ඔයත් try කරලා බලන්න...

අවශ්‍ය ද්‍රව්‍ය...

💛රුලං 250 g

💛 සීනි 400g

💛වතුර කෝප්ප 1

💛ඔයා කැමති පාටකින් කලරින්
බින්දු දෙක තුනක්...( මමනම් ගත්තෙ රෝස පාට)

💛condensed milk මේස හැදි 4

💛වැනිලා තේ හැදි 1/2

💛අවශ්‍ය නම් කජු කැබලි ටිකක්

හදන්නෙ මෙන්න මෙහෙමයි ...

මුලින්ම රුලං ටික බැදගන්න. බැදගන්නෙ පෑන් එකක් ලිපේ තියලා ටිකක් රත් වෙන්න තියලා රුලං ටික දාලා හැදි ගාමින් රුලං ටික ලා රන්වන් පාට වෙනතුරු බැදගන්න ඕනෙ.

ඊටපස්සෙ රුලං ටික පැත්තකින් තියලා ඒ පෑන් එකටම වතුර එකතු කරලා ඒකටම සීනි හා කලරින් බින්දු දෙකක් එක්කර උතුරන තුරු උණු කරගන්න ඕනෙ.

Suger syrup එක ඉටි පදමට එනකොට ඒකට වැනිලා,condensed milk , තියෙනවා නම් කජු එකතු කරගන්න ඕනෙ.

ඊලගට බැදගත් රුලං ටික දමා බදුනේ නොඇලෙන පදමට එනකොටම බටර් තවරපු තැටියක තුනී කර කෑලි කපන්න.

එහෙනම් අනිවාර්යයෙන්ම මේ විදිහට ඔයත් හදලා බලලා රස කොහොමද කියලා අනිවාර්යයෙන්ම මට comment එකක් දාගෙන යන්න ..එහෙනම් මං තවත් පෝස්ට් එකක් අරන් ඉක්මනටම එන්නම්❤🥰 හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ 😌❤

Rashmi's Food Diary
16.09.2023

13/09/2023

56. කවුද කැමති මෙහෙම කන්න...???🧡🧡🧡

උණුම උණු සුදුකැකුළු හාල් බත් එක්කලා
🧡පොල් සම්බෝලයි
🧡බල කරවල තෙල් දාපුවයි.....
🧡රතු ළූණුයි කොච්චි කරලුයි....

Rashmi 's Food Diary
13.09.2023

09/09/2023

55. කමුද බත් ටිකක්...???😘

අද තියෙනවා
🧡කහ බත්
🧡බටු මෝජු
🧡අල කිරිහොදි
🧡 බිත්තර
🧡 කට්ලට්
🧡 පිපිඤ්ඤා salad
🧡 බෝංචි
🧡චිකන් කුර්මා

දැක්කම බඩගිනි නේද ...??? මටත් එහෙමයි . කන්න කලින් photo එක ගත්තෙත් හරිම අමාරුවෙන් ...🤪...මෙහෙම කන්න ආස අය කෝ බලන්න ....??? එහෙනම් දුවලා දුවලා එන්න...

Rashmi 's Food Diary
09.09.2023

08/09/2023

54. හැලපේනියස් ඔතේමියස් හදමුද ...???😘😘😘

ඔන්න අද මං අරගෙන ආවෙ ඔයාලා ජීවිතේට අහලා නැති කෑමක් අරගෙන ... හැබැයි කාලා නම් තියෙනවා අනිවාර්යයෙන්ම . ඔයා මේවා කාලා නැත්තම් ඔයා ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙවේ... 🥰😘

මොනාද මේ හැලපේනියස්..???? කොහොමද හදාගන්නෙ කියලා මං ඔයාට කියලා දෙන්නම් ...

අවශ්‍ය ද්‍රව්‍ය:

💚පිටි 250 g

💚කුරක්කන් පිටි 150 g

💚සීනි 250 g

💚ගාගත් පොල් කෝප්ප 1

💚ලුණු තේ හැඳි 01

💚කැන්ද කොල 10 - 15

💚වතුර කෝප්ප 1/2

සාදන ආකාරය:

🧡පැණිපොල් සෑදීම සඳහා සීනි , ලුණු , වතුර භාජනයකට දමා මද ගින්නේ රත් කරන්න. මෙහිදී සීනි උකු සිරප් එකක් ආකාරයට පැමිණෙන තෙක් රත් කරන්න.

🧡ගාගත් පොල් ඉහත මිශ්‍රණයට එකතු කරමින් මද ගින්නේ රත් කරන්න. ඉන්පසු ජලය සියල්ල වාෂ්ප වී පැණි පොල් ටික හොඳින් ඝන වන තුරු තබා ගන්න.

🧡පැණි පොල් මිශ්‍රණයට කුරක්කන් පිටි ටික එකතු කර හොඳින් මිශ්‍ර කර එයටම පිටි එකතු කරන්න. අතේ නොඇලෙන සේ ගුලියක් සාදා ගත හැකි පදම එනතුරු පිටි ටිකින් ටික එකතු කරන්න.

🧡කුඩා ප්‍රමාණයේ ගුලි සාදා ගෙන කැන්ද කොලේ මැදින් තබා කැන්ද කොලය දෙකට නමා කැන්ද කොළය පුරා පැතිරෙන විදියට අතින් තලන්න.

🧡ස්ටීමරයක් ගෙන සාදාගත් ටිකෙහි සෑම කොටසකටම වාෂ්ප වදින සේ අතුරාගෙන පැය 1 ½ පමණ හොඳින් තම්බා ගන්න.

ඔන්න ඔහොමයි හැලපේනියස් ඔතේමියස් හදාගන්නෙ ... ඉතින් ඔහොම හදපු හැලපේනියස් උණු උණු තේ එකක් එක්කනම් නියමයි.

එහෙනම් තවත් පෝස්ට් එකක් අරන් ඉක්මනටම එන්නම්..හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ...❤❤❤❤

Rashmi 's Food Diary
08.09.2023

03/09/2023

53. කිරිබත් පෙරේතයන්ට....❤🏃🏃🏃

මෙහෙටනම් හොඳටම වැස්ස ඊයෙ ඉදන් එක සීරුවටම.... ඉතින් උදේ පාන්දරම මගේ පේජ් එකේ top fan කෙනෙක් වුන ගෙදර ඉන්න ලොකුම fanගෙ ඉල්ලීමට කිරිබත් ටිකක් හැදුවා ගින්දර දැවිල්ලට උම්බලකඩ දාපු ලුනු මිරිසක් එක්ක...😘

වැස්සෙ උනු උනුවෙන්ම කිරිබත් කාලා දවසම නිදාගන්න ආස පෙරේතයෝ මෙය දකිත්වා....🤪🏃🙏

Rashmi 's Food Diary
03.09.2023

02/09/2023

52. බඩ ඉරිගු තෙම්පරාදුවක් හදමුද ...??🌽🌽🌽🌽

ඔන්න ඉතින් කාලෙකින් අලුත් කෑමක් අරගෙන ආවා.. පහුගිය දවස්වල තිබුන වැඩ රාජකාරි , ගමන් බිමන් එක්කලා සෑහෙන දවසකින් නිදහසේ කෑමක් හදාගන්න බැරිවෙලායි තිබුනෙ. ඉතින් ඒ කොහොම වුණත් ආපහු ඔන්න සුපුරුදු විදිහට අලුත් කෑමක් අරගෙන ආවා...

අද විශේශත්වය තමා අපි හැමදාම බඩ ඉරිගු කන්නෙ එක්කො ලුණු දාලා තම්බලා, එහෙමත් නැත්තම් අර පාරෙ අයිනෙ විකුනන්න තියෙන විදිහට ලපටි බඩ ඉරිගු කරල් ගිනිගොඩක් ගහලා පුච්චලා... ඉතින් අද මන් අරගෙන ආවෙ බඩ ඉරිගු ඇට වලින් හදපු තෙම්පරාදුවක් අරගෙන.

බඩ ඉරිඟු කියන්නේ බාල, මහළු අප කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන පෝෂ්‍ය පදාර්ථ රාශියක් සපිරි ධාන්‍ය ශාකයක්. ඉතින් මගේ විදිහට කියනවානම් බඩ ඉරිගු කොහොම හදලා කෑවත් බඩ ඉරිඟුමනෙ...😜 ඒ නිසා කොහොම කෑවත් පෝශන ගුනයෙන් නම් අඩුවක් වෙන්නෙ නෑ..

එහෙනම් බලමුද කොහොමද හදාගන්නෙ කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය :
🌽 බඩ ඉරිගු ඇට 250g
🌽 කපාගත් ලූනු , කොච්චි මිරිස් , සුදුලූනු
🌽 කරපිංචා
🌽 රම්පෙ කෑල්ලක්
🌽 කෑලි මිරිස් හැදි 1 1/2
🌽 කහ හැදි 1/2
🌽 පොල්තෙල් මේස හැදි 2
🌽 අබ ඇට හැන්දක්
🌽 බැදගත් හාල්මැස්සන් මිටක්
🌽 ලුනු අවශ්‍ය පමණට

හදන්නෙ මෙන්න මෙහෙමයි ...

🌽මුලින්ම බඩ ඉරිගු ඇට හොදින් හෝදලා පැයක් දෙකක් විතර පෙගෙන්න තියන්න ඕන. ඊලගට ලුනු ටිකක් දාලා වතුර දාලා බඩ ඉරිගු ඇට ටික හොදින් තම්බාගන්න ඕන. ( ඔයා තම්බගන්නෙ pressure cooker එකක නම් අර විදිහට ගොඩක් වෙලා පෙගෙන්න තියන්න ඕන වෙන්නෙ නෑ...)

🌽තම්බගත්තු බඩ ඉරිගු ඇට ටික වතුර ටික පෙරලා පැත්තකින් තියාගන්න ඕනෙ.

🌽 ඇතිලියක් අරගෙන පොල්තෙල් ටික දාලා රත්වීගෙන එනකොටම ඒකට සුදුලූනු, ලූනු , කොච්චි , රම්පේ , කරපිංචා දාලා තෙම්පරාදු කරගෙන ඒකටම අබ, කෑලිමිරිස් , කහ දාලා අර පැත්තකින් තියපු බඩ ඉරිගු ඇට ටික දාලා හොදින් කලවම් කරගන්න ඕනෙ.

🌽ඊටපස්සෙ බැදගත් හාල්මැස්සන් ටිකත් එකතු කරලා අවසානයට අවශ්‍ය පමණට ලුනු කුඩු ටිකක් දාලා කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න ඕන ...❤❤❤

හදලා ඉවරාරාරාරායියියි .. ඉතින් මෙහෙම හදපු බඩ ඉරිඟු ඇට තෙම්පරාදුව කැමති කෙනෙක්ට නිකන් ආහාර වේලක් විදිහට ගන්නත් පුළුවන් .එහෙමත් නැත්තම් බත් එක්කලා වුණත් වෑංජනයක් විදිහට ආහාරයට ගන්න පුළුවන් .

තව ඔයා නොදන්න දෙයක් කියලා දෙන්නම් .බඩ ඉරිඟු වල පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා කියලා මන් මුලින්ම කිවුවනෙ.එයිනුත් එම පෝෂ්‍ය පදාර්ථ වලින් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ ඇට වල... ඇට කියද්දි කැතයි නම් බඩ ඉරිගු බීජ වල කියලා හිතාගන්න .😜😋 ඉතින් මේවා ආහාරට ගැනීමෙන් අපේ ශරීරයට ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.විශේෂයෙන් රෝග ගණනාවක් සුව කිරීමට බඩ ඉරිඟු වලට පුළුවන්.

බඩ ඉරිඟු වල කාබෝහයිඩ්රේට්, බහු අසංතෘප්ත මේද, ප්‍රෝටීන් ,විටමින් සහ ඛනිජ ලවණ රැසක් අඩංගු වෙනවා.ඒ වගේම පොටෑසියම්, යකඩ, සින්ක්, මැග්නීසියම්, පොස්පරස් සහ සෙලේනියම් ද බඩ ඉරිඟු වල බහුලව අඩංගු වෙනවා.

බඩ ඉරිඟු කියන්නෙ තන්තු වලින් බහුල ආහාරයක් නිසා අර්ශස් වැනි විවිධ ආහාර ජීර්ණ ගැටළු සමනය කිරීමට උපකාරී වන අතර මහා බඩවැලේ පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි.

බර අඩු දරුවන් හා වැඩිහිටි ඕනම කෙනෙක්ට බඩ ඉරිඟු ආහාරයට ගන්නවානම් බර වැඩි කරගන්නත් ඔන්න පුළුවන් .

ඒ විතරක් නෙවේ වකුගඩුවල නිරෝගි තාවයට, අස්ථි වල සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීමට, හෘද සෞඛ්‍යය නිරෝගීව තබා ගැනීමට බඩ ඉරිගු උපකාරී වෙනවා.

බඩ ඉරිඟු කියන්නෙ යකඩ වලින් පොහොසත් ආහාරයක් නිසා එමගින් රක්තහීනතාවය වලකාලීමට කටයුතු කරයි. එපමණක් නොව ඇගේ විඩාව, තෙහෙට්ටුව, දුර්වලකම, කරකැවිල්ල සහ හුස්ම හිරවීම වැනි රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මඟහරවා ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.

ඕන් එහෙනම් අදට මං ගිහින් එන්නම්❤🥰 හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ ❤❤❤

Rashmi 's Food Diary
02.09.2023

16/08/2023

51. බනානා කේක් හදමුද...??? 🥰🥰🥰

ගෙදර කන්නෙ නැතුව ඉතුරු වෙලා තියෙන ගොඩක් ඉදුණු කෙසෙල් එහෙම තියෙනවා ද...?? නිකන් බොරුවට සල්ලි දීලා අරගෙන විසි කරන්නෙ නැතුව මෙන්න මේ විදිහට රස කෑමක් හදමුද...? 😌 ඉදුණු කෙසෙල් වලින් හදන්න පුළුවන් කෑම ජාති ගොඩක් තියෙනවා . ඒත් අද මන් අරගෙන ආවේ බනානා කේක් එකක් හදන විදිහ . එහෙනම් බලමු කොහොමද හදාගන්නෙ කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය....

පාන් පිටි cup 2 1/2

කොකෝවා පවුඩර් cup 1

බේකින් පවුඩර් මේස හැඳි 1

බටර් cup 1/2

සීනි cup 1

බිත්තර 2

පොඩි කරගත් හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 5

Fresh milk cup 1

වැනිලා තේ හැන්දක්

Banana essence තේ හැන්දක්

කජු ටිකක් ( අවශ්‍ය නම්)

සාදන ආකාරය ....

💚 පිටි , කොකෝවා පවුඩර් සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර හොදින් පෙනේරයකින් හලාගෙන පැත්තකින් තියාගන්න.

💚වෙනම බෝල් එකක බටර් සහ සීනි ජාති දෙක හොඳට ක්‍රීම් වෙනකම් බීට් කරගන්න.

💚ඒකටම බිත්තර එකින් එක එකතු කරලා බීට් කරගන්න. ඊට පස්සෙ කෙසෙල් ‍යික අතින් හොදින් පොඩි කරලා ඒ මිශ්‍රණයටම එකතු කරලා fresh milk ටිකත් එකතුකරලා හොඳින් මිශ්‍ර කරගන්න.

💚ඒකට පිටි ටිකෙන් ටික එකතු කරමින් විස්ක් එකකින් එකම පැත්තට මිශ්‍ර කරගන්න.

💚අන්තිමට ඔයිල් පේපර් දාල හදාගත්ත බේකින් ට්‍රේ එකකට කේක් මිශ්‍රණය දාලා ඒකටම කජු ටිකත් එකතු කරලා සෙල්සියස් 175°ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.

ඉතින් ඔන්න ඔහොම තමා මේ බනානා කේක් එක හදාගත්තේ . ගොඩක් රසට තිබුනා. හොඳ සුවදකුත් එක්කම... ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...එහෙනම් ආදරෙයි හැමෝටම . පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමෝම 😌❤

Rashmi 's Food Diary
16.08.2023

11/08/2023

50. Pork පෙරේතයෝ ටික මේ පැත්තට එන්ඩෝ..😋🏃🏃🏃

කවුද කැමති මෙහෙම හදපු pork curry එකක් එක්ක උනුම උනු roast පාන් කන්න??? 😘

09/08/2023

49. බිරියානි රසට චිකන් කබ්සා Rice එකක් හදමුද....???🥰🥰🥰

අද මං අරගෙන ආවේ රසම රස බත් එකක්. ඔන්න උයන්න කම්මැලි දවසටනම් මේ බත් එක නියමයි...😌 ඒ නිසා මටනම් මේක කම්මැලි බතක්... ඔයත් උයන්න කම්මැලියෙක්නම් ඔන්න එහෙනම් ඔයත් හොදින් පෝස්ට් එක කියවලා මේ විදිහට බත් හදලා බලන්න..😘

චිකන් කබ්සා බත කියන්නෙ මැද පෙරදිග ගොඩක් ප්‍රචලිත ආහාරයක් . මේක බිරියානි ක්‍රමයට හදන බතක් වුණත් බිරියානි නෙවේ. මමත් ගොඩක් දවස් ඉදන් හදන්න ආසාවෙන් හිටියෙ හදලා කාලා බලන්න. ඉතින් මගේ විදිහට මං ඒක ටිකක් වෙනස් කරලා හදලා බැලුවත් ගොඩක් රසට තිබුනා .

එහෙනම් අපි දැන් බලමු බත හදපු විදිහ..

අවශ්‍ය ද්‍රව්‍ය :

💚බාස්මතී හාල් 1kg
💚 chicken stock powder දියකරපු 500mL
💚චිකන් 500g
💚garlic , ginger පේස්ට් හැදි 1 1/2
💚කපාගත් ලොකු ලූනු ගෙඩි 2
💚පොඩියට කපාගත් අල ගෙඩි 2
💚ලොකුවට කපාගත් අමුමිරිස් කරල් 2 -3
💚කොත්තමල්ලි කුඩු තේ හැන්දක්
💚ගරම් මසාලා තේ හැන්දක්
💚සූදුරු තේ හැන්දක්
💚ගම්මිරිස් කුඩු තේ හැන්දක්
💚කහ කුඩු තේ හැදි 1/2
💚මිරිස් කුඩු තේ හැන්දක්
💚ලුනු අවශ්‍ය පමණට
💚කපාගත් කොත්තමල්ලි කොළ ටිකක්
💚කුරුදු කොල 3-4
💚කරදමුංගු හා එනසාල් ඇට 4-5
💚බටර්
💚දෙහි යුශ ටිකක්
💚කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්

හදන්නෙ මෙන්න මෙහෙමයි ....

💚මුලින්ම හාල් ටික හොදින් හෝදලා පැය බාගයක් විතර තියලා තියන්න ඕනෙ හාල් ටික පෙගෙනකම්...

💚ඊලගට ලිපෙන් භාජනයක් හොදින් රත් වෙන්න තියලා ඒකට බටර් ටික දාලා රත් වෙන්න තියනවා. ඊළඟට ඒකට කපාගත් ලූණු ටික දාලා රන්වන් පාට වෙනතුරු බැදෙන්නට අරිනවා .

💚ලූනු ටික රන්වන් පාට වුනාම එනසාල්, කරාබුනැටි ,මිරිස් කරල් ටිකත් එකතු කරලා garlic ginger පේස්ට් ටික එකතු කරලා ඒකටම කොත්තමල්ලි කුඩු, සූදුරු, ගරම් මසාලා, කහ, ගම්මිරිස් ,මිරිස් කුඩු , ලුණු ටික එකතු කරලා තක්කාලි ටිකත් මේකටම දාලා විනාඩියක් පමණ මද ගින්දරේ තියාගන්න ඕනෙ.

💚ඊටපස්සෙ කපාගත්තු චිකන් ටිකයි අල ටිකයි දාලා දෙහියුශ ටිකත් දාලා හොදින් කලවම් කරගෙන ඒකටම chicken stock ටිකක් දාලා චිකන් එක උයාගන්නවා. චිකන් එක තැම්බීගෙන එනකොටම කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්නවා..

💚චිකන් ටික හොඳට තැම්බුනාම චිකන් ටික පැත්තකින් තියලා තියාගන්න ඕනෙ. ඊළඟට අපි උයාගත්තු චිකන් ග්‍රේවි එකටම හාල් ටික දාන්න ඕනෙ.ඊටපස්සෙ කුරුදු කොල ටිකත් මේකටම දාලා හාල් ටික වැහෙන පමණට චිකන් ස්ටොක් දාලා බත හොදින් උයාගන්නවා.

💚බත ඉදුනාම ඒකටම අර පැත්තකින් අරන් තියපු චිකන් කෑලි ටිකත් දාලා කලවම් කරගෙන භාජනය aluminum foil paper එකකින් විනාඩි 15ක් විතර වහලා තිබ්බා කෑමට ගන්න වෙලාව එනකල් ම.

ඉතින් ඔන්න ඔහොමයි මගෙ බත් එක හදාගත්තෙ. ඉතින් මෙහෙම හදාගත්තු බත් එකේ පාලුවට මං egg බුල්සායි එකකුත් පැත්තකින් තියලා තිබ්බා . 😌😋

කම්මැලිනම් හදාගත්තු බත් එක ඔයවිදිහටම කන්න. කම්මැලි නැත්තම් විතරක් මේ බත් එකටම කජු ටිකකුයි වියලපු මිදි ටිකකුයි දාලා බත් එක තවත් රස කරගන්න ඔයාට පුළුවන් . 😜🤪🤪
තව මේ බත් එකට පොල් චට්නි , පිපිඤ්ඤා, අන්නාසි දාලා හදපු salad එකක්නම් නියමෙටම ගැලපෙනවා..👌👌👌කැමති කෙනෙක්ට ඒ විදිහට try කරන්නත් පුළුවන් .

ඉතින් එහෙනම් අදට මං ගිහින් ආයෙමත් ඉක්මනින්ම අලුත් පෝස්ට් එකක් අරන් ඉක්මනටම එන්නම්❤🥰 ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ 😌❤

Rashmi 's Food Diary
09.08.2023

07/08/2023

Thank you all for your support __❤❤❤__

Photos from Rashmi 's Food Diary's post 05/08/2023

48. අද හැදුවෙ වටලප්පන්.... ❤❤❤

ඊයෙ ඉදන් නේද බලන් ඉන්නෙ මං අද මොනවා හදයිද දන්නෙ නෑ කියලා ... දවස් ගානක ඉදන් මට හිතුනා වටලප්පන් හදලා කන්න. ඉතින් අද තමා ආසාව ඉශ්ට කරගත්තෙ. ඉතින් මට හිතුන දේ හරියටම ඊයෙ හිතිලා තිබුනා තවත් දෙන්නෙක්ට...ඒ අතරින් මුලින්ම comment කරපු කෙනාව තෝර ගන්න වුනා තරග කොන්දේසියක් හින්දා ...🥺... ඒ අතරින් තෝරපු කෙනා තමා මේ.... Dush Sarala අද ඔයා තමා winner...❤❤❤❤ ඔයාගෙ කමෙන්ට් එකේ screenshot එකක් මං මේ පෝස්ට් එකේ comments section එකේ දාලා තියන්නම්.❤ inbox බලන්න.. ඔයාගෙ gift එක ගැන මං කියලා ඇති..❤

ඉතින් ඊයෙ තිබුන වැඩත් එක්ක හදන්න වෙලාවක් තිබුනෙ නැති නිසා වටලප්පන් හදන්න හකුරු ටික එහෙම ගෙනල්ලා තියලා තිබ්බා අද නිවාඩු දවසෙ හදලා නිදහසේ කන්න ඕන නිසා.ඕන් එහෙනම් ඒ ආසාවත් දැන් හරි. වටලප්පන් කියන්නෙ ආගමක් නම් මං ඒ ආගම ඉස්මුදුනෙන්ම අදහන බැතිමතෙක්...😌😋❤

එහෙනම් වැඩි කතා නැතුව කියලා දෙන්නම් හදපු විදිහ.😌

අවශ්‍ය ද්‍රව්‍ය ...
🌻හකුරු 250g
🌻බිත්තර 4
🌻පොල්කිරි අඬුකෝප්ප 1 1/2
🌻කරදමුංගු, කරාබුනැටි, සාදික්කා
🌻වැනිලා බින්දු දෙක තුනක්

හදන්නෙ මෙහෙමයි ...

🌻මුලින්ම හකුරු ටික පිහියක් අරගෙන පොඩියට කපාගත්තා. ඊළඟට භාජනයක් ලිපෙන් තියලා හකුරු ටික දාලා හොදින් රත් වෙන්න තිබ්බා. ඊටපස්සෙ හකුරු ටික හොදින් දියවෙලා පැනි බවට පත්වෙනවා.

🌻ඊලගට පැනි ටික භාජනයෙ අඩියෙ ඇලවෙන්න කලින් ඒකටම පොල්කිරි ටික දාලා හොදින් කලවම් කරගත්තා .ඒකටම කරදමුංගු, කරාබුනැටි, සාදික්කා හොඳ ට කුඩු කරගෙන ඒ ටිකත් දාගත්තා.

🌻ඊලගට පොල්කිරි ටික බුබුළු දාගෙන එනකොටම හකුරු ටිකත් හොදින් දියවෙලා නම් ලිපෙන් භාජනය ඉවත් කරගෙන නිවෙන්න තියලා තිබ්බා.

🌻ඔය අතරතුරේ බිත්තර ටික හොදින් beat කරගත්තා බුබුළු වගේ එනකම්ම . අපේ හකුරු , පොල්කිරි ද්‍රාවණය හොදටම නිවුනට පස්සෙ බිත්තර ටික දාලා ඒකටම වැනිලා බින්දු දෙක තුනකුත් දාලා , හොදින් කලවම් කරගත්තා.

🌻දැන් ඔයා ඇලුමිනියම් තැටියක් අරගෙන ඒකෙ හොඳ ට බටර් ටික ක් ගාගෙන අපේ වටලප්පන් ද්‍රාවණය මේකට දාලා හොදින් ආවරණය කරන්න ඕන ඇලුමිනියම් ෆොයිල් එකකින්... නැත්තම් මේක වාශ්පයෙන් තම්බනකොට එන හුමාලයෙන් වටලප්පන් එකට වතුර එක්තු වීම වැලැක්වීමට ත් , ඉක්මනින්ම මෙය steam කරගැනීමට ත් මේ ක්‍රමය ඉවහල් වෙනවා .

🌻ඊලගට විනාඩි 45ක් පමණ හොදින් steam කරගෙන toothpick එකක් ආධාරයෙන් තැම්බිලා ඇත්දැයි බලාගෙන ඊටපස්සෙ වටලප්පන් එක හොදින් නිවෙන්නට අරින්න ඕනෙ . ඊටපස්සෙ අපේ වටලප්පන් එක ටිකක් වෙලා ශීතකරණයෙ තියලා කෑමට ගත්තම ගොඩක් රසයි.

ඉතින් ඔන්න ඔය විදිහටයි මන් අද වටලප්පන් හැදුවෙ. ඉතින් එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් ඉක්මනටම හම්බෙමු.පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමෝම 🥰❤

Rashmi 's Food Diary
05.04.2023

04/08/2023

ඔන්න පොඩි game එකක් අරන් ආවා ඔයාලට...🧡❤

කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්... දිනන කෙනාට මං ගානෙ පුංචි gift එකක් ගෙදරටම එවනවා..

එහෙනම් මෙන්න මේකයි game එක..

හෙට මං ඔයාලට රසම රස කෑමක් අරගෙන එනවා.. ඔයා හරියටම කිව්වොත් ඒ මොනවද කියලා ඔයා තමා game එක win කරන්නෙ..

තරග කොන්දේසි ...
🧡මුලින්ම දාන හරිම උත්තරය තියෙන comment එක තමයි win කරන්නෙ.

🧡 ඔයාට කැමති තරමක් comment කරන්න පුළුවන් .හැබැයි මං තෝර ගන්නෙ පලවෙනියටම දාන හරි උත්තරය තියෙන comment එක විතරයි..

🧡දැන් වෙලාව හවස 7. හෙට හවස 5 වෙනකම් ඔයාට comments දාන්න පුළුවන් . හරියටම හෙට හවස 6 ට මං හදපු කෑම මොනවද කියලා මං පෝස්ට් කරන්නම්. ඒ එක්කම තරගයෙන් දිනපු කෙනා කවුද කියලත් ඒ පෝස්ට් එකේ mention කරනවා.

🧡තරගයෙන් දිනන කෙනාගෙ විස්තර inbox හරහා ලබාගෙන ගෙදරටම තෑග්ග එවන්නම්.

එහෙනම් ඔන්න දැන් තරගෙ පටන් ගත්තෝ....❤❤❤❤❤

Rashmi 's Food Diary
04.08.2023

Photos from Rashmi 's Food Diary's post 03/08/2023

47. කිරි මාළු හොදි හදමුද...??🥰🥰

ඔන්න මං අද උදෙන්ම කිරිමාළු හොදි හැදුවා ඉදිආප්ප කන්න... ඉදිආප්පයි , පොල් සම්බෝලයි කිරි මාළු හොදියි කියන්නෙ නියම combination එකක්...මං කියන නිසාම ඔයාලත් try කරලා බලන්න. 💛

කිරි මාළු හදනකොට අපි මුලින්ම ඒකට ගැලපෙන මාළු වර්ගයක් තෝර ගන්න ඕනෙ. කෙලවල්ලො, තලපත්, පරාමාළු , තෝරමාළු වගේ මාළු වර්ගයක් ඔයා තෝර ගන්නවා නම් ඔයාට රසම රසට මේ වගේ කිරි මාළු එකක් හදාගන්න පුළුවන් .. 💛

එහෙනම් මේ පැත්තට එන්නකො හදන විදිහ කියලා දෙන්න.....💛

අවශ්‍ය ද්‍රව්‍ය ....

💛මාළු වර්ගයක්
💛කහ
💛අමු තුනපහ
💛මිරිස් කුඩු
💛ගම්මිරිස් කුඩු
💛 උලුහාල්
💛සූදුරු
💛අබ
💛ලුනු
💛කුරුදු පොත්තක්
💛කපාගත් ලූනු ටිකක්
💛ලොකුවට කැපූ අමුමිරිස් කරල්
💛කපාගත් තක්කාලි ගෙඩියක්
💛කරපිංචා හා රම්පෙ කෑල්ලක්
💛පෙති කපාගත් සුදුලූනු , ඉගුරු
💛පොල්තෙල් හැන්දක් පමණ
💛දෙහි යුශ ටිකක්

හදන්නෙ මෙන්න මෙහෙමයි.....

🌻මුලින්ම ඇතිලියක් අරගෙන තෙල් මේස හැන්දක් විතර දාලා රත් වෙන්න තියලා ඒකට අබ, සූදුරු, උළුහාල් ටික දානවා..ඒ ටික බැදීගෙන එනකොට කපාගත් ඉගුරු, සුදුලූනු , ලූනු ,මිරිස් ,කරපිංචා , රම්පෙ, තක්කාලි ටික එකතු කරගන්නවා.. අපි මස් හදනකොට මේවා රන්වන් පාට වෙනකම් බැදෙන්නට අරිනවා නෙ..ඒත් මෙතනදී එහෙම කරන්නෙ නැතුව ඒකට කහ, මිරිස් කුඩු , තුනපහ, ගම්මිරිස් කුඩු දාලා ඒකටම පොල්කිරි ටික දානවා...

🌻ඉගුරු , සුදුලූනු තලලා ගන්න එපා..කෑලි විදිහට තමා කිරිමාළු හදනකොට දාන්නෙ.. එතකොට ගොඩක් රස වෙනවා... ඊළඟට ඔයා කිරිහොදි එකට මාළු කෑලි ටික දාලා විනාඩි 10ක් විතර තියලා හොදින් මාලු හොදි එක උතුරවාගන්න..

🌻 මාළු ටික දැම්මට පස්සෙ උතුරනකම් නොනවත්වාම හොදි එක හැදි ගාන්න ඕනෙ.නැත්තම් කිරි ටික කැටි ගැහෙනවා..තදින් හැදි ගෑවොත් මාළු කැඩෙන්න පුළුවන් .ඒ හින්දා බොහොම පරිස්සමෙන් මේ හැදිගාන වැඩේ කරන්න ඕනෙ.

🌻ඔයාට මන් තවත් tip එකක් කියලා දෙන්නම්.. ඔයා මාළු දාන්න කලින් තෙම්පරාදුව හදනකොටම ලුණු එකතු කලොතින් මාළු ටිකට ලුණු හොදින් අල්ලලා මාළු කෑලි ටික හයි වෙනවා... ඔයා කිරි දාලා උතුරන හොදි එකට අන්තිමට ලුණු දැම්මොතින් මාළු කෑලි ටික හයිය ගතිය නැතිවෙලා මෙලෙක් වෙනවා .. ඉතින් ඒක ඔයාගෙ කැමැත්ත අනුව ඔයාට ලුණු ටික අවශ්‍ය වෙලාවට දාගන්න පුළුවන් ..

🌻දැන් ඔයා මාළුහොදි එක උතුරන කොට ලිපෙන් ඉවත් කරගන්න ඕන .ඊට පස්සෙ මේකට දෙහි යුශ හැන්දක් විතර දාලා හිමින් හැදි ගාගෙන මේක විනාඩි 10ක් විතර හොදින් වහලා තියන්න ඕනෙ මාළු හොදි එක...ඊට පස්සෙ ඔයාට පුළුවන් මේක රසවිඳින්න..

ඉතින් මෙහෙම හදපු කිරිමාළු පාන්, ඉදිආප්ප වගේ දේවල් එක්ක කන්න තමා ගොඩක්ම ගැලපෙන්නේ . කැමති කෙනෙක් ට බත් එක්ක වුණත් මේ කිරිමාළු කෑමට ගන්න පුළුවන් . ඉතින් මේ photo එකේ තියෙන්නෙ මන් හදපු කිරිමාළු හොදි එක...ඉතින් ඔයාට ත් බඩගිනි එනවා ඇති ඒක දැක්කම... ඔයත් මේ විදිහට හදලා බලලා රස කොහොමද කියලා අනිවාර්යයෙන්ම මට comment එකක් දාගෙන යන්න...

එහෙනම් මං ඉක්මනටම තවත් පෝස්ට් එකක් අරන් එන්නම්❤🥰 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඕනෙ 😌❤

Rashmi 's Food Diary
03.08.2023

01/08/2023

Page එකේ reach අඩුවෙලා... අනේ මේ වෙලේ හැමෝගෙන්ම උදව්වක් ඕනෙ...
Comments ටිකක් දාගෙන ගිහින් help කරන්නකො...❤🙏

31/07/2023

46. හතු මේ විදිහට හදමුද...?🥰

ඔන්න මං අද ආවේ ඔයාලාට රසම රස හතු එකක් අරගෙන... ඉතින් මෙහෙම හතු හැදුවම නම් බෙදාගත්තු බත් එක වාශ්ප වෙලා යනවා දන්නෙම නැතුව...🤪😁

ඉතින් අද ඔයාලට බලන්න හින්දම අද video එකක් අරගෙනම ආවා...මං හදපු විදිහ ඒකෙන් බලාගන්න පුළුවන් ... ඒත් මං ලියන ඒවා කියවන්න ආස අය වෙනුවෙන් මං ඒක හදන විදිහ මෙහෙම විස්තර කරලාම ලියන්නම්...🥰

හදන්නෙ මෙන්න මෙහෙමයි....

🌻ඉස්සෙල්ලම මං උණු වතුර බන්දේසියක් ලෑස්ති කරගෙන ඒකටම ලුණු ටිකක් දාගත්තා... ඊටපස්සෙ මන් හතු ටික අරගෙන කෑලි කෑලි අතින් ඉරලා අර උණු වතුර බන්දේසියටම දාලා ටිකක් වෙලා තිබ්බා...(විනාඩි 10ක් විතර) මෙහෙම කරන එකේ හේතුව තමයි සමහර හතු වල පිටපැත්තෙ චූටි චූටි පනුවො එහෙම ඉන්න පුළුවන් ...ඉතින් එහෙම ඉන්නවානම් මෙහෙම කලාම උන් ටික ඉවත් වෙලා යනවා හතු වලින්... ( මං ගත්තු හතු වලනම් පේන්න එහෙම හිටියෙ නෑ..ඒත් කෝකටත් කියලා මං අරහෙම කලා..)

🌻 ඊටපස්සෙ හතු එකට අවශ්‍ය ලූණු , මිරිස් , මාලු මිරිස් , ටික කපලා පැත්තකින් තියාගත්තා...

🌻 ඊළඟට ලිපෙන් ඇතිලියක් තියලා තෙල් ටිකක් දාලා රත් වෙනකොටම කපාගත්තු ලූණු , මිරිස් ටික ඒකට දාගෙන ඒකටම කරපිංචා ටිකකුත් දාලා තෙලෙන් තෙම්පරාදු කරගන්නවා...

🌻ඊටපස්සෙ ඒකටම බිත්තරයක් කඩලා දාලා ඒකට කෑලිමිරිස් , කහ චුට්ටක් , ලුණු අවශ්‍ය පමණට දාලා ඒකටම දාගන්නවා අර හතු ටික හොදින් හෝදලා වතුර ටික මිරිකගෙන...

🌻ඉතින් ඊටපස්සෙ හතු ටිකත් හොදින් කලවම් කරලා ටිකකින් ලිපෙන් ඉවත් කරගන්නවා....

මෙන්න මෙහෙමයි හතු ටික හදා ගත්තෙ ..ඔයත් හතු පෙරේතයෙක්නම් මේ විදිහට ටත් හදලා කාලා බලන්නකො...මං වෙනිදට මෙහෙම හතු හදනකොට ඒකට දානවා උම්බලකඩ කෑලි ටිකකුත්.එතකොට ගොඩක් රසයි...ඒත් අද ගෙදර උම්බලකඩ තිබුණෙ නැති නිසා මෙහෙම හැදුවා...ඔයත් අනිවාර්යයෙන් මෙහෙම හදලා කාලා බලන්න..ගොඩක් රසයි හතු මෙහෙම හැදුවම...

එහෙනම් ගිහින් එන්නම්...තවත් රස කෑමක් අරන් ඉක්මනටම එන්නම්...පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමෝම 🥰❤

Rashmi 's Food Diary
31.07.2023

28/07/2023

44. දවල්ට බත් ටිකක් කමුද..??🥰🥰🥰🥰

ඔයාට හැමදාම එකම විදිහට බත් කාලා එපා වෙලාද...?😌

එහෙනම් මේක දිහා බලාගෙනවත් බත් ටිකක් කමු....😜😁අද දවල්ට තියෙනවා මෙන්න මේවා...
💜️කැඩුණු කීරිකැකුළු බත්...
💜️බීට් රූට් උයලා
💜️බෝංචි කිරට
💜️සොසේජස් තෙල්දාලා
💜️පරිප්පු තෙම්පරාදුවක්
💜️පිපිඤ්ඤා පෙති
💜️සිංහල අච්චාරු

බත් උණු උණුවෙන්ම කැන්ද කොලේකට බෙදලා වෑංජන ටිකත් ලස්සනට බෙදාගෙන ඕන් උණු උණුවෙන්ම බත් එක අරගෙන ආවෙ ඔයාට .....🧡🧡🧡

Rashmi 's Food Diary
28.07.2023

Photos from Rashmi 's Food Diary's post 26/07/2023

43. කොහිල මේ විදිහට හදමුද..???🥰🥰

ටිකක් වැඩිපුර කේන්ති යන අය ඉන්නවා නම් විනාඩියකට මේ පැත්තට දුවලා දුවලා එන්ඩෝ...මං ඔයාලට හොඳ කෑමක් අරන් ආවෝ....😁🧡❤🧡❤🥰🥰

අපි වෙනිදා නිකම්ම අරගෙන කොහිල උයනවනේ...අද මං අරගෙන ආවෙ කොහිල රසට කන්න පුළුවන් විදිහක් ඔයාලට අරගෙනයි. එකක් තමා කොහිල බැදලා...අනික තමා කොහිල සලාදය... ලොකූවට මහන්සි වෙන්න දෙයක් නෑ මෙහෙම හදන්න..එහෙනම් එන්නකො මං කියලා දෙන්නම්...

🧡කොහිල බැදුම.....

🌻මේ වැඩේටනම් ඔයා මුලින්ම තෝරගන්න ඕනෙ ටිකක් මහත කොහිල අලයක්...මොකද අපි මේ කොහිල අලය පෙති කපලා බදින නිසා ටිකක් මහත අල කෑල්ලක් මේ වැඩේට ඔයාට තේරගන්න වෙනවා..

🌻මුලින්ම ඔයා කොහිල පෙති කපාගන්න.(මං දාලා තියෙන ෆොටෝ එකේ විදිහට ) ඊට පස්සෙ මේ පෙති ටිකට ගෑරුප්පුවක් අරගෙන ටිකක් අනින්න ඕනෙ... ඊළඟට මං ඒ පෙති එකින් එක අරගෙන ලුනු සහ ගම්මිරිස් ටිකක් උඩින් ඉහලා අතින් හොදට තවරගත්තා....

🌻ඉහත පියවරෙන් පස්සෙ ඔයාලට කැමතිනම් මේ ටික විනාඩි දෙකක් විතර ස්ටීම් කරගන්නත් පුළුවන් ..එතකොට මේ කොහොල ටික හයිය ගතිය අඩුවෙලා මෙලෙක් වෙනවා... හැබැයි මං ගොඩක් හීනියට පෙති කපලා ගත්ත නිසා මං ස්ටීම් නොකරමයි ලුනු ගම්මිරිස් ඉහලා අරගත්තෙ..

🌻ඔයා ඊළඟට බිත්තරයක් කඩලා අරගෙන ඒකට corn flavour ටිකක් දාගෙන wisk එකකින් හොදින් ගසාගන්න...ඒ එක්කම බිස්කට් කුඩු ටිකකුත් පිගානකට දාගෙන ළගින් තියාගන්න.

🌻ඊලගට අපි ලුනු ගම්මිරිස් තවරපු කොහිල පෙති ටික අර බිත්තර සාරු වල දවටාගෙන ඒ එක්කම බිස්කට් කුඩු වලත් තවරලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්නයි තියෙන්නෙ...

ඔන්න ඔහොමයි මං මේ කොහිල ටික බැදගත්තෙ.ඔයාට මේක බත් එක්ක එහෙමත් නැත්තම් snac එකක් විදිහට වුණත් ආහාරයට ගන්න පුළුවන් ... පොඩි කට්ටියනම් කොහිල වගේ දේවල් ආහාරයට ගන්න ඒ හැටි කැමැත්තක් නෑනෙ...හැබැයි මේ විදිහට කොහිල හදලා දුන්නොත් නම් එයාලත් ගොඩක් ආසාවෙන් කයි..ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයත් මෙහෙම try කරලා බලන්න ..❤ මං මේ විදිහට කොහිල හදලා ඉතුරු වුණ පොඩි කෑල්ලකින් කොහිල සලාදයකුත් හදාගත්තා... උනුවෙන්ම බත් එක්කලා මේ සලාදයනම් හුගක් රසට තිබුනා ....

🧡කොහිල සලාදය...

🌻මුලින්ම මං කොහිල ටික පුංචියට කපාගෙන ඒවා ටික ලුනු වතුරට දාගත්තා...ඊටපස්සෙ මං ඒ ටික විනාඩි දෙකක් විතර තියලා අතින් හොදට මිරිකලා අරගත්තා..

🌻 ඊටපස්සෙ මේකට කපාගත් ලූණු , අමුමිරිස් , පොල් අහුරක් , ගම්මිරිස් කුඩු චුට්ටක් , උම්බලකඩ කුඩු ටිකක්, දෙහි ඇඹුල් ටිකක් , ලුණු අවශ්‍ය පමණට දාලා හොඳ ට කලවම් කරලා ගත්තා...

එකක් කියන්නට ඕනෙ..මෙහෙම සලාද හදලා ඒ එක්කම බත් කනවනම් තමා මේක ගොඩක් රස...මේක හදලා හුගක් වෙලා තියලා බත් එක්කලා කනවට වඩා අරෙහෙම කෑවම හුගක් රසයි...

ඔයාලා දන්නවද කොහිලවල ආහාරමය තන්තු බහුල නිසා මල බද්දයට සහ අර්ශස් රෝගයට ගුණදායක ඖෂධීය ආහාරයක් . ඊට අමතරව බඩ පුරවා දැමීම, කෑම අරුචිය, ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇති වන තුවාල වැනි දේටද කොහිල ඖෂධීය ආහාරයකි.

මේ කොහිලවල තියෙනවා ශරීරයේ විශ නැසීමේ හැකියාවක්..ඔයා කොහිල නිතර කනවනම් ඔයාගෙ අක්මාව නිරෝගි වෙනවා... අපේ පිරිමි පාර්ශවය මත්පැන් අධිකව ගන්නවනම් කොහිල ටිකක් වැඩිපුර කෑවොතින් ඔයාගෙ අක්මාව පරිස්සම් කරගන්න පුළුවන් ඔන්න ...මොකද කොහිල ආහාරයට ගත්තම අක්මාවට සිදුවන හානිය ඉන් යම්තාක් දුරකට අවම වෙනවා..

ඒ විතරක් නෙවේ කොහිල අල ව්‍යංජනය ආහාරයට එක් කර ගැනීමෙන් අපේ ශරීරයේ සීනි මට්ටමද පාලනය වෙනවා..ඒ නිසා දියවැඩියා රෝගීන්ටනම් කොහිල කියන්නෙ ඉතාමත්ම ගුණදායක ආහාරයක් .

මං දන්නා තරමින් කොහිල කුමන ආකාරයට ආහාරයට ගත්තත් එහි ඖෂධීය ගුණයේ සැලකිය යුතු තරම් වෙනසක් වෙන්නෙ නෑ.මොකද කොහොම කෑවත් කොහිල කොහිලමනෙ...😋😜 සමහරුනම් කොහිල අල ව්‍යංජනය, කොහිලඅල සලාදය, කොහිලඅල කැඳ , කොහිල තෙම්පරාදුව සහ කොහිල මෝජුව ආදී වශයෙන් විවිධාකාරයෙන් කොහිල හදනවාලු.

කොහිල කිවුව ගමන් "අපෝ ඒක හරි ගොඩේ නේ...ගමේ ගොඩයො කන කෑමනෙ ඒවා ...." වගේ දේවල් ඔයාට හිතෙනවා නම් මං ඔයා ගැන මුකුත් මෙතන කියන්නෙ නෑ...😌 මොකද මං අද දවල්ට කොහිල කාපු නිසා මට දැන් කේන්ති යන එක නැවතිලා වගේ...😜😁එහෙනම් ඕන් අදට කොහිල හෑල්ල ලියලා ඉවරයි .... හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ ..ඉක්මනටම එන්නම්❤🥰

Rashmi 's Food Diary
26.07.2023

Photos from Rashmi 's Food Diary's post 25/07/2023

42. පරිප්පු වඩේ හදමුද...?🥰

මෙහෙටනම් අද හොදටම වැස්ස... ඔයාලටත් එහෙමද...??? ඉතින් අද බඩගිනි එන දවසක්...😜 තේ එකක් බොන්න හිතිලා කන්න මුකුත් බැලුවා කන්න දේකුත් නෑ...🥺 ඉතින් හැදුවා පරිප්පු වඩේ ටිකක්...😌 එහෙනම් ඔයත් මේ පැත්තට එන්න වඩයක් කාලා ප්ලෙන්ටි එකක් බීලා යන්න...😘

වඩේ හදන එක ඒ හැටි ලොකු දෙයක් නෙවේ...මං කියලා දෙන්නම් හදන විදිහ ...
ඔයාට ඕන වෙන්නෙ මෙන්න මේ දේවල් ටික විතරයි ..

🌻කඩල පරිප්පු
🌻රතු ලූනු
🌻අමු මිරිස්
🌻කෑලි මිරිස්
🌻කරපිංචා
🌻උම්බලකඩ කුඩු
🌻පොල්තෙල්
🌻ලුණු අවශ්‍ය පමණට

හදන්නෙ මෙන්න මෙහෙමයි ....

🧡මුලින්ම පරිප්පු ටික හෝදලා පැය 3ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. මට ඉතින් එච්චර වෙලා බඩගින්නෙ බලන් ඉන්න බැරි නිසා මන් පැය 2ක් වගේ තමා පෙගෙන්න තිබ්බෙ..😋😁 ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික වතුර නොදා කෑලි ටිකක් හිටින්න අඹරගත්තා.මේ වැඩේට සුදුසුම වංගෙඩියක්... ඒත් හැමෝටම එහෙම නෑනෙ..ඔයා මේවා අඹරගන්නෙ blender එකේනම් ටිකක් කෑලි හිටින්න අඹරගන්න ඕනෙ...

🧡ඊටපස්සෙ අඹරපු පරිප්පු ටිකට ලූණු , අමුමිරිස් ,කරපිංචා හීනියට කපලා ඒ ටිකත් දාගත්තා.. ඒකටම උම්බලකඩ , ලුණු , කෑලිමිරිස් අවශ්‍ය පමණට දාගත්තා...

🧡අනාගත්ත මිශ්‍රණයෙන් ටික ටික අරගෙන පොඩි පොඩි බෝල විදිහට හරි, පැතලි විදිහට හරි ඔයාලා කැමති හැඩේකට හදාගන එහෙමම තෙල් එකට දාලා රන්වන් පැහැ වෙනකම් ගැඹුරු තෙලේ බැදගත්තා..

ඉතින් ඊටපස්සෙ තමා උණු උණුවෙම මං මේ ටික ඔයාලට අරගෙන ආවේ තේ හදන්න වතුර ටික රත්වෙන්න තියලා...රසනම් තාම බැලුවේ නෑ... ගොඩක් රස පාටටනම් තියෙනවා ... එහෙනම් ඔයාලත් මෙහෙම try කරලා බලන්න ළමයි .... එහෙනම් මං තේ එකක් බීලා එහෙම වඩේ ටිකට වග කියලා එන්නම්..😋

ආහ්...එකක් කියන්න අමතක වුනා .... photo එක දිහා බලන් දැන් කෙල ගිල ගිල ඉන්නැතුව ඔයාලත් ගිහින් මෙහෙම එකක් හදාගෙන කාලා බලන්න...😜😜😜❤❤කඩේ ඒවට වඩා රසයි..🥰 එහෙනම් මං යනවා තේ එකක් හදන් එන්න...ඔයාලා පරිස්සමෙන් ඉන්න ... අලුත් පෝස්ට් එකක් අරගෙන මං ඉක්මනටම එන්නම්❤🥰

Rashmi 's Food Diary
25.07.2023

Photos from Rashmi 's Food Diary's post 22/07/2023

41. තල් කිරි බොමුද ?❤😌

යාපනේ කිවුවම අපි කාටත් මතක් වෙන්නෙ තල් නෙ...තල් කුරුම්බා, තල් කැද, තල් හකුරු , තල් තලප ඔන්න ඔය වගේ කෑම ජාති ගොඩක් මේ තල් කිවුවම ඔලුවට එනවා එකපෙළට ..ඔන්න මට අද තල් ගෙඩියක් හම්බුනා ...හම්බුනා කිවුවට හම්බුනා නෙවේ මං පාරෙ යනකොට අහම්බෙන් පාරෙ විකුනන්න තියෙනවා දැකලා තකහනියක් නවත්තලා තමා ගිහින් අරගත්තෙ ...මොකද ඒ තරම් තල් වලට මං හරිම ආසයි... යාපනේ පැත්තෙ නම් අර තල් ගස් යට තල් වැටි වැටි කුණු වෙවී යනවා..හැබැයි ඒ වුණාට මෙහෙනම් තල් හරිම මිලයි .. ඒත් ඊට වඩා ආසාව ලොකුයිනෙ.😜 ඉතින් ගොඩක් කාලෙකින් හම්බුන නිසා ගෙදර උස්සගෙන ඇවිල්ලා ගෙදර අයත් ගොඩක් ආස නිසා ඕන් අද හැදුවා තල් කිරි...ඉතින් හදපු සැනින්ම මට මතක් වුනේ ඔයාලව..ඔන්න තල් කිරි බොන්න ආස ළමයි මේන් මේ පැත්තට එහෙනම් එන්ඩෝ....💚

ගොඩක් දෙනෙක් මේ තල් වගේ දේවල් බොන්නෙ නෑ තිත්තයි කියලා .. සමහරු නම් බීලා තියා දන්නෙවත් නැතුව ඇති තල් ගැන..ඉතින් බීලා නැති අයටයි තිත්තයි කියලා නොබී ඉන්න අයටයි දෙගොල්ලටම කියලා දෙන්නම් තල් කිරි තිත්ත නැතුව කොහොමද හදාගන්නෙ කියලා ...

සාදන ක්‍රමය....

❤මුලින්ම ඔයාලා තල් ගෙඩිය උණු අලුපල්ලෙ දාලා පුච්චගන්න ඕනෙ.. දැන් මං කුණු හරපයක් කිවුවා වගේ කට උල් කරන් ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්න එපා ඒ මොකක්ද ඒ කියලා.. 😋 ඔයාලගෙ ගෙදර දර ලිපක් තියෙනවා නම් ඒ ලිපේ උයලා අගුරු ඉතුරු වුණාම ලිප උඩින් කම්බි දැල් කෑල්ලක් වගේ එකක් තියලා තල් ගෙඩිය ඒක උඩින් තියලා තල් ගෙඩියෙ පිට පැත්ත හොදින් පුච්චගන්න ඕනෙ...එත්කොට මේ තල් ගෙඩියෙන් උකු දියරයක් වගේ එකක් වෑස්සෙන්න ගන්නවා. ඒවා ටික හොදින් යනකන්ම තල් ගෙඩිය හොදින් පුච්චගන්න .. මොකද ඒවා නිසා තමා තල් වල තිත්ත එන්නෙ. තල් වල තිත්ත යන්නයි අපි මුලින්ම මෙහෙම පුච්චගන්නෙ ...

❤ඔන්න ඒ අතරතුරේ ඔයා පොල් කිරි දියකිරි , මිටිකිරි වෙනවෙනම සූදානම් කරලා තියගන්න ඕනෙ .. ඊටපස්සෙ තල්ගෙඩිය හොදින් පිච්චිලා ටිකක් නිවුනම තල් ගෙඩියෙ පොත්ත හිමිට අතින් ගලෝගන්න ඕනෙ.. ඊටපස්සෙ මේක ඇතුලෙ තියෙනවා ලොකු තල් ඇට දෙකක් හෝ තුනක්.. ඒවා වෙන වෙනම අරගෙන අර අපි මුලින්ම ලෑස්ති කරලා තියාගත්තු දියකිරි එකේ හොදින් හෝදගන්න ඕනෙ.. තල් වල තියෙනවා රත්තරන් පාට කෙදි..ඒවත් මේ දියකිරි එකේ හොදින් හෝදගෙන මේ කිරිටික මිටිකිරි එකටම හොදින් පෙරලා දාගන්න ඕනෙ..

❤මෙහෙම කලහම තල් වල ලස්සන පාටත් එක්ක රත්තරන් පාටට ලස්සනට මේ තල් කිරි ටික හැදෙනවා.ඊටපස්සෙ මේක ලිපෙන් තියලා උතුරනකම් හොදින් හැදිගාමින් ඉන්න ඕනේ. උතුරගෙන එනකොට මේ තල් කිරි එකේ පෙණ වගේ උඩින් බුබුළු දාන්න ගන්නවා..හැන්දක් අරගෙන මේ පෙණ ටිකත් අයින් කරගත්තම තිත්තක් නම් හිටින්නෙම නෑ...ඉතින් ඔහොම උතුරනකොට මේකට අවශ්‍ය පදමට ලුණු යි සීනි ටිකකුයි දාගෙන හොදින් හැදිගාලා ලිපෙන් බාගන්නයි තියෙන්නෙ ...

❤ඔන්න දැන් අපේ තල් කිරි එක හදලා ඉවරයි... අවශ්‍ය කෙනෙක්ට පුළුවන් මේක මෙහෙමම උනුවෙන්ම බොන්න..ඒත් මමනම් තල්කිරි බොන්නෙ හොදට නිවුනම මේක ශීතකරණයෙ ටික වෙලාවක් තියලා හොඳ ට cool කරලා.. එතකොට තියෙන්නෙ වෙනම රසක්...ඒක දැනගන්නනම් ඉතින් බීලාම බලන්න ඕනෙ..

තවත් කෙනෙක්ට ආස තල් කැද විදිහට බොන්න නම් අර විදිහට සීනි ලුනු එකතු කරන්න කලින් තල්කිරි එකට හාල් පිටි මිටක් දාලා හොදින් උතුරගෙන ඊටපස්සෙ සීනි , ලුණු අවශ්‍ය පදමට දාගෙන කැද විදිහට හදාගන්නත් පුළුවන් .

ඔයාලට මේක කියෙවුවම හිතෙනවා ඇති අම්මෝ මේක හදාගන්න මාර කට්ටක් කන්න ඕනනෙ කියලා ..ඒක ඇත්ත..හැබැයි ඉතින් කට්ට කාලා හරි මෙහෙම දෙයක් හදාගත්තටනම් ඉතින් පාඩුවක් වෙන්නෙ නෑ..මොකද තල් කියන්නෙ ගොඩක් ගුණදායක දෙයක්.. මේ රස්නෙ කාලෙට ඇගේ උශ්නත්වය සමනය කරගන්නනම් කියාපු ඔසුවක්...තල් හදවත් රෝගීන්ටනම් දිව ඔසුවක් වගේ දෙයක්.. ඒ විතරක් නෙවෙයි බොහෝමයක් කාන්තා රෝග වලටත් , පුරුශයින්ගේ පුරුෂ ශක්තිය වර්ධනය ටත් මේ ඉදුණු තල් හරිම වැදගත් වෙනවා..

ඔයා දද කුශ්ට වලින් පීඩා විදින කෙනෙක් නම් මේ වගේ තල් කිරි හෝ කැද නිතරම ආහාරයට ගන්නවානම් ඔයාගේ ඒ රෝගයත් නිකන්ම සුවවෙලා යාවි...එහෙනම් මීට පස්සෙ තල් ගෙඩියක් හම්බුනොතින් අනිවාර්යයෙන්ම ගෙදර අරන් ගිහින් හදලා බොන්න ඕනෙ හොඳ ද?

එහෙනම් තල් හෑල්ල අදට ලියලා ඉවරයි ..තවත් අලුත් පෝස්ට් එකක් අරන් ඉක්මනටම එන්නම්❤🥰 එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ 😌❤

Rashmi 's Food Diary
22.07.2023

Photos from Rashmi 's Food Diary's post 21/07/2023

40. watermelon juice එකක් බොමුද ?❤😌

ඔන්න මං අද අරගෙන ආවෙ watermelon එහෙමත් නැත්තම් කොමඩු වලින් හදපු juice එකක් අරගෙන.මේ දවස් වල තියන රස්නෙත් එක්ක හැමවෙලේම අපිට වතුර තිබහා හැදෙනවනේ. ඒ වෙලාවට බොන්න හොඳම juice එකක් තමයි කොමඩු බීම. කොමඩු බීම හරි ඉක්මනින් හා පහසුවෙන් හදා ගන්න පුළුවන් . කොමඩු වල රස විතරක් නෙමේ, එකේ ගොඩක් health benefits තියනවා. ඒ හින්දම Fresh watermelon juice එකක් බොන එක අපේ ශරීරයට හරිම හොඳ දෙයක්.

අවශ්‍ය ද්‍රව්‍ය....

❤ පොතු සහ ඇට ඇර ගත් කොමඩු ගෙඩියක්

❤දෙහි ස්වල්පයක්

❤අයිස් කැට කීපයක්

සාදන ක්‍රමය....

❤පොතු සහ ඇට ඇර ගත් කොමඩු කැබලි ටිකට දෙහි යුශ ස්වල්පයක් දමා හොඳින් blender කර ගන්න.

❤ඉන් පසු juice එක glass වලට දමා අයිස් කැට කීපයක් එයට එකතු කර පිළිගන්වන්න

මෙතනදි මන් සීනි , ලුණු මේ මුකුත් එකතු කලේ නෑ.. අඩුම තරමෙ වතුර ටිකක් වත් මන් මේකට නොදා කොමඩු තනිකරම අරගෙනයි මං මේ ජූස් එක හදාගත්තෙ . මොකද මං මේ ගත්ත කොමඩු ගෙඩිය ගොඩක් පැණි රස එකක්..ඒ හින්දා සීනි දාන්න නම් ඕන වුනෙත් නෑ..අනික අපි මේ විදිහට ගත්තම කොමඩු වල ගුණ වලට හානියක් වෙන්නෙත් නෑ.... ඔයාලා දන්නවා ද කොමඩු කියන්නෙ වටිනා සෞඛ්‍ය වාසි රැසක් ලබාගන්න පුළුවන් පලතුරක් කියලා ?

මේ රස්නෙ දවස් වල ඔයාලා කොමඩු ආහාරයට ගත්තම ඔයාලට පුළුවන් මේ ශරීරයේ උශ්නත්වය මදක් සමනය කරගන්න .ඒ විතරක් නෙවෙයි කොමඩු දියරමය ගතිය වැඩි පළතුරක් නිසා නිතර කොමඩු ආහාරයෙන් සමේ තෙතමනය ආරක්ෂා වනවා. ඒ නිසා සම දීප්තිමත්, නිරෝගී පෙනුමකින් තබා ගන්නට පුළුවන්. මේ නිසා වයස්ගත වන විටත් තරුණ පෙනුම රැක ගැනීමට කොමඩු උපකාරී වනවා.

අපේ සිරුරට ගොඩක් වෙලාවට එකතු වන්නේ විෂ දේවල්. අපි එදිනෙදා කන බොන දේවල් වලින් කොතරම් විෂක් අපේ සිරුරේ තැන්පත් වෙනවා ඇතිද? ඔයාලා නොදන්නවා වුණාට කොමඩුවල අඩංගු රසායනයන් මෙම විෂ හරණය කරන්නට විශාල මෙහෙයක් ඉටු කරනවා.එපමණක් නෙවෙයි ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නට, අසාත්මිකතා පාලනය කරන්නට, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර රෝග වැලඳීම අඩු කරන්නටත් කොමඩු උපකාරී වනවා.

ඕන් එහෙනම් කොමඩු කතන්දරේ අදට ඉවරයි ... මං එහෙනම් අලුත් කතන්දරයක් අරන් ඉක්මනටම එන්නම්❤🥰 ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනෙ 😌❤

Rashmi 's Food Diary
21.07.2023

Vuoi che la tua azienda sia il Azienda Di Alimentari E Bevande più quotato a Brescia?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Video (vedi tutte)

දුම් දාන පොලොස් ...🔥🔥🔥රෙසපි එක 👇https://m.facebook.com/story.php?story_fbid=110042472114903&id=100093274502592
53. කිරිබත් පෙරේතයන්ට....❤🏃🏃🏃මෙහෙටනම් හොඳටම වැස්ස ඊයෙ ඉදන් එක සීරුවටම.... ඉතින් උදේ පාන්දරම මගේ පේජ් එකේ top fan කෙනෙක් ...
50. Pork පෙරේතයෝ ටික මේ පැත්තට එන්ඩෝ..😋🏃🏃🏃කවුද කැමති මෙහෙම හදපු pork curry එකක් එක්ක උනුම උනු roast පාන් කන්න??? 😘
46. හතු මේ විදිහට හදමුද...?🥰ඔන්න මං අද ආවේ ඔයාලාට රසම රස හතු එකක් අරගෙන... ඉතින් මෙහෙම හතු හැදුවම නම් බෙදාගත්තු බත් එක ව...
45. බොමුද මේ ගිනි රස්නෙ වෙලාවෙ Avocado smoothie එකක්...?😘අලිගැටපේර පෙරේතයෝ මෙය දකිත්වා....!!!🙏🙏🙏❤❤හදපු විදිහ .....💚හොදින...
ළමාමාමාමායියියි.....කමුද මේ වගේ Ice-cream එකක්????❤❤

Digitare

Sito Web

Indirizzo


Brescia

Altro Cibo e bevande Brescia (vedi tutte)
Percorso LatteSicuro Percorso LatteSicuro
Brescia

Strategie sicure, economiche e sostenibili per la filiera lattiero-casearia

Kai Food Network Kai Food Network
Via Vittorio Emanuele II, 42
Brescia, 25122

Kai food network è il primo marketplace che offre prodotti di nicchia della tradizione italiana

Le torte di Teresa sapori del sud e non solo Le torte di Teresa sapori del sud e non solo
Brescia

Il dolce o un salato, la priorità è usare prodotti di qualità

Eat with magaret Eat with magaret
Via Moretto 23
Brescia, 25030

I eat to put smile on people face

Haji Kasai Haji Kasai
Via Milano 78 Brescia
Brescia

P.o.box P.o.box
Via Delle Battaglie 3b
Brescia, 25122

VAR - Vetro a rendere - Concesio VAR - Vetro a rendere - Concesio
Via Europa, 102/Concesio
Brescia, 25062

L'alta qualità delle migliori birre nazionali e internazionali, con il vetro a rendere 🍻

Lido Galeazzi Beach Bar Lido Galeazzi Beach Bar
Via Lucchino N°6 Sirmione
Brescia, 25019